local news

මනමාලයෙකු එන පුවත ඇසූ මනමාලිය තුවාල ලබා රෝහලේ – ඇතුගල්පුරයෙන් ඇහෙන අමුතු ම කතාව මෙන්න

ජෝතිෂ්‍ය වේදය විශ්වාස කරන අය අතර අවිශ්වාස කරන සමහරුන් ද ඇත. අපල පිළිබඳවද පුද්ගලයන්ගේ මතයන් විවිධාකාරයි. යම්කිසි හෝ කරදරයක් පීඩාවක් සිදු වුවහොත් බොහොමයක් මිනිසුන් සිතන්නේ එය අපලයක් පල දීමක් ලෙසයි. ඉතින් කඩි මුඩියේ අපලවලට සෙත් ශාන්ති සිදු කරයි.

විවාහයකදි ද දරුවන් හට විවාහය ප්‍රමාද වීම ඔවුන්ගේ ඇති අපලයක් බව ඇතමෙක් විශ්වාස කරනවා. ඒ සඳහා විවිධාකාරයේ ශාන්තිකර්මයන්, වැනි අපල දුරු කරන පිළිවෙත් සිදු කරනවා. එලෙස සිදු කරන්නේ අපල දුරු වී යහපත් විවාහයක් සිදුකර සිදු කර ගැනීමටයි.

මේ විදිහට විවාහය ප්‍රමාද තරුණියකට සිදු වූ අමුතු ම කතාවක් තමයි මේ. මේ අපට අසන්නට ලැබුණේ ඇතුගල්පුරයෙන් ය. ඇය ඉතාමත් ප්‍රියමනාප තරුණියකි. නමුත් මෙලෙස ප්‍රියමනාප තරුණියක් වුවත් ඇයගේ විවාහ කටයුතු ප්‍රමාද වෙයි. මනමාලයන් කිහිප දෙනෙකුගෙන් මංගල යෝජනා පැමිණි අද ඒ සියල්ල අසාර්ථක විය. මේ විදිහට රූමත් කාන්තාවක් වෙලත් ඇයට මංගල යෝජනා ප්‍රමාද වන්නේ ඇයි දැයි දෙමව්පියන් ද පවුලේ සියලු දෙනාම දැඩි කනස්සල්ලෙන් පසුවිය.

දෙමව්පියන් සිත් තැවුලෙන් පසු වන්නේ ඔවුන්ගේ නික්ම යාමෙන් පසුව දියණියට කවුරුන්ගේ සරණක්ද කියයි. ඉතින් එලෙස කාලය ගත ගත වෙද්දී ඇයගේ හදහන් බැලීමේ දී ඇයට දරුණු අපල ඇති බව පවසා එයට ශාන්ති කර්මයක් සිදු කළ යුතු බව දෛවඥයෝ පැවසුවා. බිය වූ දෙමව්පියෝ දෛවඥයන් කියූ දේ අසා ඔවුන්ට ම සුදුසු ශාන්ති කර්මයක් සූදානම් කරන ලෙස කියා සිටියා.

දින කිහිපයක් යන තුරු දෛවඥයෝ පැවසූ ආකාරයට ම ඔවුන් මස් මාංශ වලින් වැළකී ආරක්ෂා වී පිළිවෙත් එලෙස ම රැක ඇත්තේ පවුලේ සියලු දෙනාම තරුණියගේ විවාහය සිදු නොවීම පිළිබඳව කනස්සල්ලෙන් සිටි නිසයි. ඔවුන් ඒ කිව්ව ආකාරයටම පිළිවෙත් පුරා තම දියණියගේ අපල දුරු වීමට අධිෂ්ඨාන කර ගත්තා.

කාලය ගත වුණා. දිනක් තරුණියගේ පියා රැකියාව කරන ස්ථානයට කපු මහතෙක් පැමිණ ඇයගේ දියණියට මංගල යෝජනාවක් රැගෙන ආවා. කපු මහතා කියූ ඒ පණිවිඩය අසා මේ පියාණන් දැඩි ලෙස සතුටට පත්වුණා. ඔහුට අවශ්‍ය වූයේ මේ සුබ පණිවිඩය නිවසේ අයට හැකි ඉක්මනින් පැවසීමටයි. ඉතින් රැකියාව නිම වී ගෙදර ආ තරුණියගේ පියා එය තරුණියට පැවසූ විට ඇයගේ ඉහේ මලක් පිපුණා වගේ දැඩි සතුටට පත්වුණා.

තමා විතරක් නොව ඒ පණිවිඩය තම මවටත් පැවසීම ප්‍රමාද නොකර සිදු කළ යුතු හෙයින් තම මව නිවසේ සිටි දැයි බැලුවා. ඒ වන විට තරුණියගේ මව අසල්වැසි නිවසකට ගොස් ඇති බව දැන ගත් තරුණිය වහ වහා මවට මෙම සුබ පණිවිඩය කීමට දිව ගියා. එලෙස දිව ගිය තරුණියට සිදු වූයේ කවුරුත් නො සිතූ ඉරණමකි. දැඩි සතුටට පත් වූ ඇයගේ දිවීමේ වේගය වැඩි වූ නිසා ඇයගේ පය ගලක වැදී ඈ බිම ඇද වැටුණා.

එය දැනගත් පවුලේ සියල්ලෝ ම ඇය රැගෙන රෝහලට ගොස් තිබෙනවා. එහි දී අස්ථි බිදීමක් තිබීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර තිබෙනවා. මේ සිද්ධිය කපු මහතාට දැනුම් දීමට මනාලියගේ පාර්ශ්වයට නො හැකි වුණා. එය නො දන්න කපු මහතා මනාල පාර්ශ්වය සමගින් මනාලියගේ නිවසට පැමිණියා.


නමුත් කිසිවෙකුත් එහි නො සිටි හෙයින් මොවුන් නිවස වටා විමසිලිමත් කළා. මෙවැනි වැදගත් දිනයක දී කිසිවකුත් නිවසේ නො සිටි නිසා මනාල පාර්ශ්වය අන්ද මන්ද වී තිබුණා.
විවාහයක් සිදුවීම සඳහා ශාන්ති කර්මයක් කිරීමෙන් අනතුරුව එහි උණුසුම මැකී යාමට මත්තෙන් මනාලයකු ඇය බලන්නට එන පුවත අසා ඇය අපමණ සතුටට පත්ව දිව යන අතරවාරයේ දී ඇද වැටී කකුල කැඩී රෝහල් ගත කර ඇති බවත් ඇයට හන්දි බිදීම් සිදුව තිබෙන බවත් අසල්වාසීන්ගෙන් දැන ගන්න කපුවා සමග පැමිණි මනාලයා ඇතුළු පිරිස පැමිණි වාහනයට කුලී ගෙවා ගෙන ආපසු යන්න ගියා.

හරි අරුම පුදුම සිදුවීමක් තමයි මේ අහන්න සිද්ධ වුණේ. සතුටක් ඇති වූ විට එම සතුට සැමරිය යුත්තේ තමාටත් කිසිවකුටත් හානියක් සිදු නොවන අයුරිනි. නමුත් මෙය සිතා මතා කළ ක්‍රියාවක් නොවන හෙයින් මෙය අහඹු ලෙස සිදු වූ ක්‍රියාවකි. එබැවින් දෙයක් කරන විට ඉවසිල්ලෙන් සිතා බලා කටයුතු කළ යුතුයි.

Leave a Comment