local news

දුරකතන පෙන්වා නොමග යැවූ දියණියන්ගේ ශෝකාලාපය

පුංචි දරුවෝ ජංගම දුරකථන වලට දක්වන්නේ සුවිශේෂී ඇල්මක්. ඒ බොහෝ විට වීඩියෝ ගේම් හෙවත් වීඩියෝ ක්‍රීඩා වල නිරත වීම සඳහායි. මව හෝ පියා සේවය නිමවී නිවසට පැමිණෙන තුරු ඇතැම් දරුවන් බලා සිටින්නේ ජංගම දුරකථනය අල්ලා ගැනීමටයි. ඇතැම් දෙමව්පියන් දරුවන්ට ඇති ආදරය නිසාම ඔවුන් ඉල්ලන ඉල්ලන දේ දී මට පෙළඹෙන නමුත් ඇතැමුන් එසේ කරන්නේ නැත. එවැනි අවස්ථාවල මවුපියන්ගෙන් නොලැබෙන දේවල් පිටස්තරයන් ගෙන් හෝ ලබා ගැනීමට ඇතැම් දරුවන් පෙළඹෙන්නේ තමා ආශා කරන දේ කොහෙන් කාගෙන් හෝ ලබා ගැනීමේ අරමුණෙනි.
මේ බව දන්නා ඇතැම් තිරිසනුන්ටත් අන්ත මිනිසුන් හය හතර නොදන්නා පුංචි එවුන් රවටා ඔවුන් ආශා කරන දේවල් ලබා දී දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට උත්සාහ කරන්නේ ඉතා නින්දිත ලෙසයි. ජංගම දුරකථනයට ආශා කළ පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනකු අමනුස්සයන් වැනි මිනිසුන් අතින් අපයෝජනයට ලක් වූ සිදුවීම් දෙකක් පසුගියදා නාවලපිටිය සහ වැලිකඩ පොලිස් ස්ථානවල වාර්තා වුණා.

මින් එක් දැරියක් වන්නේ පියුමාලියි. ඇය වයස අවුරුදු 15ක පුංචි දැරියක්. පදිංචිව සිටියේ පූඩළුඔය ප්‍රදේශයේ. පියුමාලී කුඩාකල සිටම වයස අවුරුදු 18 ක වූ රාජා නමැති තරුණයෙකු සමග පෙමින් බැඳුණා. ඔහු නාවලපිටිය රොජසන් ගමේ පදිංචිකරුවෙක්. පූඩළුඔය සිටින පියුමාලි ට නාවලපිටියෙ සිටින පෙම්වතා දිනපතා හමුවීමට නොහැකි නිසා ඇය ඒ සඳහා ජංගම දුරකථනයක පිහිට පැතුවා. මේ සීයගෙ වයස අවුරුදු 84 කි. ඔහු නාකි මනමාලයෙක්. තම සීය එවැනි කෙනෙකු බව ඇය දැන සිටියේ නැත.

පෙම්වතාට දුරකථන ඇමතුම් ලබාගැනීමට සීයගෙ ජංගම දුරකථනයේ ඉල්ලාගෙන යන පියුමාලිට ඒ සඳහා ඇගේ සිරුරෙන් වන්දි ගෙවීමට සිදු වුණා. පෙම්වතාට දුරකථන ඇමතුම් ගන්නට ජංගම දුරකථනය දෙන සෑම අවස්ථාවකම සීයා පියුමාලිව අපයෝජනය කළේ සිත් පිත් නැති අධමයකු ලෙසයි. මේ අතර රාජා ගේ පියා හදිසියේම ජීවන ගමනට සමුදුන්නා. පියුමාලි පෙම්වතාගේ නිවසට ගියේ මිතුරියකද සමගයි. පෙම්වතාගේ පියා ගේ අවමඟුලට සහභාගි වීම සඳහා. පෙම්වතා නිවසේ දී එදින රාත්‍රියේ ඇයව අපයෝජනයට ලක් කළා. කාලය මෙසේ ගෙවී යන අතරේ පෙම්වතා පියුමාලි කී මග සලකුණු ඔස්සේ පියුමාලි ගේ සීයාගේ නිවසට යන විට පෙම්වතා දකින්නේ අදහා ගත නොහැකි දසුනකි.

ඒ අසූ හතර හැවිරිදි සීයා තම පෙම්වතිය අපයෝජනය කරන අයුරුයි. මිණිබිරියගේ පෙම්වතා මේ සිද්ධිය දුටු බව දැනගත් සීයා නිවසින් පලා යන්නේ ක්ෂණිකව යි. තම පෙම්වතියට සීයා කළ අපරාධය පෙම්වතා පෙම්වතියගේ මාමට පවසන්නේ කළ යුතු හොඳම දේ යැයි සිතාගෙන. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. මාමාගෙන් පෙම්වතාට ගුටිබැට ප්‍රහාර එල්ල වන්නේ නොසිතූ ලෙසයි. වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටුණු පෙම්වතා එතැනින් පිටව ගියා. ඒ අතරේ පියුමාලි ද සිය නිවසින් ආගිය අතක් නැති වුණා. ඇගේ මව ඇය සොයාබලා නොමැති නිසා පුඩළුඔය පොලිසියට පැමිණිල්ලක් කළා. පියුමාලි ඊට පසුවදා නිවසට පැමිණියා. මේ ගැන විමසන විට ඇය කීවේ පෙම්වතා අතින් පමණක් අපයෝජනය වූ බවයි. ඒත් ඇය වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණය වූයේ ඇය බොහෝ වතාවක් අපයෝජනය වී ඇති බවයි.

සැකකාර පෙම්වතා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනෙන්නේ ඔය අතර. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අසූ හතර හැවිරිදි සියා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

මීට සමාන ම අනෙක් වාර්තාව වූයේ වැලිකඩ පොලිසියෙන්. ඇය මහේශිකා. පදිංචිව සිටින්නේ වැලිකඩ පොලිස් වසමේ. මහේෂිකාට සහෝදර සහෝදරියන් ද කිහිප දෙනෙකු සිටිනවා. ඇගේ පියා පරලොව යෑමෙන් අනතුරුව මව අනියම් සබඳතාවයක් ඇති කර ගත්තා. ඒ 2018 වසරේ සිටයි. ඔහු මහේෂිකා ගේ නිවසේ පදිංචියට පැමිණෙන්නේ ඔය අතරතුරදී. ඔහු උඩවලවේ පදිංචිකරුවෙක්.වයස අවුරුදු හැට හතරක් නමැති මේ තැනැත්තා මහේෂිකා ගේ සිත ක්‍රමයෙන් දිනා ගන්නේ විවිධ උපක්‍රම මගිනි. මහේෂිකා මේ හැට පැනපු පුද්ගලයාට රැවටුණා. ඔහු ඇය අපයෝජනය කරන්නේ ඇසිල්ලේ ය. මේ තිරිසන් පුද්ගලයා මහේෂිකාට ජංගම දුරකථනයක් තෑගි කරන්නේ ඔය අතරතුරේ. ඉන් පසු ඔහු ඇය බරපතළ ලෙස අපයෝජනය කරන්නේ සිත් පිත් නැත්තෙක් මෙනි. 2018 වසරේ දී ය. එතැනින් නොනැවතුණු මෙම පුද්ගලයා රාජගිරිය බණ්ඩාරනායකපුර පදිංචි 54 වියැති ඔහුගේ මිතුරකුට ද දැරිය අපයෝජනය සඳහා අවස්ථාව සලසා දුන්නා.

මේ අතර දැරියගේ වැඩිමල් සොයුරිය තරුණයකු සමගින් පෙමින් බැඳුනා. ඔහු සමග විවාහ වීම ඇයගේ අරමුණ වුණා. මේ පුද්ගලයා 36 හැවිරිදි අයෙක් වන අතර මහියංගණය ප්‍රදේශයේ පදිංචි වූ පුද්ගලයෙක්. වෘත්තියෙන් හමුදා සෙබලෙකු වූ මොහු අක්කා කසාද බඳින්නට එන මොහු නංගී වන මහේෂිකාට ඇල්ම බැල්ම හෙලන්නට විය. වෙන්න මස්සිනා අතින්ද ඇය අපයෝජනයට වන්නේ ඔය අතරේ. තමා අක්කගේ පෙම්වතා අතින් දිගින් දිගටම අපයෝජනය වන බව මහේශිකා මිතුරකුට කියන්නේ ඔය අක්ක පනල්ලේදී. තම මිතුරිය මුහුණ පා සිටින සන්තෑසිය ගැන කම්පාවට පත් උනු මිතුරා මේ ගැන වැලිකඩ පොලීසියට පැමිණිලි කළා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දැරිය සොයා ගොස් ඇය සහ ඇගේ මව ගෙන් මේ ගැන ප්‍රකාශ ලබාගෙන තිබුණා. දැරිය මුලින්ම අපයෝජනය කළ 64 හැවිරිදි පුද්ගලයා ඒ වන විට පදිංචිව සිටියේ උඩවලව ප්‍රදේශයේ. ඔහු දැරියගේ මවගේ අනියම් පුරුෂයාය. සැකකරු සොයා උඩවලවට ගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නෙ නිවසේ සිටියදීය. දැරිය අපයෝජනය කල 54 හැවිරිදි පුද්ගලයා සහ දැරියගේ අක්කගේ පෙම්වතා ද අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවයි. මහේශිකා අපයෝජනය කළ තවත් පුද්ගලයින් සිටිය හැකි බව විශ්වාස කරන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තම දරුවන් ඇස් දෙක සේ රැක බලා ගත්තොත් පසු කාලීනව පසු තැවෙන්නට ලක් වන්නේ නැති නිසා එය අද සිටම කල යුතු දෙයකි.

Leave a Comment