local news

කාම යක්ෂ දෝෂ දුරු කරන්න යහන්ගත වෙන්න ඉල්ලූ වාරියපොල කට්ටඩියා

ජීවිතේ යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් පැන නැගුණු විට සැවොම දුවන්නෙ දේවාල ගානේ. අපල උපද්‍රව දුරු කර ගැනීමටත් ජීවිතයේ ඇති පීඩාකාරී තත්ත්වයන් වල දීත් සහය පතන්නේ මේවා තුළිනි.
නොපෙනෙන බලවේගයන් ඔස්සේ තම ජීවිතයේ ඇති ගැටලු විසඳා ගැනීමට මිනිසුන් පෙලඹෙන්නේ කොයි අතකින් හෝ ඔවුන්ට සරණක් අවැසි නිසයි. මෙම ස්ථානවලට මිනිසුන් මුදල් වියදම් කරන්නේ ද නිර්ලෝභී තවයි. ඒ එයින් සහනයක් බලාපොරොත්තුවෙනි.


මේ කියන්න යන්නේ දරුවෙකුගේ දෝෂයක් දුරු කිරීමට සිදු කල පිළියමක් පිළිබඳවයි.
දැරණියගල ප්‍රදේශයේ වෙසෙන ඍෂිවරයකු යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඔහු තමන්ගේ මනසට සියලු සිදුවීම් දෘශ්‍ය වන බව පවසනවා. එම ප්‍රදේශයේ කාන්තාවක් වසර තුනක් වයසැති තම පුතුගේ කාම යක්ෂ දෝෂයක් නිසා මෙම සෘෂිවරයා යැයි කියූ පුද්ගලයා අසලට රැගෙන ආවා. මෙම කට්ටඩියාගේ නියමය පරිදි මෙම කාම යක්ෂ දෝෂය දුරු කිරීමට ඔහු සමඟ පැය දෙකක කාලයක් පුරාවට යහන්ගතවීමට අවුරුදු තිහට අඩු එක් කාන්තාවක් සඳහා රුපියල් දස දහස බැගින් මුදල් ගෙවා රැගෙන යාමට යෝජනා කලා.
මොහු පැවසූ ආකාරයට මෙම දරුවාට වැළඳී තිබෙන කාම යක්ෂ අමනුෂ්‍ය දෝෂය ඉවත් කර දරුවා සුවපත් කිරීමට අවුරුදු තිහට30 ට අඩු වයස ඇති කාන්තාවක් සමඟ මසකට වරක් පැය දෙකක කාලයක් යහන් ගත වීම සිදුවිය යුතු යැයි දරුවාගේ දෙමාපියන්ට පවසා තිබුණා.


මෙම කාමදෝශය දුරු කිරීමට වසරක පමණ කාලයක් පුරා යකැදුරා මෙසේ වාරියපොල ප්‍රදේශයේ නියමිත ස්ථානයක දී දරුවාගේ මව සොයා දෙන කාන්තාවක් සමග යහන් ගත වී ඇති බවට තොරතුරු අනාවරණය වුණා.
මේ බව ඉමියන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු පසුගිය දා වාරියපොල පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරයට පැමිණිලි කර තිබුණා.
මෙවන් වූ අදෘශ්‍යමාන බලවේගයන් හමුවේ මෙලෙස රැවටී අකාලයේ වැඩකට නැති දේ සිදු නොකර බුද්ධිමත් ව සිතා බලා කටයුතු කළ යුතුයි.

Leave a Comment