local news

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පියා ගැසූ යකඩ පොලු පහරින් පුතාට සිදු වූ දේ

දෙයක් වෙන්නට යන්නේ පොඩි කාලයක්. ඒ කාලය තුල දී අපි අතින් ජීවිතයක් වුවත් විනාශ වන්නට පුලුවන්. අද කාලයේ ගොඩක් මිනිසුන් අතින් විවිධ වැරදීම් සිදු වෙනවා. කවුරුත් නොසිතා සිදු කරන දෙයකින්ද තවත් අයෙක්ගේ ජීවිතයක් විනාශ වන්නට පුලුවන්.

දෙමාපියන් අතිනුත් ඒ විදියේ අත්වැරදීම් සිදු වෙනවා. එවැනි පියෙකුගේ අතින් සිදු වූ දෙයක් පිලිබදවයි මේ කියන්න යන්නේ.

කුලියාපිටිය ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ලියනගේ දොන් තරිදු චන්ද්‍රසිරි නොහොත් කලු මල්ලී යනු මතට ලොල් වූ ජීවිතය අකාලයේ විනාශ කරගත් තරුණෙයෙකි. ඔහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය සමගින් නීතියේ රැහැනට හසු ව දෙවතාවක් බන්ධනාගාර ගත කල අයෙකි.

මොහු දිනක් අධික බීමතින් නිවසට පැමිණ තිබූ අතර මෙහිදී මව හා සොයුරිය සමගින් බහින්බස් ව ඔවුනට පහර දී ඇති වූ කෝපය නිසාවෙන් නිවසේ කාමරයේ දොර වසා සිය හිසින් දොරට පහර දී ඇති බවට හෙළිව තිබේ. පසුව සොයුරිය පැමිණ ඔහුව බේරාගෙන තිබුණු බව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබුණා.

එහිදී හිසට සිදුව තිබූ තුවාල හේතුවෙන් පළමුව කුලියාපිටිය ශික්ෂණ රෝහලටත් අනතුරුව ශල්‍ය කර්මයක් සදහා කුරුණෑගල පළාත් බද මහ රෝහලටත් මාරු කර යවා තිබුණි. එහිදී මොහු 27 වැනි දින ජීවිතයෙන් සමුගෙන තිබූ අතර වෛද්‍යවරුන් මරණය සැක සහිත බවට කළ දැනුම් දීම මත පොලිසිය විමර්ශන ආරම්භ කරන ලදි.

නිවස හා ඒ අවට සිදු කල පරීක්ෂාවෙන් අනතුරුව පොලිසිය විසින් දිවි අහිමිවුණ තැනැත්තාට පහර දුන් ලේ තැවරුණ යකඩ පොල්ල සොයාගෙන ඇත. අනතුරුව නිවැසියන්ගෙන් ඒ පිලිබදව විමසූ අවස්ථාවේ පියා විසින් පුතුගේ හිසට එසේ පහර දුන් බව පිලිගත් බව පොලිසිය පවසයි.

එම දින රාත්‍රීයේම මවට හා සොයුරියට පහර දීමෙන් පසු පියා සමග ඇතිවූ බහින්බස් වීමෙන් පසු මියගිය පුද්ගලයා මිදුලෙහි වූ යකඩ පොල්ලක් රැගෙන තම පියාට පහර දෙන්නට සූදානම් වීමත් සමග අසල තිබූ පොල්ලකින් පියා ඔහුගේ ආරක්ෂාව පතා එල්ල කල ප්‍රහාරයකින් තරුණයා ගේ මෙලෙස දිවු අහිමි වී තිබෙනවා.

මෙම පියා කෙසේ හෝ නොසිතන්නට ඇති තම දරුවාට පහර දීමට. නමුත් බීමත්ව සිටි තම පුතු පහර දෙනවිට එය වැලැක්වීම සදහා මෙවැනි ක්‍රියාවක් කරන්නට ඇත්තේ තම පුතුගේම ආරක්ෂාව සදහායි. ඉතින් යමක් කිරීමට පෙර දෙවරක් සිතා බලා කල යුතුයි.

Leave a Comment