local news

ගෙදරට ආගිය තරුණයා 15 හැවිරිදි දැරිය අඹුකමට අරගෙන

දරුවන් මල් වගේ කියලයි කියන්නේ. ඒ නිසා අපි දරුවන් ඇස් දෙක මෙන් රැක ගන්න ඕන. ඇස් පිල්ලමක් ගහන ක්ෂණයෙන් කෙනෙකුගේ ජීවිතයක් විනාශ විය හැකිය. එම නිසා දරුවන් පණ මෙන් රැක බලා ගත යුතුයි. මෙහි දී පවසන්නේ ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන් පවා අපි ආරක්ෂා කල යුතුයි.

දෙමාපිය ඇසුරේ සිටින දරුවන් මෙන්ම කාත් කවුරුත් නොමැති දරුවන්ද රැක බලාගත යුත්තේ ඔවුන්ද දරුවන් නිසයි. මේ රටේ වැඩිහිටි නිවාස ඉදිවී ඇත්තේ දෙමාපියන්ට නො සලකන දරුවන් සිටින නිසයි. එවැනි අවාසනාවන්ත දරුවන් සිටින මව්වරුන්ට අවසානයේ උරුම වන්නේ මහලු මඩම්වලයි. ඒ වගේම ළමා නිවාස බිහි වී තිබෙන්නෙත් දරුවන්ගේ ඕන කමට මෙලොවට බිහි වූවා වගේයි.

මෙලොවට බිහි වෙන දරුවන් අම්මෙක් තාත්තෙක් බලාපොරොත්තු වෙනවා වගේම හොද පවුලක් බලාපොරොත්තුවෙන් මේ ලෝකෙට එනවා. ඒත් තම අලුත උපන් බිලිඳාව කුණු කූඩෙට දාන අම්මලත් ඒ වගේම ගඟට විසි කරන අම්මලත් මේ රටෙහි කොතරම් ඉන්න වද. එලෙස දරුණු හිතක් අම්මෙකුට තිබිය හැකිද.

අහිංසක දුප්පත් අම්මලා තමන්ගේ දරුවන් පණ මෙන් රැක බලා ගන්නවා. ඒ වගේම තමන්ගේ දරුවන් පිලිබදව කිසිම සොයා බැලිල්ලක් නැති මව්වරුනුත් සිටියි.

අද සමාජයේ දුෂණ කිරීම් බොහෝ සෙයින් අසන්නට ලැබෙන පුවතක්. පියා විසින් තම දුව දූෂණය කිරීම එසේම සීයා විසින් තම මිනිබිරිය දූෂණය කිරීම වැනි සමාජය පිළිකුල් කරන ක්‍රියාවන් බහුතරයෙන් අහන්න ලැබෙන්නේ සමාජයේ ම ඇති දුර්වලතාවයන් නිසයි. වර්තමාන තාක්ෂණය දියුණු වනවාත් සමගම සදාචාරාත්මක ක්‍රියාවන්ද පිරිහෙනවා.

මේ කියන්න යන්නේ පහළොස් හැවිරිදි බාල වයස්කාර දියණියක් තිස් තුන් හැවිරිදි තරුණයෙකු විසින් දූෂණය කිරීමකි. මීට මාස තුනකට ඉහත දී සිදු වූවක් බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. මෙම දැරිය දූෂණය කල බව කියන තිස් තුන් හැවිරිදි තරුණයා ඉහත කී පහළොස් හැවිරිදි දියණියගේ නිවසට නිතර ආගිය කෙනෙක්. මෙම දියණිය නවය ශ්‍රේණියේ ඉගනුම ලබන කුඩා දැරියකි. ඉකුත් 6 වැනි දින දැරිය පුංචි ගේ නිවසට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.
නමුත් ඇය නැවත පැමිණි නොමැති හෙයින් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. දැරිය යතුරුපැදියකින් ඉහත සදහන් කල සැකකරු සමග ගොස් තිබෙනවා. පසුව දැරිය සමගින් සැකකාර තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැරියව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඇති අතර ඇය දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වෙනවා.

මේ සඳහා අනුබල දුන් දැරියගේ මවද අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි. සැකකරු හා දැරියගේ මව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
තම දරුවාගේ ජීවිතය විනාශ කිරීමට උල් පන්දම් දෙන මව්වරු මේ මිහිපිට සිටින වාද. මෙය කෙසේ අදහා ගත හැකිද. තමන්ගේ දරුවා පිටස්තර තරුණයන්ගෙන් මුදවා ගැනීමට වෙහෙසෙන උතුම් මව්වරු අතරේ මෙලෙස තම දරුවා මකර කටට ලං කරන මවුවරුත් මේ මිහිපිට සිටිනවා. එයට කදිම උදාහරණයක් ලෙස මෙය පෙන්වා දෙන්න පුලුවන්. මේ අහිංසක දැරියගේ ජීවිතය පටන් ගත්තා පමණි. ඒත් එය ආරම්භයේ දීම විනාශ වූවා. දෙමව්පියන් තම දරුවන් පිලිබදව මීට වඩා සැලකිල්ලෙන් සිටිය යුතුයි. එවිට තම දරුවන් විනාශ නොවී මල් මෙන් සුරැකෙයි.

Leave a Comment