local news

ටික් ටොක් බිලි ගත් පාසල් සිසුවා

තාක්ෂණයේ දියුණුවත් සමගම අද කාලයේ සමාජ මාධ්‍ය භාවිතා කිරීම නම් ඉතා ඉහළයි. විශේෂයෙන්ම මෙම සමාජ මාධ්‍ය භාවිතයේ ප්‍රවණතාවයක් දකින්නේ පාසල් සිසුන්. එයට හේතුව වර්තමානයේ ඉගෙනීම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන්නේ මේ ජංගම දුරකථනය හරහා. එබැවින් සිසුන් බොහොමයක් ජංගම දුරකථනය හා ඉදිකට්ටට නූල සේ බැඳී පවතිනවා. මෙය විටෙක අවදානම් අවස්ථාවක්. ඒ මක් නිසාද දුරකථනය නිසි අයුරින් භාවිතා කරනවා සේම ජංගම දුරකථනය තුළින් අවශ්‍ය දේ රැගෙන අනවශ්‍ය දේ බැහැර කරන්නට අසමත් දරුවන් ද මේ සමාජයේ සිටිනවා.

මේ දිනවල බෙහෙවින්ම දුරකථනය නිසා තම ජීවිතය විනාශ වුණු දරුවන් නම් අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඇත්තටම ඒක අවාසනාවන්ත සිදුවීමක්. දුක් මහන්සි වී මුදල් උපයා තම දරුවාට ඉගෙන ගැනීමට දුරකථනයක් ලබාදෙන්නේ දෙමව්පියන් තම දරුවන්ට ඉගෙන ගැනීම සඳහායි. නමුත් බොහොමයක් සමාජයේ දකින්නට තියෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ පැත්තයි.

දුරකථනය අතට ගත් පාසල් සිසුන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම බොහෝ ලෙස පිය කරයි. ඉතින් මෙලෙස සමාජ මාධ්‍ය නිසා පෙම්වතුන් පෙම්වතියන් සොයාගැනීමත් දක්නට ලැබෙනවා . ඒ වගේම ටික්ටොක් මාධ්‍ය ගැනත් තරුණ තරුණියන්ගේ ආකර්ෂණය වැඩිවන මාධ්‍යයක්. එවැනි ටික්ටොක් මාධ්‍ය නිසා තම ජීවිතය අහිමි වූ අහිංසක පවුලක දරුවෙක් ගැනයි මේ කියන්න යන්නේ.

වසංගත රෝගයන් හේතුවෙන් පාසල් වසා දැමූ නිසා පාසල් සිසුන්ගේ අධ්‍යාපනය යම්තාක් දුරට පහළට බැසී ඇති බව අපට සමස්තයක් ලෙස ගත් කළ දැකගන්නට හැකියි. පාසල් වසා නැවත විවෘත වීමෙන් පසුව පාසලට පැමිණි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු සුපුරුදු පරිදි පාසල වෙත පැමිණ සිය ජංගම දුරකතනයෙන් ටික් ටොක් වීඩියෝවක් රූගත කර තිබෙනවා.

පසුව එම වීඩියෝව සමාජ මාධ්‍ය තුල පළ කොට ඇති අතර ගුරුවරුන් මේ බව දැනගෙන තිබෙනවා. මෙය දැනගත් ගුරුවරු මෙකී සඳහන් කළ පාසල් සිසුවා බිය වද්දා ඔහුගේ නිවසේ දෙමව්පියන්ට ද පවසන බව සඳහන් කර තිබුණා. එය ඇසූ මෙම පාසල් සිසුවා ඉතා බියට පත්ව තම දෙමව්පියන්ට මෙය පැවසීමට පෙර ඔහු නිවසට ගොස් වැසිකිලියේ ගෙළ වැළලාගෙන ගෙන තිබුණා.

ටික් ටොක් හේතුවෙන් මෙම දාසය හැවිරිදි පාසල් සිසුවා ගේ ජීවිතය අකාලයේ විනාශ වුණා. විටෙක මේ ඔහුගේ අනුවණ ක්‍රියාවක්. වර්තමාන තරුණ ප්‍රජාව සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන්නේ හපන්කමක් ලෙසිනි. ප්‍රශ්න හමුවේ මෙලෙස ජීවිතය විනාශ කර ගැනීම ඉතා ම ඉතා අනුවණ ක්‍රියාවක් වන අතර තමා නිවරදිව ජීවත්ව සිටියහොත් මෙලෙස තම ජීවිතයෙන් පළිගැනීමට සිදුනොවන බව කවුරුත් සිත්හි තබා ගත යුතුයි.

Leave a Comment