local news

අතක් හොල්ලලා පුතේ කිවුවා කිරි අම්මාගේ වියෝව නාරං මල්ලෙන් සොයා ගත් හැටි

තාක්ෂණයේ දියුණුවත් සමගම කාලයාගේ ඇවෑමෙන් අද සමාජයේ අහන්න දකින්න තිබෙන දේ හරිම භයානකයි. වර්තමාන සමාජයේ ජීවිත විනාශ වීම් නම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මිනිස්සු හරිම පුදුමාකාරයි. කෙනෙක් පවුල රැකගන්න වෙහෙසෙනවිට තවත් අයෙක් එය විනාශ කරන්න වෑයම් කරනවා.

එයට ප්‍රධාන හේතුව කෙනෙක් ජීවත්වුණ පවුල් පරිසරය බෙහෙවින් බලපානවා. එ වගේම කෙනෙක් වැරදි මාර්ගයට නැඹුරු වෙන්නේ පාප මිත්‍ර සේවනය නිසා කියන්නත් පුලුවන්. ඒ කොහොම සඳහන් කළත් පාප මිත්‍ර සේවනය නිසා තමන්ගේ ජීවිතය පමණක් නොව තම පවුලේ ද විනාශය ළඟාකර ගැනීමට හේතු සාධකයක් වෙනවා.

වර්තමාන තරුණ ප්‍රජාව මතට ලොල් වූ බවක් දැකගන්නට හැකියි. එය ඉතා අවාසනාවන්ත කාරණයක්. අනාගත දරු පරපුර තමයි රට බාරගන්නට ඉන්නේ. ඉතින් මේ රට බාරගන්නට මෙවැනි තරුණ පරපුරක් හිටියොත් අපිට රටක්ද නැති වෙනවා නොඅනුමානයි.

මේ කියන්න යන්නේ එවැනි දුසිරිතට යොමු වුණු තරුණයෙකුගේ අහිතකර ක්‍රියාකලාපය නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ කිරි අම්මා කෙනෙක් ගැනයි.

78 හැවිරිදි වයෝවෘද්ධ කිරිඅම්මා ගෙල සිරකර ජීවිතය විනාශ කර සැඟවී සිටි මුණුපුරෙකු කිරි අම්මාගේ හත් දවසේ දානය පැවති දා අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් කණ්ඩායමකට හැකිවී තිබෙනවා.
කිරි අම්මාගේ ජීවිතය විනාශ කිරීමෙන් පසු ඇගේ කරාබු දෙක ගලවාගෙන ගොස් ගිරිඋල්ල පොලිස් වසමේ උකස් කඩයකට අලෙවි කොට සැකකරු රුපියල් හත් දහසක් ලබාගෙන ඇති බව සඳහන් වෙනවා. සිද්ධියෙන් දිවි අහිමි වූයේ දඹදෙණිය කිතුලදෙනිය පදිංචි 78 හැවිරිදි හඳුන්කුට්ටි පතිරණලාගේ සොපි නෝනා නමැති කාන්තාවක්.

පොලිසිය පවසන අන්දමට අත්අඩංගුවට ගත් සැකකරු නාරං ගෙඩි කෑමට ගිජුකමක් දක්වන අතර ඔහු තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි අයෙකු බවත් වාර්තා වෙනවා. සැකකරු කිරි අම්මාගේ නිවසට ගොස් රුපියල් එක්දාස් පන්සියයක් ඉල්ලා ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අතරතුර සැකකරු ඇගේ වත්තේ තිබූ නාරං ගසේ ගෙඩි කඩා ෂොපින් බෑගයකට තබා ඇති අතර කිරිඅම්මා ලබාදුන් බුලත් ද කා තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අතරතුර කිරිඅම්මා නිවස තුළට යද්දී ඇය පිටුපසින් ගොස් ඇති අතර සැකකරු ඇයට පහර දී ඇය වැටුණු පසු ඇගේ ගෙල රෙදිකඩකින් හිර කර තිබෙනවා. ඒ වන විට ඇය සිහිසුන්ව ඇද වැටී එකවර අතක් සොලවා පුතේ යනුවෙන් ඇය ආමන්ත්‍රණය කර තිබෙනවා. මේ අතර ඇයගේ දිවි අහිමි වී නොවූ බව දැන ගත් සැකකාර මුණුපුරා කොට්ටයකින් මුහුණ තද කොට පසුව චිත්තයකින් ගෙල සිරකර තිබෙනවා. ඉන්පසුව කිරි අම්මාගේ කනේ තිබූ කරාඹු දෙක ගලවාගෙන පසුව මත්ද්‍රව්‍ය ප පානයට ඇබ්බැහි වූ අයකු ලවා උකස් කොට රුපියල් 6000 ක් ලබාගෙන ඉන් රුපියල් 3000කම මත්කුඩු පානය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ඇරඹුණු අතර කිරි අම්මාගේ නිවසේ තිබූ නාරං ගෙඩි සහිත මල්ලක් ඔස්සේ නිලධාරීන් විමර්ශන අරඹා තිබෙනවා.

ඒ අනුව නාරං කෑමට රුසියකු වූ ඇගේ මුනුපුරා ගැන සැකයක් ඇති කර ගත් පොලිසිය ඔහු සොයා තිබිය දී ඔහු ගමෙන් පළා ගොස් ඇති බව අනාවරණය කොටගෙන තිබෙනවා. පසුව රන් කරාඹු 2 උකස් කළ සැකකරුවා මාර්ගයෙන් උපාය දූතයන් සේ වෙස් වලාගෙන ගොස් දුරකථන මාර්ග ඔස්සේ සැකකරු සමඟ සබඳතා පවත්වා සැකකාර මුණුපුරා කැලණි පාලමට නුදුරු ඉඟුරුකඩේ හන්දියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

තම මුනුපුරාගේ බීමත්කම නිසා මෙම කිරි අම්මාගේ දිවි අහිමි වන්නට ඇති. මෙය මේ මිහිපිට සිදු වූ ප්‍රථම සහ මුල්ම සිදු වීම නොව. එම නිසා මෙවැනි ක්‍රියා නැවත අසන්නට නොලැබෙන්න ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment