Uncategorized

මුහුණු පොතෙන් පටන් ගත් ආදරය වංචාවකින් කෙළවර කළ පෙම්වතිය

තාක්ෂණය දියුණු  වනවාත් සමඟම සමාජයද පිරිහීමට ලක් වෙනවා. අද සමාජය දෙස හැරී බැලූ විට සමාජ මාධ්‍ය බොහෝ පිරිසක් භාවිතා කරනවා සේම එයින් බොහෝ දෙනා කරදරයන්ට භාජනය වෙනවා .

මෙවන් වූ අමිහිරි අත්දැකීම් වලට බොහෝ සෙයින් මුහුණ දෙන්නේ තරුණ ප්‍රජාවයි. එබැවින් ඔවුන්ගේ අනුවණ ක්‍රියාවන් ද හැඟීම් වලට වහල් වීම ද තරුණ තරුණියන්ට පොදු වූ කරුණකි.මේ තුළින් සමස්ත තරුණ ප්‍රජාවට ම පාඩමක් කියා දෙයි. මෙවන් වූ අත්දැකීම් දැක බලා තමා නුවණැත්තෙක් සේ ජීවත් වීම අප සැමගේ අපේක්ෂාවයි.

මේ එවැනි සිදුවීමකි. මතුගම ප්‍රදේශයේ 24 හැවිරිදි මොහු වෘත්තියෙන් සූපවේදියෙකි. මුහුණු පොතෙන් පටන් ගත් ආදරය දිගු කාලීන ආදරයක් නොවේ. මාස හතරක් වැනි ඉතා සුළු කාලයක දී නන්නාදුනන  තරුණියක සමග සමඟ ආදර සම්බන්ධයක් පටන් ගෙන තිබෙනවා. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය මුහුණු පොතට පමණක් සීමා වූ එකක් යැයි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා.

මෙම නන්නාදුනන තරුණිය තමාගේ පෙම්වතිය වීමත් සමගම ඇයගේ අවශ්‍යතාවයන් සහ ඉල්ලීම් නොපිරිහෙළා සිදු කිරීම ඔහුගේ අභිප්‍රාය  වූවා. දෙදෙනා ම එකතු වී  ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙසත් එයට බැංකු ගිණුමක් විවෘත කරන ලෙසත් මෙම සැකකාර පෙම්වතිය තම පෙම්වතාට දන්වා සිටියා. අදාළ පෙම්වතිය ගැන කිසිදු සත්‍ය තොරතුරක් නො දන්නා ඔහු  රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හතර ගිණුම් ආරම්භ කර තිබෙනවා.

මෙවන් වූ කෙටි කෙටි කාලීන ආදර සම්බන්ධයක දී තම පෙම්වතිය ගේ ඉල්ලීම ඉටු කිරීමට සමත් වීම මෙම තරුණයාගේ ආදරයෙහි නිර්ව්‍යාජ බවක් දිස්වෙනවා. මෙම රාජ්‍යය හා පෞද්ගලික බැංකු වලින් විවෘත කරන ලද ගිණුම් වල ඒ.ටී.එම් කාඩ්පත් ද කුරියර් සේවා මගින් ලබාගැනීමට මෙම සැකකාර පෙම්වතිය අමතක කළේ නැහැ. මෙම බැංකු ගිණුම්වල ගනුදෙනු සියල්ලක් ම මෙම පෙම්වතිය මගින් සිදුවුණු අතර ඒ පිළිබඳ ව කිසිදු ලෙසකින් සොයා බැලීමට ඔහු උනන්දු  වූයේ නැති බව පොලිසිය සඳහන් කරයි.

එසේම ගිණුම තුළ සිදු වන සෑම ගනුදෙනුවක දීම තම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණු බව ද පෙම්වතා පොලිසියට පවසා තිබේ.  එවන් අවස්ථාවක දී වුවද මුහුණු පොතෙන් හමු වූ පෙම්වතිය පිළිබඳ  සැකයක් උපදවා ගැනීමට මෙම තරුණයාගේ සිත සමර්ථ වූයේ නැත.

මෙම ජාවාරමට සම්බන්ධ බව කියන මෙම සැකකාර පෙම්වතිය සොයා මොරටුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  පරීක්ෂණ පවත්වයි.

Leave a Comment