local news

විදුලිසැර වැදුණු මව ගෙට දමා කල ඒ අසල්වැසියාගේ සාහසික ක්‍රියාව

බිලිඳෙක් වී ඉපදෙන්නේ මහල්ලෙක් වී මිය යෑමට මරණයත් අතෙහි තබා ගෙනයි. තම ජීවිතය කවදා කොතනදී නිම වෙයිද කියා අපි කවුරුත් දන්නැහැ. ජීවත්ව සිටිනකම් ජීවිතේ ගැටගහගන්න පොරබදින මිනිසුන් මේ ලොවෙහි කොතරම් ඇතිද. තම පවුලේ උදවියත් සමගින් සතුටින් කාලය ගත කිරීමටයි සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේ. දරුමල්ලන් ජීවත් කරවීමට වෙහෙසෙන පියවරුන් මව්වරුන් කෙසේ හෝ රැකියාවක් සිදු කොට ඔවුන්ව පෝෂණය කරන්නේ තමාගේ යන හැඟීම නිසයි.

කාත් කවුරුත් නැති තනිව ජීවත් වන කාන්තාවකට සිදු වූ ඉරණම තමයි මේ කියන්න යන්නේ. වයස අවුරුදු 72ක් වන එක් දරු මවක් නිවසේ තනිවම ජීවත් වනවා. ඇය අසල්වැසි පුද්ගලයෙකු විසින් වගා ආරක්ෂාව සඳහා යොදා තිබුණු ආරක්ෂිත විදුලි වැටකින් විදුලි සැර වැදීම හේතුවෙන් ජීවිතය අහිමි වී තිබෙනවා.

නමුත් මෙම වගාවට ආරක්ෂිත විදුලි වැටක් යෙදූ පුද්ගලයා මෙම කාන්තාව ඇගේ නිවසට දමා ගිනි තැබූ බවයි පසුව වාර්තා වන්නේ. ඔහු එසේ කරන්නට ඇත්තේ ඔහුගේ ආරක්ෂිත විදුලි වැට තුළින් ඇගේ ජීවිතය විනාශ වූ නිසා වෙන්නට ඇති. මෙම කාන්තාවගේ දිවි අහිමි වීම නිවසේ ගින්න හේතුවෙන් සිදු වූ බව පෙන්වීමට සැකකරු උත්සහ ගෙන තිබෙනවා. ඒ නිසා ඔහු මෙසේ නිවසට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර අත්අඩංගුවට පත් සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

නීතියෙන් තමාගේ බේරීම සඳහා මේ සිදු කළ ක්‍රියාව කිසිවකුත් එකඟ නොවන ක්‍රියාවක්. අසල්වැසියකු ට කරදරයක් විපත්තියක් සිදු වූ විට එයට උදව් උපකාර කරනවා වෙනුවට මෙවැනි ක්‍රියා සිදු කොට මුළු මහත් සමාජයටම තමන් පිළිබඳව පිළිකුලක් ඇති කරවීමට සිදුකරන මෙවැනි අසල්වැසියන්ගෙන් ආර්ක්ෂා වී ජීවත් වීමට අපි කවුරුත් වගබලා ගත යුතුය. තම වගාව ආරක්ෂා කිරීම සදහා අනවසර විදුලි රැහැන් ඇදීම තහනම් දෙයක් නිසා මොහු මෙවැනි දෙයක් සිදු කරන්නට ඇති. අනවසර විදුලි රැහැනකින් සිදු වූ ප්‍රථම අනතුර මෙය නොවේ. තම වගාව ආරක්ෂා කරගන්නවා නම් එය තමන්ටත් අනුන්ටත් හානියක් නොවන සේ සිදුකර ගැනීමයි වැදගත් වන්නේ. තමා අවට සිටින මිතුරන් සේ පෙන්වන සතුරු මිනිසුන් අද කාලයේ බොහෝ සෙයින් දක්නට සිටිනවා. එවැනි අයගෙන් බේරී ජීවත්වීමට අවට පිළිබදව අවධානයෙන් ජීවත් විය යුතුයි.

Leave a Comment