Uncategorized

වැරැද්දක් නොකර ඔහොම ජීවිතයෙන් වන්දි ගෙවන්න ඔයා ලොකු පවක් කරල තියෙන්න ඇති

ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් පාකිස්තානයේ දී පහර දී දිවි අහිමි කළ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා වල තොරතුරු පළ කරල තිබේ.

ඒවායෙහි දැක්වෙන්නේ නබි තුමාගේ පෝස්ටරයක් ඉරා පොඩි කර කසළ බදුනකට දැමූ බවට ප්‍රියන්ත කුමාර මහතාට චෝදනා එල්ල වී ඇති බවයි. ඔහු පාකිස්ථානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටි අතර එම සමාගමේ සේවකයන් පිරිසක් ඔහුට පහර දී මෙලෙස ජීවිතය විනාශ කර තිබුණා.

ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙකු බවට වාර්තා වේ. මෙම ඛේදවාචකය සිදු වී ඇත්තේ ඊයේ දිනයේ පෙරවරුවේ පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේ වසීරාබාද් මාර්ගයේදීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පකිස්ථාන රජයේ බලධාරීන් කනගාටුව පළකර තිබේ. පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය උස්මාන් බස්දර් පවසා ඇත්තේ මෙය ‘අතිශය ශෝකජනක සිද්ධියක් ‘ බවය.

“මේක අතිශය ශෝකජනක සිද්ධියක්. මේ සිද්ධියේ සෑම අවස්ථාවක් ගැනම අපි විමර්ශනය කරනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. නීතිය තමන්ගේ අතට අරගෙන ක්‍රියා කරපු සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා” පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළ තොරතුරු පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි. අදාළ වාර්තාව ලැබුණු පසු ඊට අදාළව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළා.
ඉතින් මෙවැනි සිද්ධීන් නැවත වරක් අසන්නට නොලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment