local news

එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරමින් දාසය හැවිරිදි පාසල් සිසුවා කළ බිහිසුණු රියඅනතුර

අද සමාජයේ රිය අනතුරු බහුලව දක්නට ලැබෙනවා. එයට හේතුව රියදුරන්ගේ නොසැලකිලිමත් කම නිසයි. රියදුරන්ගේ නොසැලකිලිමත් කම නිසා අහිංසක පවුලක සතුටයි අකාලයේ නැති වෙන්නේ. ඉතින් මේ කියන්න යන්නේ ඒ ඊයේ සිදු වූ මාරක රිය අනතුරක් පිළිබඳවයි.

වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඊයේ දහවලේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකුට ඔහුගේ ජීවිතය අහිමි වුණා. එම වාහනය පැද වූයේ ස්වර්ණාභරණ සැලක හිමිකරුවකු ගේ පුතෙක් වන දාසය හැවිරිදි පාසල් සිසුවෙක්. රථයේ වේගය පාලනය කර ගත නො හැකි වුණු නිසයි මෙවන් වූ විපතක් සිදු වුයේ. එමෙන්ම මෙම පාසල් සිසුවා තනිවම වාහනේ නො සිටි අතර ඔහුගේ පෙම්වතියත් එහි සිටි බව සඳහන් වුණා.

දාසය හැවිරිදි පාසල් සිසුවාගේ රිය අනතුර තුළින් විපතට පත් වූයේ තවත් අහිංසක පවුලක එක් සාමාජිකයෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ මෙම අනතුර හේතුවෙන් මහා භාගය ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි පුද්ගලයෙකුට ජීවිතය අහිමි වී තිබෙන බවයි.


එමෙන්ම අනතුරට ලක් වීම හේතුවෙන් වැලිසර රෝහලට ඇතුළත් කරන ලද අනෙක් සිව් දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් සඳහන් කළා. මේ අවස්ථාවේ අනතුර සිදු වූ ස්ථානයට රැස්ව සිටි මහජනතාව දාසය හැවිරිදි සිසුවාට බැන වැදුණා. ඉන් අනතුරුව එතැනට පැමිණි ස්වර්ණාභරණ හලේ හිමිකරු වන මෙම සිසුවාගේ පියාට ද බැන වැදුණු අතර ඝෝෂා නගන්නට වුණා.

කොතරම් බැන වැදුනත් අහිමි වූ ජීවිතය නැවත ගත හැකිද. මේ වන් කුඩා දරුවෙක් වාහනයක් පැදවීම සුදුසු ද. වාහනයක් පැදවීමේ දී ඉතා සැලකිල්ලෙන් සිදු කල යුතු අතර එය කිසිවෙකුට හානියක් නොවන අයුරින් සිදු කල යුතුයි. වර්තමානයේ රිය අනතුරු බෙහෙවින් සමාජය තුල දක්නට ලැබෙනවා. එහි දී වාහනයක් අතට ගත් කල කදුලු වලින් කතාව අවසන් නොකර විමසිල්ලෙන් වැඩකටයුතු සිදු කල යුතුයි යනු මගේ අදහසයි.

Leave a Comment