local news

වයසින් වැඩි මවක් තම බිරිඳ කර ගෙන ජීවිතයෙන් වන්දි ගෙවූ කන්තලේ තරුණයා

කිරි අත්තාත් අත්තම්මාගේත් සෙවනෙහි කුඩා කාලයේ සිටම හැදී වැඩුණු දණුෂ්ක පොඩි කාලේ ඉදලම හරි සංවේදි චරිතයක්. අම්මා කෙනෙකු සිටියත් ආච්චිත් සීයාගෙත් උණුහුම දමා තම මව ලගට යෑමට දණුෂ්ක කැමති වූයේ නැත. පොඩි කාලෙ ඉදලම අම්මා ඉන්න ගෙදරට වත් නොයා සිටි දණුෂ්කව පාසල් යැවුවේ ද කෑම බීම අරන් දුන්නේ ද මේ හැත්තෑ හැවිරිදි බී. එම් පත්මාවතී යන ආච්චි අම්මා.

ඔහු අධ්‍යාපනය ලැබුවේ කන්තලේ ත්‍රී අග්‍රබෝධි විදුහලේ ය. පාසලේදි හරි අහිංසක චරිතයක් වගේම යාළුවන් රණ්ඩු දබර කර ගත්තද ඔහු පාඩුවේ ඉන්න හරි සංවේදී චරිතයක්.

ආච්චි අම්මාත් අත්තාත් සමග ඇන්කර් කැලයේ අනවසර ඉඩම්වල අටවා ගත් ඉතා කුඩා පැල්පතක දණුෂ්ක ජීවත් වුණා. ඉන්න හිටින්නත් හරි හාමන් ගේ දොරක් නැති මේ දණුෂ්ක රැකියාවක් හැටියට කලේ හාල් බිස්නස් ව්‍යාපාරිකයෙකු ළඟය. ඔහු එතන දී කලේ හාල් කිරීමයි. ඒ සඳහා ඔහු ව්‍යාපාරයේ හිමිකරු සමඟ වෙනත් ප්‍රදේශ වලට ගියා.

ටික කාලයක් රැකියාව කරන අතරතුරේ දී ඔහු තම ව්‍යාපාරයේ හිමිකරු සමඟ කුච්චවේලි ප්‍රදේශයට ගියා. එහි දී හමුවූ කාන්තාවක් පිළිබඳ ආදරයක් ඇති වූ ඔහු ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගත්තා.
ඇය අවුරුදු 45 ක දරුවන් හතර දෙනෙකුගේ මවකි. අවුරුදු 14, 11, 6 වගේම අවුරුදු එක හමාරක කුඩා දරුවෙක් ද ඇයට සිටියා. ධනුෂ්කට වඩා වයසින් වැඩිමල් වූ මෙම කාන්තාව කෙරෙහි ආකර්ෂණය වුණු මෙම තරුණයා ඇයව රැගෙන කන්තලේ ප්‍රදේශයට පැමිණියා.

සිව් දරු මවක් වූ මේ මව තම කුඩාම දරුවා පමණක් රැගෙන අනියම් පෙම් සබඳතාවක් පැවැත්වූ මෙම ධනුෂ්ක නමැති තරුණයා සමග ධනුෂ්කගේ නිවසට ආසන්නයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයිති වාඩියක ජීවත් වුණා.

පෙම් රස විඳිමින් සිටි ඔවුන් දෙදෙනා ටික කාලයක් යන විට රණ්ඩු සරු වල් කරන්න පටන් ගත්තා. නිතරම දෙන්නා දෙ මහල්ලෝ ගහ මරා ගත්තා. ධනුෂ්ක කුලී වැඩ කරන බවත් ඔහු දිනපතා ම උදෑසන ම කුලී වැඩ සඳහා ගෙදරින් පිටවෙලා යන විට මෙම කාන්තාවද නිවසින් පිටව ගොස් එහෙ මෙහෙ රවුම් ගසා නැවත සවස් යාමයේ නිවසට පැමිණෙනවා.

එයට උරණ වූ ධනුෂ්ක මෙම කාන්තාව සමග රණ්ඩු සරු වල් ඇති කර ගන්නවා . රන්ඩු දබර වී මෙම යුවළ මාස හයක කාලයක් මෙම පැල් කොටයෙහි ජීවත් වුණා.

ඉන්පසු තමයි මෙහි දරුණු ගැටුම් ඇති වන්නේ. මෙම දරුවන් හතර දෙනෙක් යුත් මවගේ ස්වාමිපුරුෂයා මෙම පැලට එන්නේ තම බිරිඳ ගැන පුදුමාකාර වෛරයකිනි. එහි දී මෙම කාන්තාව නිසා ගුටි බැටද හුවමාරු කරගත් දණුෂ්ක හා කාන්තාවගේ සැමියා අවසානයේ නතර වූයේ පොලිසියේදීය.

පොලිසිය පවසන ආකාරයට පසුගිය මාස කීපය තුළ ම මොවුන්ගෙන් පැමිණිලි ආ බවත් ඒ සියල්ලක් දීම ඔවුන්ට අවවාද කර යැවූ අතර ඔවුන්ගේ හැසිරීමෙහි කිසිදු වෙනසක් නොමැති බවත් ය.

අවසානයෙහි මෙම සිව් දරු මවගේ ස්වාමියා විසින් ඇයව රැගෙන ගිය අතර එයට දැඩි කෝපයට හා සංවේගයට පත් ධනුෂ්ක නමැති තරුණයා තමන්ගේ ජීවිතය නැති කර ගන්නේ ඔහුගේ ම ජීවිතයෙන් පලි ගන්නාක් මෙනි.

ස්වාමියා විසින් විවාහක කාන්තාව රැගෙන ගිය විට දැඩි කම්පාවට පත් දණුෂ්ක තම ආච්චි අම්මා සමග දුක බෙදා ගත් එය දරාගත නොහැකිවූ නො හැකි වූ මෙම තරුණයා ඔහුගේ ගෙල සිරකරගෙන ජීවිතයට සමු දුන්නේ රාත්‍රී 8 පමණය.

මෙලෙස මෙවන් වූ දෙයකට වෙනත් කෙනෙකුට හිරිහැර නො කර තමාගේ ජීවිතයෙන් පලිගැනීම මෙම ධනුෂ්ක තුළ ඇති සංවේදී කම මැනවින් පෙන්වා දෙයි. ඒ කොහොම වුණත් අවසානයේ මේ තරුණයා මෙවන් වූ ඉරණමක් සිදු කර ගැනීම අනුවණ ක්‍රියාවක් ලෙසත් ප්‍රශ්න ආ විට එයින් පලායෑම හෝ එසේත් නැතිනම් ජීවිතය විනාශ කර ගැනීම ප්‍රශ්නයකට දිය යුතු සුදුසු ම පිළිතුරක් නොවන බව සැවොම සිත් හි තබා යුතුයි. එසේම මෙවන් වූ සිද්ධීන් අනාගත තරුණ පරපුරට ආදර්ශයක් කර ගත යුත්තේ ප්‍රශ්නවලින් පලා නො ගොස් ඒවාට මුහුණ දීමෙනි.

Leave a Comment