local news

බිරිඳ අවසන් ගමන් යවා තමා ද අවසන් ගමන් ගිය ඌරගස්මංහන්දියේ තරුණයා

අපේ රටේ ගොඩක් දෙනෙක් ආර්ථික අපහසුතා ගලා එන විට විදෙස් රටවලට රැකියාවන් සඳහා පිටත් ව යයි. ඒ පවුලේ සුභසිද්දිය උදෙසායි. මෙය හුදෙක් කාන්තාවන් මැද පෙරදිග රටවල් වල ගෘහ සේවිකාවන් සඳහා රැකියා සොයා යන්නේ මුදල් සොයා ඇවිත් සැපවත් ජීවිතයක් ගත කිරීමටයි.

එබඳු සිද්ධීන් අද සමාජයේ බොහෝ සේ දැක ගන්නට හැකියි. මේ කියන්න යන්නේ උරගස්මංහන්දිය ප්‍රදේශයේ ඒ හා බැදුණු අමුතු කතාවක්.උරගස්මංහන්දිය කොරකින ප්‍රදේශයේ ජීවත් වූ නිහාල් 39හැවිරිදි සහ නිල්මිණි 37 හැවිරිදි අඹුසැමි යුවළක්. කාලයක් තිස්සේ ඔවුන් එකට සිටිය ද නීතියෙන් එක් නොවුණු යුවළක්. එයට හේතුව දෙදෙනා ම මීට පෙර විවාහයන් සිදු කර තිබුණු අතර එයින් වෙන් ව සිටි නිසයි.

නිල්මිණීගේ කලින් විවාහයේ දරුවන් දෙදෙනෙක් සිටියි. නමුත් වසර හයකට පමණ පෙර නිහාල් නිල්මිණි මෙසේ එකට ජීවත් වීමට පටන් ගත්තද නිල්මිණී නිහාල් කැදැල්ලට තවම දරුවන් සිටියේ නෑ.

නිහාල් ගේ රැකියාව වූයේ කුරුදු තැලීම යි. ඔහුගේ රැකියාවෙන් ලද ආදායමෙන් මොවුන්ට හරි හැටි විදියට ජීවත් වීමට නො හැකි වූ නිසාත් නිවස සාදා ගැනීමටත් යන කරුණු දෙක නිසා නිල්මිණි විදෙස් රැකියාවකට යාමට තීරණය කරයි. ඉන් පසු අවුරුදු දෙකකට රට රැකියාවට ගොස් නැවත පැමිණි නිල්මිණි මුදල් පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගෙන තිබුණි.

එයින් නිවස සෑදීම ආරම්භ කල මේ දෙදෙනා ගොඩක් සතුටින් තමයි වැඩේ පටන් ගත්තේ. නිවස සඳහා ප්‍රමාණවත් මුදලක් නොවුනත් එහි වහල ගසා පදිංචි වීමට නම් පුළුවන් වුණා. නිහාල්ගේ කුරුඳු තැලීමෙන් ජීවත් වීමට ප්‍රමාණවත් මුදල් නො තිබුණ හෙයින් නිල්මිණිගේ අත ඇති මුදල මගින් නිහාල්ද ජීවත් වුනා.

මේ විදියට කාලයක් යන කොට රණ්ඩු සරුවල් විටින් විට ඇති වුණත් දෙන්නා ආදරයෙන් කල් ගත කළා. ඔන්න ඔය අතරතුරේ දී තමයි ආයෙත් විදෙස් රටෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නේ. ඒ නැවතත් ඔවුන්ගේ නිවසේ සේවය කිරීමට නිල්මිණී ට ආරාධනා කිරීමටයි. එයට දැඩි සේ කැමැත්තක් දැක්වූ නිල්මිණී නැවතත් විදෙස්ගත වීමට අදිටන් කර ගත්තා. නමුත් එයට නිහාල් දැඩි සේ විරුද්ධත්වය පළ කළා.

නිහාල්ගේ විරුද්ධත්වය තිබුනත් විදෙස්ගත වීමට තිබුණු බලාපොරොත්තුව නිල්මිණි සිතින් අත්හැරියේ නැහැ.
මෙලෙස දවසින් දවස කාලය ගත වුණා. පසුගිය පුර පසලොස්වක පෝය දිනය උදා වුණා. එදින රාත්‍රි 8 පමණ වන තුරු නිල්මිණි හා නිහාල් සිටියේ නිල්මිණිගේ නංගිගේ ගෙදරයි. ඉන් පසු රෑ බෝ වෙලා නැවතත් නිවස බලා ආ නිල්මිණි නිහාල් යුවලගෙන් ප්‍රතිචාරයක් නොමැති හෙයින් පසුවදා උදෑසන නිල්මිණිගේ සහෝදරිය තම අක්කාගේ නිවසට ආවේ දුරකතනයට ප්‍රතිචාර දැක්වූ නැති නිසා.

එලෙස ආ නිල්මිණිගේ නංගී නිවස තුල ඇති අක්කාට කතා කලත් ඇයගෙන් ප්‍රතිචාරයක් නැති නිසා ගෙට පිටුපස ඇති කුරුඳු ඉඩමට ගියේ නිල්මිණි එහි සිටිති යි යන සැකය නිසායි. නමුත් එහි කිසිවෙක් හෝ නොසිටියේය. ඉන් පසු නැවතත් නිවස දෙසට ආ නිල්මිණිගේ සහෝදරිය විවෘත වී තිබූ දොර තුලින් නිවස තුලට ගියා.


සාලය පසු කර කාමරයට ගිය නිල්මිණිගේ සහෝදරියට දැක ගන්නට ලැබුණේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයකි. නිල්මිණි ඇද උඩ උඩු බැලි අතට වැතිර සිටි අතර ඇගේ එක් අතක මල් පොකුරක් තිබුණි. ඒ වගේම නිහාල්ද බාල්කයේ එල්ලි සිටි අයුරු නිල්මිණිගේ සොයුරිය දුටුවා.

එය දුටු නිල්මිණිගේ සහෝදරිය වහ වහ දුව ගොස් අසල්වැසියන්ගෙන් ආධාර ඉල්ලා කෑ ගැසුවේ දැඩි තැති ගැනීමෙනි. එතනට පැමිණි පුද්ගලයන්ගේ උපකාර ඇතිව පොලිසිය දැනුවත් කරයි. එවිට පොලිස් විමර්ශනයේ දී නිවසේ රෙදි මදින ඉස්ත්‍රික්කයක් ඉදිරිපස කාමර් ඇඳ උඩ තිබුණු අතර එහි වයරය එම ස්ථානයේ තිබෙන බවයි. අවසන් විමර්ශනයෙන් පැහැදිලි වනුයේ මෙය කෙනෙකු විසින් කරන ලද්දක් බවයි.


එබැවින් මෙවැනි ක්‍රියා මුලු සමාජයම හෙලා දකින බවත් මෙවන් වූ සිද්ධීන් තුළින් රට විනාශයට පත් වීමත් නිසා මෙවැනි ක්‍රියාවන්ගෙන් වැලකී මෙය තරුණ පරම්පරාව ජීවිතයට යහපත් ආදර්ශයක් ලෙස සකසා ගත යුතුයි.

Leave a Comment