local news

හීන්මැණිකාගේ වියෝවෙන් දැඩි සංවේගයට පත් ඌරුවරිගේ වන්නිලැත්තෝ දැන් කියන කතාව

ශ්‍රී ලංකාවේ ජන විවිධත්වය අතරින් සංස්කෘතික ලක්ෂණ රාශියක් විදහා පාන ජන කොට්ඨාසයක් තමයි ආදිවාසීන් කියන්නේ. මහියංගණ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන මොවුන් සිටින්නේ දඹානේ. මොවුන්ගේ සංස්කෘතියේ විවිධත්වය බැලීමට දෙස් විදෙස් සංචාරකයින් පවා දඹානට යනවා. ආදිවාසීන්ට ආවේණික සිරිත් විරිත් වගේම භාෂාවක් තියෙනවා.

රැහේ නායක තිසාහාමිගේ සහ ඌරුවරිගේ හිනි ගේ වැඩිමහල් පුතු වන වන්නිල ඇත්තෝ සහෝදරයන් නව දෙනෙක් ඉන්න පවුලක වැඩිමලායි. පොඩි කාලේ ඉඳලම පාසල් යාමට එතරම් කැමැත්තක් නොවුනද කැලේ ඇවිදීමට නම් රුසියෙක්. ඉගෙන ගැනීමෙන් ඈත් වුණු වන්නිලඇත්තෝ දැනුම ලබා ගත්තේ කැලෑව තුළින් මයි.


වයස අවුරුදු තිහක් වෙන විට කර්මාන්තයක් කරන අතරතුර දී තමයි හීන්මැණිකාව මුන ගැහෙන්නේ. ටික කාලයක් යන කොට වන්නිල ඇත්තෝ ඔහුගේ හිතේ තිබෙන සියලු දේ හීන්මැණිකා ට කිව්වා. ඔන්න ඔතනින් පස්සෙ තමයි හීන්මැණිකා වන්නිලැත්තෝ ආදර සම්බන්ධය පටන් ගන්නේ. ඒ ආදරේ ප්‍රතිඵලයක් ලෙස පුත්තු හත් දෙනෙක් හා එක් දුවක ගෙන් යුත් කුටුම්බයක මේ අය සතුටින් ජීවත් වෙන්නෙ.

ඌරුවරිගේ හීන්මැණිකා කියන්නේ නායකයෙකුගේ බිරිඳක් ලෙස තැනකට ගිහින් කැපී පෙනෙන්නට දඟලන චරිතයක් නෙවෙයි. ඇය ඉතාමත් සරල ජීවිතයක් ගත කරන නිහතමානී චරිතයක්. රැහේ නායකයා වූ ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට පවා වැරදුණු අවස්ථා වල දී නිසි මාර්ගය පෙන්වා දෙන චරිතයක් තමයි හීන්මැණිකා.

කතාබහින් නම් තරමක් අඩු දෙයක් ඉල්ලුවොත් අතේ තියෙන දෙයක් වුවත් දෙන්නට සූදානම් බිරිඳක් තමයි හීන්මැණිකා. සමාජය පිළිබඳ හරිහැටි තේරුමක් නැති අකුරු සාස්තරය නො දන්න හීන්මැණිකා තම සැමියා වන වන්නිල ඇත්තන් නම් හොඳින් අවබෝධ කරගත් කෙනෙකි. ආගමට දහමට ද පවා ලැදිව කටයුතු කළ සතා සිව්පාවාට ආදරය කළ මස් මාලු කෑමෙන් ද වැළකී දැහැමි ජීවිතයක් ගත කළ හීන් මැණිකා කොයි කාටත් කරුණාව දැක්වුවා.

මෙම සුන්දර කුටුම්බයට ප්‍රශ්න ගලා ආවේ හිටි හැටියේමයි. හොඳින් හිටිය හීන්මැණිකාට විටින් විට අසනීප වී එකම දියණියගේ වකුගඩුව පවා බද්ධ කළා. මෙතරම් අව්‍යාජ සෙනෙහසක් ඇති දරුවන් ලැබීමට ද ඇය කෙතරම් වාසනාවන්ත ද.

මේ විදියට ආදරෙන් කාලය ගත කළ හීන්මැණිකා කාටත් හොරෙන් ම හොර රහසේ මෙලොව ජීවිතය හැර ගියා. එලෙස ඇය දිවි ගමන නිමා කරන විට හැට හතර වියෙහි පසු වුණා. ඇය ජීවිතය හැර ගියේ ආදිවාසී නායක වනස්පතී වන්නිලැත්තන් ඇතුළු සිය පවුලේ නෑදෑයන්ගේ පමණක් නොව ශ්‍රී ලංකාවාසි සියලු ජනයාගේ ම නෙතට කදුලක් එක්කරමිණි. රැහේ ඇත්තන් ප්‍රාර්ථනා කරනවා වගේ ම මේ මාතාවගේ මුලු ආත්මයම සුවපත් වේවායි! අපිද ප්‍රාර්ථනා කරමු.

Leave a Comment