local news

බිරිඳයි දරුවන් දෙදෙනයි අත්හැර පැවිදි වුණු ටැටු ගහන් ඉන්න මේ හාමුදුරුවෝ කවුද

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර දක්නට ලැබුණු කතාබහට ලක්වුනු මාතෘකාවක් තමයි තරුණ වියේ පසු වන කඩවසම් රූමත් තරුණ තරුණියන් කිහිප දෙනෙක් ම තම ගිහි දිවිය අත්හැර පැවිදි දිවියට ඇතුළත් වීම පිළිබඳව.

මංගල ඇදුමින් සැරසී සිට මහණ දම් පුරන්නට ගිය තරුණියක් ගැනද සමාජ මාධ්‍ය තුළ වැඩියෙන් කතා බහට ලක්වුණා. වර්තමානයේ මෙලෙස තරුණ තරුණියන් පැවිදි වීමට පෙලඹීම ඉතා සුලබ ව දක්නට ලැබෙනවා. එයට හේතුව ඔවුන් කලකිරීමට ලක් වුණු අය නිසා නොව. ඔවුන් ජීවිතයේ යතාර්ථය මැනවින් තේරුම් ගත් අය නිසාවෙනි.

ඒ වගේම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ භික්ෂුන් වහන්සේ නමක් තමයි ඔස්ට්‍රේලියාවේ බෝධි ධම්ම ස්වාමින් වහන්සේ. පැවිදි දිවියට ඇතුළත් වීමට පෙර පිලියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ උපත ලබා ඇති ඔහු රුචිර චානක නම් වන අතර වයස අවුරුදු පහ සම්පූර්ණ වනවාත් සමඟම 1997 වර්ෂයේ ඔහුගේ දෙමව්පියන් ඔහුව රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචියට ගොස් තිබෙනවා.

එහි දී ඔහු ඉතාලි සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු සුරූපී තරුණියක සමඟ පෙමින් වෙලෙනවා. ඉන් පසු ඔවුන් දෙදෙනා දරුවන් දෙදෙනෙකුගේ දෙමව්පියන් ද වීමේ වාසනාව ලබා ගන්නවා.

ඉන් පසු මේ ගෙවන ජීවිතය වෙනස් කිරීමට තීරණය කර ඇති ඔහු සිය ආදරණීය බිරිඳ ගෙ කැමැත්තත් සහිතව වසර 21 කට පසු එනම් 2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ 2019 අගෝස්තු මස ඔස්ට්‍රේලියාවේ බෝධි ධම්ම ස්වාමීන් වහන්සේ නමින් පැවිදි දිවියට ඇතුළත් වනවා.


මෙල්බන් හාමුදුරුවෝ නමින් සමාජ මාධ්‍ය තුළ බොහෝ ප්‍රචලිත උන්වහන්සේ වඩාත් ජනප්‍රිය වන්නේ ගිහි අවධියේ කල ටැටූ විලාසිතාවන් සහිතව මහණ දම් පුරන ස්වාමීන් වහන්සේ නමක් වීම නිසයි.

Leave a Comment