local news

පාලම් පාරුව වෙනුවට කින්නියා දරුවන්ට ලැබුණු විකල්පය

මුළු රටක් හැඬවූ ඛේදවාචකයක් පසුගිය දිනවල දී අපට අසන්නට ලැබුණා. ඒ පාලම් පුවරුවක් කඩා වැටීමෙන් මිනිසුන්ට සිදු වූ අනතුරක්. ත්‍රිකුණාමලය කින්නියා කුරිඤ්ඤංකේනි කලපුවේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 6 දෙනකුගේ ජීවිත අහිමිවුණා. උදෑසන පාසල් යන්නට සූදානම් වුණු පුංචි මල් කැකුළුත් පරව ගියේ මේ පාලම් පුවරුව කඩාවැටීම නිසයි.

ඉතින් එම සිද්ධිය නිසා එදින ත්‍රිකුණාමල නගරයේ නොසන්සුන්තාවයන් ඇති වූවා. කින්නියා කුරිඤ්ඤංකේනි පාලම ඉදි කිරීමේ කටයුතු අවසන් වන තෙක් මගීන්ට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් යාත්‍රාවක් යොදවා තිබෙනවා.

මෙම යාත්‍රාව මගින් එකවර මගීන් විසිපස් දෙනෙකු ප්‍රවාහනය කිරීමට හැකියාව ඇති අතර යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ද නාවික හමුදාව විසින් ඉදිකර තිබෙනවා.

එම ප්‍රදේශවාසී මිනිසුන්ගේ දෛනික කටයුතු සිදුකිරීම සඳහා ලබා දුන් මෙම විකල්පය ඔවුන්ට මහමෙරක් තරම් ය. එසේ නොමැති වුවහොත් ඔවුන්ට එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට නොහැකිවීමෙන් අපහසුතාවයට පත් වන්නට සිදුවේ. ඉතින් ඔවුන්ට මෙය මොවුන්ට මහත් අස්වැසිල්ලක් බවට පත්වේ.

Leave a Comment