Uncategorized

අනවසර විදුලි රැහැනක පැටලී ප්‍රථම පෙම් හමුව අවසන් හමුවීම වූ හැටි

යෞවන යෞවනියන්ගේ හිතුවක්කාර තීරණ නිසා කදුලු සලන දෙමව්පියන් අද සමාජයේ බොහෝ සේ දේ දැක ගන්නට හැකිය . හංසිකා සුරාජ් ආදර කතන්දරය ද එවැන්නකි.
මෙම ඛේදාන්ත සිදුවීම සිදු වූයේ කොලොන්න පිටවෙල ග්‍රාමයේයි . කංකානන්ගේ හංසිකා සඳමාලි දරුවන් තිදෙනෙක් යුත් පවුලක බාල දරුවා ය . වැඩිමහල් සහෝදරයන් දෙදෙනා ම විශ්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අතර ඇය අධ්‍යාපනයට උපන් හපන්කම් කියන දැරියකි . කොලොන්න ජාතික පාසලේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇය දීප්තිමත් ශිෂ්‍යාවකි . රටම වෙළා ගත් වසංගත හමුවේ ඇය තම අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට කර ගෙන යනු ලැබුවේ මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ ය .

මීට වසර එකහමාරකට පමණ පෙර ඇය ආදර සම්බන්ධයකට අත්පොත් තැබුවා ය. මුල් කාලයේ දී දැන හදුනගැනීමකින් පටන් ගත් මෙම සම්බන්ධය කාලයාගේ ඇවෑමෙන් ආදර සම්බන්ධයකට පෙරලුනි
.
ඔහු මාතර දික්වැල්ලේ පතන ප්‍රදේශයේ වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් සුරාජ් ප්‍රසන්නයි . ආදරය දළුලා යන කාලයේ දී ඇය විභාගයට පෙනී සිට විභාගය සමත් වීම සම්බන්ධයෙන් සුරාජ් ප්‍රසන්න දැඩි සේ සතුටට පත් විය. එම නිසා මෙම කාලයේ දී සුරාජ්ට අවැසි වී තිබුණේ තම පෙම්වතියට තෑග්ගක් ලබා දීමටයි . තමා විභාගය සමත් වූ හෙයින් තම පෙම්වතා ඇය බැලීමට නිවසට පැමිණෙන බව ඇය තම මව සමඟ පැවසුව ද ඇගේ මව එයට එකඟ නොවීය . එය වැරදි කාරණයක් නොවේ මන්ද තම දියණිය අධ්‍යාපන කටයුතුවල නිරත වන හෙයින් ඇයට තවම මෙවැනි කරුණක් පිළිබඳ තීරණයක් ගැනීමට සුදුසු කාලයක් නොවන නිසාවෙනි .

තම දියණියගේ අධ්‍යාපන කටයුතු අවසන් කරනවා සේම නිවසේ ද වැඩකටයුතු නිම වූ පසු මෙවැනි කාරණයක් පිළිබඳ ව කතා කර ගැනීමට පැමිණෙන ලෙස තම දියණියට පැවසීය. දුරකථනයට සීමාවුණු ඔවුන්ගේ ආදරය හැබැහින් දැක ගැනීමට දෙදෙනාට ම ඇත්තේ නො ඉවසිල්ලකි. රට තුළ ඇති විවිධ සීමාවන් බිඳ ගෙන තම පෙම්වතිය බැලීමට එන සුරාජ් තම ගමනට ඔහුගේ යතුරු පැදිය භාවිතා කරයි
.
තම පෙම්වතා සමග දොඩමලු වීමට හංසිකා ට ඇත්තේ නොමද ආශාවකි. මොවුන්ගේ ආදර කතාබහ මිදුලේ සිදු වන අතරතුරෙ තම දියණිය නොමැති බව වැටහුණු හංසිකාගේ මව වහ වහා තම සැමියාට දන්වා තිබූ අතර දෙදෙනා ම තම දියණිය සොයන්නට විය. තම පෙම්වතා සමග ආදරබස් කතා කරන අතරතුරේ තම දෙමවුපියන් දුටු හංසිකා බිය වී පෙම්වතා සමගින් දිව ගියා ය.
මෙහි අමිහිරි ම අවස්ථාව උදාවන්නේ මින් පසුවයි.

තම දියණිය සොයා ගැනීමට අසල්වැසියන්ගේ ද සහය තිබූ නමුත් ඔවුන්ට එම මොහොතේ එය කරගැනීමට සමත් නොවීය. හංසිකාගේ නිවසට යාබදව ඇත්තේ අනවසරයෙන් විදුලි රැහැන් ඇද ඇති කුරුදු ඉඩමකි. තම දෙමවුපියෝ දුටු පෙම්වතුන් කලබල වී දිව ගොස් ඇත්තේ මෙම ඉඩම දෙසටයි. පසුවදා උදෑසන තම ඉඩමේ ඇද වැටී තිබුනු දෙදෙනා දැක කෑ ගැසූ කුරුදු ඉඩමේ හිමිකරු ගේ බිරිද ඒ බව අසල්වැසියන්ට පැවසූ අතර ඔවුන් ව හදුනා ගැනීමට හැකි විය. සුරාජ් හංසිකා ආදර කතාන්දරය මෙසේ නිම විය.

මෙම ආදර කතාන්දරය නිමවීමට හේතු වූ අනවසර විදුලි රැහැන් ඇදීම පිලිබදව කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික පී.එම් කුමාරරත්න මහතා මෙසේ පැවසීය. “මීට මාස හතරකට විතර ඉස්සර ඔය ඉඩම පැත්තෙන් ඉවසන්න බැරි ගදක් ආවා. බලනකොට ඉඩම වටේට ඇදපු කම්බි දෙකක පැටලිලා බල්ලෝ දෙන්නෙක් මැරිලා”. කොලොන්න පොලීසියට මෙම ඉඩමෙහි හිමිකරු කැඳවා ඉතා දැඩි ලෙස අවවාද කර මෙම විදුලි රැහැන් ගලන ලෙස නියම කල බව කොලොන්න පොලිසිය පැවසීය.

මෙවන් වූ අමිහිරි අත්දැකීම් අද සමාජයේ නොවඩුව දැක ගත හැකි වන්නේ අපේ ම අවාසනාවකට ය. මෙම සිදුවීම අනාගත පරම්පරාවට පාඩමක් කියාදුන්නේය. මොන තරම් යහපත් කෙනෙක් වුවත් තාක්ෂණය තුලින් තම යහපත් ආකල්පයන් පිරිහෙන බව අප කවුරුත් සිතෙහි තබා ගත යුතු කරුණකි. සියලු ම දරුවන් මෙවැනි අත්දැකීම් තම ජීවිතයට පාඩමක් කර ගත යුතුයි.

Leave a Comment