local news

තේ කෝප්පයක් ඇල්ලූ මහා මංකොල්ලයක්

මුදල් වල වටිනාකම දන්නේ ඒවා උපයන කට්ටියමයි. අද කාලයේනම් මුදලට කරන්න බැරි දෙයක් නොමැති තරම්. සල්ලි තියෙන පුද්ගලයා බලවතා වන අතර සල්ලි නැති පුද්ගලයා දුබලයා වෙනවා. එම නිසා වර්තමාන සමාජ ක්‍රමය ගොඩ නැගී තිබෙන්නේ මුදල් පදනම මතයි.
මෙලෙස මුදල් හා බැදුණු පුවතක් තමයි මේ අහන්න යන්නේ. දඹුල්ල ප්‍රදේශයේ ආපනශාලාවකින් කෙටි ආහාර වර්ග කීපයක් රැගෙන රුපියල් 200ක බිලකට රුපියක් දාහේ නෝට්ටුවක් ලබා දී ඉතුරු සල්ලි නොගෙන ගිය පුද්ගලයෙක් ගැන සැක සිතුණු පොලිසිය ඔහු රදවාගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ ඇති බවට අනාවරණය කරගැනීමට හැකි වූ බව දඹුල්ල පොලිසිය පවසයි.

අනතුරුව ඔහු ගමන් ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී කොල්ල කෑ මුදල්ද සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කලා. දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී මොහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ අත්අඩංගුවට ගෙන් ඇත්තේ යුධ හමුදාවෙන් ඉවත්ව සිටි බව කියන තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
වෙළදසැලකට ගොස් කෙටි ආහාරයක් ගෙන තේ වතුර පානය කොට රුපියල් 200 ක බිල වෙනුවට රුපියල් 1000ක මුදලක් වෙලදසැල් හිමියාට ලබාදී ඉතිරි මුදල වෙළදසැල් හිමියාට තබා ගන්නැයි කියා මොහු පිටව ගොස් තිබේ. එය දුටු පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. අනතුරුව ඒ මොහොතේ මුර සංචාරය කරමින් සිටි පොලිස් කණ්ඩායම දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ නවතා තිබූ ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය පරීක්ෂා කිරීමේදී වාහනය තුළ සගවා තිබූ රුපියල් ලක්ෂ දහ තුනකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ කුලී පදනම මත මෝටර් රථය හා රියදුරු ලබාගත් බව හෙළි වී තිබේ. මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් උපයා ගත්තේ කෙසේ දැයි ප්‍රශ්න කිරීමේදී විවිධ උත්තර ලබා දීමත් සමගම මෝටර් රථය රියදුරු සහ මෙම පුද්ගලයා දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් ප්‍රශ්න කරන්නට වූ බව පොලිසිය සදහන් කලා. මෙම පිරිස සමග ප්‍රශ්න කරමින් සිටියදී වාරියපොළ පොලිසියෙන් හදිසි ෆැක්ස් පණිවිඩයකින් කියා ඇත්තෙ වාරියපොළ ප්‍රදේශයේ නිවසක් කොල්ල කා දඹුල්ල දෙසට මෝටර් රථයකින් අයෙකු පළා යන බැවින් අවධානය යොමු කරන ලෙසයි.

මේ පිලිබදව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා කඩිනමින් අවධානය යොමුකොට මෙම පුද්ගලයන් දෙදෙනා වෙන වෙනම ගෙන ප්‍රශ්න කිරීමේදී වාරියපොළ ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑ මුදල් රුපියල් ලක්ෂ පහළොවක් ලබාගෙන එම නිවසේම යතුරු පැදියක් සොරාගෙන කුරුණෑගල නගරයට පැමිණ කුරුණෑගල නගරයේ යතුරු පැදිය නවතා කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන තිස්සමහාරාමයට ගමන් කරමින් සිටින බව සැකකරුගෙන් හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ. අවසානයේ තේ කෝප්පයක් නිසා දරුණු මංකොල්ලකාරයෙක් අතටම හසු කරගන්නට සමත් වුණා.

Leave a Comment