local news

පිරිත් නොදැම්ම හිමි නමට වැඩ වරදී

පන්සල කියන්නේ පින් බිමක්. අද කාලයේ හිංසනය නිවෙස් තුළ වගේම පන්සල තුල දැකගන්නට හැකි වීම ඉතාම සෝචනීය සිදුවීමක්. නමුත් මෙය ඉතා අතලොස්සයි දැක ගන්නට තිබෙන්නෙ. ඒ මක්නිසාද ඉතා බොදු බැති සිතින් යුතුව මිනිසුන් පන්සල් යන්නේ මල් පහන් පූජා කිරීම ටයි.

අද කාලයේ වගේම අතීතයෙත් මෙවැනි ක්‍රියා අහන්න ලැබෙන්නේ නම් නැහැ. නමුත් අපට පසුගිය දිනක අහන්නට ලැබුණු විරල ගණයේ පුවතක් තිබුණා. ඒ පිළිබඳව හැමෝගෙම අවධානය යොමු වුණේ මෙය බහුලව දකින්නට සිදුවන පුවතක් නොවන නිසාවෙන්.

පිරිත් නොදැමීම සම්බන්ධව ඇති වූ ඇති වූ කතාබහක් දුරදිග ගොස් තිබෙනවා. මේ තුළින් වැඩිහිටි හිමිනමකගේ කැති පහරකට ලක් වූ තවත් හිමිනමක් දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසනවා.

වැලිපැන්න විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පිරිත් විකාශය කරනු ලබන අතර 24 වෙනි දින එය විකාශය නොකිරීම පිළිබඳව වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් අතර ඇතිවූ කතාබහක් ආරවුලක් දක්වා දුරදිග යෑමෙන් පහරදීම සිදුව තිබෙන බව වාර්තා වෙනවා. තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙලෙස තුවාල ලබා තිබෙන්නේ විසි එක් හැවිරිදි හිමි නමක් වන අතර පහර දී ඇත්තේ 28 හැවිරිදි හිමිනමක් බව පොලිසිය පවසයි. මේ පිළිබඳව වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අපේ කාලේ අසන්නට දකින්නට තිබෙන දේ නම් හරිම සෝචනීයයි. ගහ මරා ගැනීම් සමාජය තුළ කොතෙකුත් දැක ගන්නට තිබුනත් මිනිසුන් කිසිදාක පන්සල තුළ තුල මෙවැනි සිදුවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඉතින් එම නිසා මේ කාගේත් ගේ අවධානයට යොමු වන විශේෂ පුවතක් බවට පත්වෙලා තිබෙන්නේ ඒ නිසයි.

Leave a Comment