Uncategorized

අයියයි නෑනයි පැරෂුට් එකේ ඉහළට යද්දී එක පාරටම කඹය කඩාගෙන ගියා

විනෝදයට සිදු කරන ඇතැම් දේවල් විපතකින් කෙලවෙර වන අවස්ථා දකින්න ලැබෙනවා. විනෝදාශ්වාදය විඳ ගත්තද එය බොහොම පරිස්සමට විද ගත යුතුයි. අද සමාජයේ මිනිසුන් විනෝද චාරිකා ගොස් විනෝද වනවා වගේම අනතුරුවලටත් බොහෝ විට ලක් වෙනවා. දිය රකුසාට බිලි වීමනම් වැඩි පුරම අහන්න ලැබෙන දෙයක්. ඉතින් එවැනි විපත්ති වලට මුහුණ නොදී සිටීමට සැලකිල්ලෙන් ජීවත් විය යුතුයි.

මේ කියන්න යන්නේ එවැනි අවාසනාවන්ත සිදු වීමක්. ඒ විනෝදයට සැමියා හා බිරිඳ පැරෂුට් එකකින් ඉහළට යන විට මුහුණ දුන් අකරතැබ්බයක් පිලිබදවයි. එය වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන්. වයස අවුරුදු 30ක් වන Ajit Kathad සහ Sarla Kathad වයස අවුරුදු 31කි. ඔවුන් විවාහක යුවලක්.

මෙම දෙදෙනා මෙම පැරෂුට් අනතුරට මුහුණ දෙන්නේ අහඹු ලෙසය. පැරෂුට් එක පොළොවෙන් ඉහළට අඩි දෙසීයක් තුන්සීයක් පමණ යද්දි ඇසිපිය හෙලන සැණින් පැරෂුට් එකේ කඹය කඩාගෙන ඒ දෙපළ අනතුරට ලක්වෙනවා. මුහුදෙන් ඉහළ අහසේ බොහෝ දුරක් ගොස් පාවෙමින් බිමට පතිත වුවත් ඒ සැණින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට බෝට්ටුවකින් පිරිසක් ගමන් කර තිබෙනවා. එය කඩාගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මේ දිනවල සංසරණය වනවා. එය වීඩියෝගත කර තිබෙන්නේ මෙම අනතුරට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයෙක්. එම වීඩියෝවේ මෙලෙස සදහන් වී තිබුණා.

අයියයි නෑනයි පැරෂුට් එකේ ඉහළට යද්දී එක පාරටම කඹය කඩාගෙම ගියා. එයාලා කෑගහන සද්දෙ ඇහුණා, ජීවිතාරක්ෂක කබායක් ඇදගෙන හිටපු නිසා අපි හැමෝම හිත හදාගත්තා. ඔවුන්ගේ ජීවිතයට හානියක් වෙන්නෙ නැති වෙයි කියලා. කඹය කඩාගෙන යනවත් එක්කම බෝට්ටුවකින් පිරිසක් ඔවුන් ඇදීගෙන ගිය දිසාවට ගොස් ජීවිතේ බේරා ගන්නට සමත් වුණා. සුළගේ වේගය වැඩි නිසයි කඹය කැඩිල තියෙන්නේ. තුවාලයක්වත් නැතුව ජීවිතේ බේරගත්ත ඒ දෙන්නා වාසනාවන්ත වුණා. නමුත් දෙන්නම දැඩි කම්පනයෙන් පසු වුණා. අක්කට ටික වෙලාවක් යනකල් කතා කරන්න බැරි වුණා. අදාල ආයතන ගැන අයියා පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියත් පැමිණිල්ලක් නොදා නැවත ආවා. පවුලේ අය කම්පනයෙන් පසුවූ නිසා.

මෙලෙස මෙම පැරෂුට් අනතුරට මුහුණ දුන් පුද්ගලයාගේ සොහොයුරා මාධ්‍යයට පවසා තිබුණා. විනෝදය සතුටින් සමරන ගමන්ම තමන්ගේ පරිස්සම ගැනත් අනිවාරෙන්ම සිතිය යුතුයි. එවිට සැබෑ සතුට අත් විදිය හැක. සැබෑ විනෝදාශ්වාදය තිබෙන්නේත් එතනයි.

Leave a Comment