Uncategorized

ලොවක් හැඩ වූ ඒ අතිශය සංවේදී කතාවක්

මේ ලෝකෙ මිනිස්සු හරි පුදුමයි. සමහර වෙලාවට ඒ අය කරන කියන දේ අපට අදහා ගන්න අමාරුයි.
මේ කතාව මට හම්බුනේ මුහුණු පොතෙන්. මුහුණු පොතේ එහා මෙහා යන ඔබටත් මේ සුන්දර ඡායාරූප මුණගැහෙන්නට ඇති. එහෙත් ඔබ හිතන්න නැතුව ඇති මේ කතාව පිටිපස්සේ බොහොම සංවේදී සිදුවීමක් තියෙන බව . මේ කතාව පටන්ගැන්ම 2015 අවුරුද්දේ . මේ තියෙන්නෙ ඒ අම්මාගේ කතාව. නිවුන් දරු පැටවුන් දෙන්නෙක් බිහි කරන්න හිටපු ඇය කරපු උතුම් පරිත්‍යාගය ගැන අපි දැන් විමසා බලමු.


තිස් දෙහැවිරිදි ඒ මල්ලි සහ 51ක් හැවිරිදි ස්වාමි පුරුෂයා හට ගැබ්ගෙන සිටින නිවුන් දරුවන් පිළිබඳව සති දහතුනකට පසුව වෛද්‍යවරුන් පැවසුවේ දෙදෙනාගෙන් එක් අයෙකු මොළය සහ හිස් කබල වර්ධනය වීම වළක්වන ඇනෙන්ස්ෆලි රෝගයෙන් පෙලෙන බවයි. එය මාරාන්තික තත්ත්වයක් වන බවද වෛද්‍යවරු පැවසුවා. උපතින් පසු සුළු කාලයකින් මරණයට පත්වන මෙම රෝගය නිසා වෛද්‍යවරු යෝජනා කළේ ගබ්සාවක් කිරීමටයි. නමුත් මේ එමා සහ ඩ්‍රෑ එය ප්‍රතික්ෂේප කළා . ඇය දරුවා ප්‍රසූත කිරීමට තීරණය කළ අතර මිය යාමෙන් පසු එක් වකුගඩුවක් සහ අක්මා සෛල පරිත්‍යාග කළා. ඇය කළ එම ක්‍රියාව මගින් තවත් කුඩා ළමයින් කිහිප දෙනෙකුට එළිය දැකීමට වාසනාව හිමි වුණා.
බලාපොරොත්තුව ඉපදීම ඉතා හොඳ නමුත් ඒ සමගම හද කම්පා කරවන සුළු දෙයක් වූයේ ඇය ජීවත් නොවන බව මම දැන සිටි බැවිනි . ජීවත්ව සිටින තාක් එම මිනිත්තු මතක තබා ගන්නෙමි. ඇය මිය යන විට ඉතා සාමකාමීව සිටියා . ඒ වෙලාවේ එයාගේ ඇස් ඇරිලා තිබුණ නිසා මම එයාගේ පියන වැහුවා .ඇගේ ඇස් ලස්සනයි නිල් පාටයි.ඒක හරිම මොහොතක්. අපේ පුංචි කෙල්ල වීරයෙක් කියලා අපිට දැනෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ මෙම කතාපුවත පිටුපස තිබෙණ අතිශය සංවේදී කතා පුවත කාගේත් සිත් සංවේදී කරන්නට වුණා.

Leave a Comment