local news

මග බලන් ඉන්න දරුවන් පස්දෙනාට ටටා බායි කියු අම්මා

දරුවො හරි අහිංසකයි. කෙනෙක් ඉපදෙනකොට ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය යන මේ කිසිවක් පොදි බැදන් මේ ලෝකෙට බිහි වෙන්නේ නෑ. ඉතින් හිස් අතින් එන අපිට හිස් අතින්ම ආයේ යන්න වෙනවා. ඉන්න ටිකේ හොදක් කලොත් යනකොට ඒක හරි තියෙයි කියල කියමනක් තියෙනවනේ. ඉතින් දරුවන් මල් කැකුලු වගේ ආරක්ෂා කරන දෙමවුපියො අතරේ තම දරුවන් කුනු කූඩයට දමන අම්මලත් මේ සමාජයේ නැතුවාම නොවේ.

ඉතින් එවැනි අම්මලා ඉන්න ලෝකේ දරුවන් නැතිව දුක් විද විද දේවාල ගානේ දුවන අම්මලත් ඉන්නවා. කෙනෙක්ට ඉන්නකොට අගේ නැති නැති වුණාම අගේ දැනෙන දෙයක් විදියටත් දරුවන් හදුන්වන්න පුලුවන්. ඉතින් දරු සම්පත මහමෙරක් වගේ හිමිකම් කියන අම්ම කෙනෙක් කල අකටයුතුකමක් තමයි මේ.

වාරියපොළ, අඹකඩවල ප්‍රදේශයේ අතුරුමාර්ගයක කුඩා දරුවන් පස් දෙනෙකු අතරමං කර දමා පලා ගිය 37 හැවිරිදි මවක් අත් අඩංගුවට ගැනීම සදහා වාරියපොල පොලිසිය ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පුළුල් පරීක්ෂණයක් අරභා තිබේ. මෙම දරුවන් වයස අවුරුදු 2,4,6,8,10 පසුවන දරුවන් වන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු වන බවත් පොලිසිය පවසයි.

4වැනි දා අඹකඩවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක දරුවන් පස් දෙනෙකු සිටින බවට එම ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට ගිය වාරියපොළ පොලිසියේ නිලධාරීන් එම දරුවන් සිය භාරයට ගෙන තිබුණා. තම මව අදාළ අතුරු මාර්ගයට රැගෙනවිත් දමා පිටව ගිය බව වැඩිමල් දරුවන් පොලිසියට පවසා තිබුණා.

මෙම කාන්තාව අනියම් ඇසුරක් පැවැත් වූ බව කියන පුද්ගලයෙකු සමග පළාගොස් ඇතැයි අනාවරණය වූ බව පොලිසිය කියයි. දරුවන් සියලු දෙනා පරිවාස භාරයට පත් කිරීමට නියමිත බව පවසන පොලිසිය දරුවන් අතරමං කර දමා පලා ගිය මව සොයා විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment