local news

මල් කඩන්න ගිය නැන්දනිය සහ දියණිය ටිකිරි වැවට බිලි වේ

වැලිඔය මොනර වැව ප්‍රදේශයේ පිහිටා ඇති ටිකිරි වැව ඉතා මනස්කාන්ත ප්‍රදේශයකි . නෙළුම් මල්වලින් පිරුණු මෙය   හිමිදිරියේ දී කාගේත් නෙත සිත පිනවයි. සියල්ලන්ගේ ම නෙත සිත මනබන්දන ටිකිරි වැව කාටත් හොරා රකුසු වේශයක් ගත්තේ සියල්ලට ම කඳුළක් ගෙන දෙමින් ඉතා ක්ෂණයකිනි.

මෙය සිදු වන්නේ ඉකුත් 24 වැනි දින සවස් යාමයේ ය. ගම්පොළ ප්‍රදේශයේ තිස් දෙ හැවිරිදි තරුණ මව තම වයස අවුරුදු එකහමාරක දරුවා හා පවුලේ ඥාතීන් සමග සමඟ විදේශගත වී සිට නැවත ලංකාවට පැමිණි සහෝදරිය බැලීමට වැලිඔය මොනර වැව ප්‍රදේශයට පැමිණ ඇත. තම සහෝදරිය සමග දුක සැප බෙදා ගැනීමට පැමිණි මෙම මව තම සහෝදරියගේ නිවස වටා ඇති සුන්දරත්වය නැරඹීමට ද අමතක කළේ නැත.

පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනාගේ ම නෙත් සිත් වසඟ කරන්නේ ටිකිරි වැවයි. තම සහෝදරිය සමග දොඩමලු වූ ඇය සහෝදරියගේ ම දියණිය සමග ටිකිරි වැවේ සුන්දරත්වය නැරඹීමට  මෙන්ම මල් නෙලා ගැනීමට සූදානම් වූයේ ඉතා ප්‍රීතියෙනි.

වැවට ගොස් වැවේ සුන්දරත්වය නරඹා  නෙළුම් මල් නෙළා ගෙන එන විට කකුල් වල තැවරී ඇති මඩ සෝදා ගැනීමට ඔවුන් සූදානම් වූයේ මෙවන් සිදුවීමක් කිසි සේත් බලාපොරොත්තු රහිතව ය.

ඉන් පසු සිදු වන්නේ කිසිවෙක් නො සිතූ  දෙයකි. වැස්ස  නොමැති කාලයක දී කපා තිබුණු ලිදකට ඔවුන් දෙදෙනාම ඇද වැටුණි. මේ පිලිබදව  පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා

.

මෙලෙස අකාලයේ තම ජීවිතය අහිමි කරගන්නේ ගම්පොල තොරහින්න පදිංචි එස්.ඒ දනනන්දනී තිස් දෙහැවිරිදි එක්දරු මවක හා වැලිඔය මොනරවැව පදිංචි දොළොස් හැවිරිදි  උපේක්ෂා චමෝදි දියණියයි.

කිසිවක් සිදු කිරීමට පෙර සිතා බලා විමසා කටයුතු නො කිරීම නිසා මෙම මවත් දියණියත් තම ජීවිතයෙන් අකාලයේ සමු ගන්නේ රටට ම අමිහිරි අත්දැකීමක්  ගෙන දෙමිනි. අද සමාජයේ බොහෝ සෙයින් මෙවන් වූ අමිහිරි ක්‍රියාවන් දැක ගත හැකිය. එසේ හෙයින් නුවණින් විමසා කටයුතු කිරීම අපි සියල්ලෝ ම අපේක්ෂා කරමු.

Leave a Comment