local news

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරු ගේ මුහුණට මිරිස් කුඩු ගහල – අඹු සැමියන් එක්ව හොරකමේ ගිය හැටි මෙන්න

ජීවත් වීමේ ක්‍රමයක් නැති නිසා ණයක් ලබාගෙන හෝ ත්‍රිරෝද රථයක් මිල දී ගෙන එමගින් මිනිසුන් ව ප්‍රවාහනය කරන්නේ තම දරු පවුල රැක ගැනීමටයි. එහි දී විවිධ ප්‍රශ්න වලට ඔවුන්ට මුහුණ දීමට සිදු වනවා. සමහරක් මිනිසුන් මුදල් ගෙවා නො දෙන අතර තවත් සමහරක් සාධාරණ මුදල් ලබා දෙනවා.

මේ කියන්න යන්නේ කුළී රථ රියදුරෙක්ට සිදු වූ සිද්ධියකි. මෙය සිදු වී ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ ය. හෝමාගම පිටිපන පාසල් හන්දිය ආසන්නයේ දී ත්‍රිරෝද රථයකට නගින කාන්තාවක් ත්‍රිරෝද රථයෙන් හෝමාගම පිටිපන පොත් ගබඩා සංකීර්ණය ආසන්නයේ ට ගොස් එහි අතුරු මාර්ගයක ත්‍රීරෝද රථය නවත්වා මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ ජංගම දුරකථනයකින් කිසියම් අයකුට ඇමතුමක් දී ඇතැයි පැවසේ.

පසුව ටික වේලාවකින් කුලී රථයෙහි ගමන් ගත් කාන්තාවගේ සැමියා බව පැවසෙන පුද්ගලයකු පැමිණ ඇති අතර ඔහු පැමිණෙනවාත් සමඟම ත්‍රිරෝද රථයේ පිටුපස රැඳී සිටි කාන්තාව රියදුරු ගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන් වේ.

එම ස්ථානයට පැමිණි පුද්ගලයා ද ඔහු අත තිබූ මිටියකින් රියදුරාගේ හිසට පහර දී ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා මීටර් විස්සක් පමණ දුරින් පිහිටි කැලෑ බද පෙදෙසකට ඇද ගෙන ගොස් අතහැර දමා මෙසේ ත්‍රිරෝද රථය කොල්ල කා පලා ගොස් තිබුණා.

මෙම කොල්ලකෑ ත්‍රිරෝද රථය මීගොඩ ප්‍රදේශය හරහා ධාවනය වෙද්දී එය නවතන ලෙස පොලිසිය අණ කලත් අණ නොතකා නොනවත්වා ධාවනය කරද්දී එය පසුපස හඹාගිය පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථය අතරමඟ දමා පලා යන්නට දැමූ විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් දෙදෙනා එක්ව මහමග ගමන් ගන්නා ත්‍රිරෝද රථ කොල්ල කා එහි කොටස් ගලවා අලෙවි කිරීමට පුරුදුව සිට ඇති බවත් එලෙස කොල්ල කන ලද ත්‍රිරෝද රථයක් මීට මාසයකට පමණ පෙර හෝමාගම පොලිසිය මඟින් සොයා ගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය සදහන් කලා.

මෙලෙස කොල්ල කෑ බව පැවසෙන ත්‍රිරෝද රථය, අඟල් 32 වර්ණ රූපවාහිනියක්, ලැප්ටොප් යන්ත්‍රයක් සහ වතුර මෝටරයක් භාරයට ගත් බව පොලිසිය පැවසුවේ. මෙවැනි අකටයුතු ක්‍රියාවන් සිදු කරන මිනිසුන් ද මේ සමාජයේ බහුලව දැකගන්නට හැකියි. දෑතේ මහන්සියෙන් රැකියාවක් නොකර අනුන්ගේ දේවල් කඩා ගන්නට වෙර දරන මිනිසුන් ද මේ සමාජයේ සිටියි. එම නිසා මෙවැනි මිනිසුන්ගෙන් බේරී ජීවත් විය යුතුයි. තමන්ගේ දෑතේ විරියෙන් තම දරු පවුල රැක ගෙන ජීවත් වීමයි සුදුසු වන්නේ.

Leave a Comment