local news

සංචාරක කාන්තාවකට පුදුම වැඩක් කල අපේ ගයිඩ්

සංචාරක කර්මාන්තය කියලා කියන්නේ අපේ රටට මුදල් ලැබෙන තවත් එක් ක්‍රමෝපායක්. ඉතින් විදෙස් රටවල් වලින් සංචාරකයෝ ඇවිල්ලා අපේ රටේ සුන්දරත්වය නරඹනවා. ඉතින් සංචාරකයන්ට නැරඹීම සඳහා අප රටේ විවිධාකාරයේ සුන්දරත්වය සහිත ස්ථාන කෙතරම් තිබෙනවාද. සුන්දර දිය ඇලි, උද්‍යාන, අලි අනාථාගාර, සත්තු වත්ත, ඒ වගේම ආගමික ස්ථානයන් ද, සීගිරිය වැනි ස්ථානද විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ලැබෙන ස්ථානයන්‍ ය.

විදෙස් හි සිට පැමිණෙන සංචාරකයන් බස තුලින් හසුරුවන්නට ඒ සඳහා වෙන්වූ පුද්ගලයන් සිටිනවා. ඔවුන් ගයිඩ්ලා කියා හදුන්වනවා. මේ ආකාරයේ විදේශිකයන් නරඹන ස්ථාන පිළිබඳ ව හැදින්වීමක් සිදු කරන්නේ මෙම ගයිඩ්ලා විසින්. ඉතින් ඔවුන්ට විවිධ භාෂාවන් හැසිරවීමේ හැකියාව තිබෙනවා. භාෂා ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙන්නේ මෙහි විදේශිකයන්ට ස්ථානයන් පිලිබදව හැදින්වීමට අවශ්‍ය නිසයි.

එලෙස අපේ රටේ අසිරිය විදින්නට පැමිණි සංචාරක විදේශික කාන්තාවකට සිදු වූ විපත්තියක් මේ කියන්න යන්නේ. මෙරට සංචාරයේ නිරතව සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සංචාරක මග පෙන්වන්නෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. වෑන් බෙහෙන් නමැති සංචාරක නෙදර්ලන්ත කාන්තාව මෙරටට පැමිණ මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීම සදහා මෙම සැකකාර පුද්ගලයා ගෙන් සේවය ලබා ගෙන තිබෙනවා.

මේ අතරවාරයේ ඇය සංචාරක මග පෙන්වන්නා සමග හෝටලයකට ගොස් ඇති අතර එහි මග පෙන්වන්නාගේ මිතුරන් කිහිප දෙනෙක් ද සිට තිබෙනවා. කෑම කා අවසනයේ මිතුරන්ගේ බිලද සංචාරක කාන්තාවට ගෙවන ලෙස ඔහු දැනුම් දී ඇති අතර ඇය විසින් එය ගෙවා තිබෙනවා.

පසුව හෝටලයෙන් පිටදී ඒ පිලිබදව ඇති වූ මත ගැටුමකින් පසු පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් සැකකාර පුද්ගලයා පවසන්නේ විදේශීය කාන්තාව තමාට මුලින් පහර දුන් බවත් තමන් පෙරලා යලි පහර දුන් බවයි.

Leave a Comment