local news

යතුරුපැදියෙන් ගොස් රන් මාල කඩන තිදෙනාට සිදුවූ දේ

මිනිස්සු ජීවත් වීමට ඕනෑම දෙයක් කරයි. තමන්ගේ අතපය නොවඩුව පිහිටා තිබෙනවා නම් දෑතේ කර්මාන්තයක් කර ජීවත් වීමට පුළුවන්. නමුත් මිනිසුන් සොයන්නේ ලෙහෙසි පහසුවෙන් මුදල් සොයන ක්‍රම. ඒ නිසාම තමයි අද සමාජය මේ විදියට පිරිහිලා තියෙන්නේ. මිනිස්සු හරි ආත්මාර්ථකාමි. තමා ගැන විතරක් සිතමින් නරක දෙයටම පෙළඹී සිටින මනුෂ්‍ය කොට්ඨාසයක් අද කාලයේ දැකගන්නට තියෙන්නේ.

සොරකමේ ආදීනව පරලොව දී මෙන් මෙලොව දී ද විඳවන්නට සිදුවෙනවා. එය කවුරුත් දන්නා දෙයක්. මේ කියන්න යන්නේ ත්‍රීරෝද රථයක යමින මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන්මාල කොල්ලකා පළා යාමට පුරුදුව සිටි සොරුන් කිහිපයක් ගැනයි. මෙම තිදෙනා අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද වනවා. මෙම තිදෙනා සැමියා සමග කිරුළපන හයිලෙවල් මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුත් රන් මාලයක් කොල්ලකා ත්‍රිරෝද රථයේ නැගී පළාගොස් තිබුණා.

පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකින් ලබාගත් තොරතුරකට අනුව නාගස්වත්තේ ජොන්ටා ඇතුළු තිදෙනා මාලිගාවත්ත බෝධිරාජ මාවතේ නිවසක සැඟවී සිටියදී කොල්ලකෑම සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය ද සමඟ අත්අඩංගුවට ගත් බව පැවසේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගස්වත්තේ ජොන්ටියා ඔහුගේ බාල සහෝදරයා සහ තේක්ක සාන්ත නමින් හදුන්වන පුද්ගලයක් ඇතුළු තිදෙනක්.

සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව කොල්ල කන ලද රන්මාලය රුපියල් 2.97.000 මුදලකට හෙට්ටිවීදියේ අලෙවි සැලකට විකුණා තිබියදී සොයා ගැනුණා.

පසුව තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී නාරාහේන්පිට බම්බලපිටිය පොලිස් වසම් වල රන්මාල කොල්ල කෑමේ සිද්ධීන් රැසක තොරතුරු අනාවරණය වූ අතර කොට්ටාව ප්‍රදේශයේ දී කොල්ලකෑ රන් මාලයක් ද රුපියල් 25,000 කට උකස් කර තිබියදී සොයා ගත් බව පැවසේ.

සැකකරුවන් තිදෙනා අධික ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති අතර ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් දැන් දිවයිනේ ලියාපදිංචි අපරාද කරුවන් ලෙස නම් කළ තිදෙනකු බවද පොලිසිය පැවසුවා.
මෙවැනි අපරාධ ක්‍රියා සිදු කරන මිනිසුන් අද සමාජයේ බොහොමයක් දක්නට සිටිනවා. මෙවැනි ක්‍රියා සිදු කරන මිනිසුන් බහුතරයක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්. ඔවුන් මතින් මුදවා ගත් විට මෙම ක්‍රියාවන් ද නවතාලීමට හැකි වේවි යන්න මාගේ අදහසයි. එවිට සුන්දර සාමකාමී රටක් බිහි වෙනවා නො අනුමානයි.

Leave a Comment