local news

15 හැවිරිදි සිසුවා තම ගුරුවරිය සමගින් පැන ගියේ කොහේටද පෙම් හසුනක තිබී සොයාගත් දේ

අද කාලයේ අහන්නට දකින්නට තිබෙන දේ නම් හිතාගන්නවත් බෑ. තරුණ තරුණියන් ආදරය කලාට සමාජයේ ඇගිල්ල දිගු කරන්නට ලක් වන්නේ නැහැ. නමුත් අසම්මත ලෙස වැඩිහිටි කාන්තාවක් බාල තරුණයෙකු සමගින් ආදර සබදතා පවත්වනවා කියන්නේ එය හරි අස්වාභාවිකයි. ඉතින් හැම කෙනාගේම දෝෂාරෝපණයට එය ලක්වන කරුණක්.

ඉතින් ගුරුගෝල සම්බන්ධයටත් නිගරු කරමින් සිදු වූ පුවතක් අපට පසු ගිය දිනක අසන්නට ලැබුණා. දරුවන්ගේ ඇස් පාදන්නට සිටින ගුරුවරයෙකුට කොයිතරම් නම් ගෞරවයක් ලැබෙනවාද . ඉතින් එම ගුරුවරයෙකුට ලැබෙන ගෞරවයටත් කැලලක් ඇති වන සිද්ධියක් තමයි මේ.

විසිහත් හැවිරිදි ගුරුවරියක් තම උපකාරක පන්තියට පැමිණි පහළොස් හැවිරිදි සිසුවකු සමග පෙම් සබඳතාවක් පවත්වා එම සිසුවා සමග පැන ගිය බව පසුගිය දා වාර්තා වුණා. එක් දරු මවක වන ඇය ගමේ ළමයි කීප දෙනෙක් නිවසට කැඳවාගෙන ලෑලි මඩුවක ගණිතය ඇතුළු තවත් විෂයන් සදහා උපකාරක පන්ති පවත්වා තිබුණා.

ඒ හැර ඇයට විධිමත් ගුරු පත්වීමක් ද නොමැති බව පොලීසිය ප්‍රකාශ කළේ. ඉති එම පන්තිය සඳහා අතුරුදන් වූ සිසුවා ද පැමිණ තිබුණා. පන්තිය අවසානයේදී තම පුතු අතුරුදන් වී ඇති බවට ඔහුගේ මවුපියන් ද, තම බිරිඳ අතුරුදන් වී ඇති බවට ආරක්ෂක භටයෙකු වූ ගුරුවරියගේ සැමියා ද පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා.

ගුරුවරිය හා සිසුවා දුර ප්‍රදේශයකින් ත්‍රීරෝද රථයක් ගෙන්වා ගෙන ගමෙන් පිටව ගොස් නුවරඑළියෙ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් වැලිගම සිට නුවරඑළිය දක්වා පිටත්ව ගියා. ගුරුවරිය ඇගේ රන් ආභරණ ද, සිසුවාත් මවගේ හා ඔහුගේ රන්මාල ද රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ වගේම කුණු බඳුනක තිබී පෙම් හසුන ඉරා දමන ලද කොටසක එම දෙදෙනා අතර පෙම් සබඳතාවක් පැවිති බවට සැක කළ හැකි කොටසක් පොලීසියට හමු වුණා.

මේ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment