local news

‘අද ඉදලා මගේ ජීවිතේ හිරුත් ඔයා, සදුත් ඔයා, තරුත් ඔයා’ මගේ ජීවිතේ සරතුත් ඔයා, පියලුත් ඔයා, කමලුත් ඔයා’ මංගල දිනයේදී පළමු හාදුවෙන් විවාහය කෙලවර වූ හැටි

විවාහ වෙන ජෝඩුවක් ආසාවෙන් බලන් ඉන්නේ ඔවුන්ගේ මංගල දිනයේ මධුසමය ගත කරන්න. ඒක විවාහ වෙන සෑම යුවලකගේ බලාපොරොත්තුවක්. මංගල දිනයට ඇගිලි ගනිමින් ඉන්න දෙදෙනෙක් මධු සමයටත් ඇගිලි ගනින බවනම් නොරහසකි.
ආදරය කරල විවාහ වෙන අය වගේම යෝජනා විවාහත් තිබෙනවා. ඉතින් ගොඩ දෙනෙක් සිතන්නේ ආදරය කරලා විවාහ වෙනවා කියන්නේ විවාහය සාර්ථකයි කියන එකටයි කියලා. නමුත් එය එසේම කියන්නට බැහැ. මොකද යෝජනා විවාහත් සාර්ථක වෙන බව අද සමාජය මොනවට සාක්ෂි දරයිද.

ඒ කෙසේ වෙතත් විවාහයකට සැරසෙන විට මධු සමයට සැරසෙන්නත් ඔවුන්ට සිදු වෙනවා. මේ කියන්න යන්නේ විවාහයට සැරසෙන යුවළකගේ මධු සමය දිනයේදීම ඔවුන්ගේ විවාහය කෙලවර වූ හැටි.

පමණට වඩා අවංකවීමට ගොස් මංගල රාත්‍රීයේදීම මධු සමයත්, මංගල්‍යත් දෙකම අහිමි කරගත් මනාල යුවළක් පිලිබද තොරතුරු වාර්තා වෙනවා. මනාලයා රජයේ සේවකයෙකි. විසි හය හැවිරිදි ඔහු කඩවසම් තරුණයෙකි.

තරුණිය ඇඟලුම් කම්හලක සේවය කළාය. විසි හතර හැවිරිදි ඇය රූමත් රූප සොභාවක් ඇත්තියකි. දෙදෙනා මුණ ගැහුනේ යෝජනාවකට අනුවයි. ඉතින් ඔවුන්ගේ මුවෙන් පිටවෙන වදන් හරි ආදරබරයි.
‘ඔයාටනම් ගොඩක් කෙල්ලො ඉන්නැති’
කුලුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමලුවකදී මනාලිය කීවාය.

‘ඉස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හමුවෙච්ච පළමු කෙල්ල ඔයා තමයි’
ආදර බවින් යුතුව ඔහු ප්‍රකාශ කලේ පිවිතුරු ආදරයකට ඔහු හිමිකම් කියන බැවිණි. ඔහුගේ ආදරය හරිම පිවිතුරු බැව් ඔහුට ඔප්පු කරගන්න ට ඕන විය. මනාලිය කියූ දේ ඇසූ මනාලයාට ඇය පිලිබදව ආදරය ඇති වූයේ නිතැතිනි.
“ඇත්තමයි කියන්නේ මට නම් කිසිම සම්බන්ධයක් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමති වුණේ නෑ. මගේ ෆස්ට් ලව් එක ඔයා”

තමා කුලුදුල් ආදරයකට හිමිකම් කියන බැව් වැටහුණු මනාලයාට කියාගන්න බැරි තරමේ සතුටක් සිතට ආවේ මේ තරුණියගේ වදන් ඇසීමෙන් පසුවයි. ඉතින් දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවීය. ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාටම දැනුනි. නගරයේ මනරම් විසල් හෝටලයක ජයටම මංගල උත්සවය පැවැත්වීමෙන් පසුව මධු සමය සදහා නව යුවළ ගියේ සීතල කදුකරයේ හෝටලයකටයි.

මොවුන් පමණක් නොව ගොඩක් පෙම්වතුන් තම මධුසමය ගත කිරීමට තෝරාගන්නේ මෙවැනි නිදහස් නිවල් පරිසරයන්‍. ජීවිතයේ පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වීම සම්බන්ධයෙන් දෙදෙනාටම දැනුනේ අප්‍රමාණ ප්‍රීතියක්. හෝටල් කාමරයට ගිය සැණින් මනාලිය වැළඳ ගත් මනාලයා උතුරන සතුටෙන් මෙසේ කීවා.
‘අද ඉඳලා මගේ ජීවිතේ හිරුත් ඔයා, සදුත් ඔයා, තරුත් ඔයා’
මේ කියන්නේ හිරු සදු තරු ගැන නොව මනාලයා මීට පෙර යාලු වී සිටි ගැහැණු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් මනාලිය ‘මගේ මහත්තයා මට අවංක වුණා වගේම මමත් අවංක විය යුතු’ යැයි සිතූ මනාලිය මෙසේ කීවාය.
‘ඇයි අනේ ඔයාට විතරක්ද අද ඉඳලා මගේ ජීවිතේ සරතුත් ඔයා, පියලුත් ඔයා, කමලුත් ඔයා’ මෙය කියා ගත වූයේ නිමේෂයකි. මනාලයාගෙන් මනාලියට කම්මුල් පහරක් එල්ලවිය.

‘තමුසේ නටන්න ඕනෑ නාඩගම් නටලා මාවත් රැවැට්ටුවා. තමුසේ වගේ ගෑනියෙක් මට එපා දැන් ම ගෙදරට කතා කරලා තමුසෙගේ ගෙදරට යනවා’
උරණ වූ මනාලයා එසේ කියා වෙනත් කාමරයක් කුලියට ගෙන එහි නිදා ගැනීමට ගියා. මධු සමය තුළදී තම මංගල ජීවිතය නිමා කරන්නට සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් තමයි මේ.

Leave a Comment