local news

අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න ගිහින් අමාරුවේ වැටුණු දියණියක්

වර්තමාන තරුණ පරපුර සමාජ ජාලය ඕනෑ තරම් භාවිතා කරන්නේ අද සමාජය ද ගොඩනැගී ඇත්තේ ඊට අනුකූලව නිසයි. යෞවන යෞවනියන් තුළ මුහුණු පොත සහ අනෙකුත් සමාජ මාධ්‍යන් සමග ජංගම දුරකථනය බැඳී ඇත්තේ ඉදිකට්ටට නූල මෙනි. ඈත අතීතයේ ජංගම දුරකථනය නොමැති කාලයේ ළමා කාලය ද ඉතා සුන්දරයි. නමුත් අද සමාජය වන විට දරුවකු බිහි වනවාත් සමගම ඔහු හෝ ඇය මේ තාක්ෂණයට පෙලඹෙන්නේ නිරායාසයෙනි. එය අදාළ පුද්ගලයාට ඇඟිල්ල දික් කිරීම පමණක් නොව මෙම සමාජ ක්‍රමයේ ද ඇති දුර්වලතාවකි.

ඒ කෙසේ වුනත් වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය ද මෙම ජංගම දුරකථනය මඟින් සිදු කිරීමට අවැසි නිසා තාක්ෂණයේ දියුණුවට වැරදි අඩුපාඩු කිව නොහැකිය.

ඉතින් ජංගම දුරකථනයක් නිසි පරිදි භාවිතා කරමින් තමන්ගෙ වැඩ නිවැරදි ආකාරයෙන් සිදු කර ගන්නා දරුවන් මෙන්ම ඒවා තුලින් අයහමගට යන දරුවනුත් නැවතුවාම නොවේ. බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ අවාසනාවන්ත ලෙස මෙම දෙවන කාණ්ඩය යි.
දැන් අපි කතා කරන්න යන්නේ එවන් වූ ජංගම දුරකථනයක් මුහුණු පොතක් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයත් නිසි අයුරින් සිදු නොකල දියණියක් මුහුණ දුන් සංවේදී කතාවකටයි.

මේ සිදුවීම සිදු වන්නේ දඹුල්ල ප්‍රදේශයේ. ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විසි තුන් හැවිරිදි මෙම තරුණයා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් මිතුරු කර ගෙන ජංගම දුරකථන මුහුණු පොත සහ උපකාරක පන්ති මෙන්ම මාර්ග ගත ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ගැහැණු දරුවන් රවටා රහස් ස්ථානවලට ගොස් ජංගම දුරකථන භාවිතා කරමින් විවිධ අසභ්‍ය ඡායාරූප ලබාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසා දෙමව්පියන්ට තර්ජනය කර මුදල් ලබාගැනීමේ ජාවාරමක නියැලෙන අයෙක්.

එලෙස මෙම තරුණයාගේ රැවටීමට හසු වූ දැරියක්ටද රුපියල් 45.000ක මුදලක් ලබා දුන්නොත් ඡායාරූප මකන බව පැවසුවා. මෙම තරුණිය තම මව සමග දඹුල්ල පොලිසියට පැමිණිලි කරන අතරවාරයේ දී ඔහු අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියාමාර්ගයක් සකසා දියණියත් මවත් දැනුවත් කළා. එම තරුණිය ඔහුට මුදල් ලබා දීමට කැමති බවත් තමන්ගේ ඡායාරූප මුදල් ලබා ගැනීමෙන් පසුව මකන බව ඔහුට පවසා මුදල් ලබාගැනීමට දඹුල්ල කැකිරාව බස් නැවතුම් පොළට පැමිණෙන්නට කිව්වා.

මෙලෙස දිවයිනේ බොහෝ තරුණියන් රවටා මුදල් ලබා ගත් මෙම තරුණයා පොලිසියේ උගුලට හසුවුණේ ඉතා ක්ෂණයෙනි. මෙලෙස මෙම බස් නැවතුම් පොළට එන තරුණයා දිගින් දිගටම දුරකථනය තුළ රැඳී සිටිමින් තරුණිය සමග කතා කිරීමට එන විට වෙස් වලාගත් පොලිස් කණ්ඩායම ඔහුව අල්ලා ගන්නට සමත් වුණා.

මෙලෙස ඔහුගේ දුරකථනය පරීක්ෂා කර බැලූ පොලිසියට විවිධ තරුණියන්ගේ ඡායාරූප විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා. මෙම සැකකාර තරුණයා ගේ මව ඔවුන් ඉතා අමාරුවෙන් ජීවත් වෙන බවත් තරුණයාගේ රූපය අලංකාර නිසා තරුණියන් වසඟ වෙන බවත් මොහු මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටින තරුණයෙක් බවත් පැවසුවා.

ජංගම දුරකථනයක් අතට ගත් සැණින් අධ්‍යාපනික ක්‍රමවේද හරහා බව පවසමින් දෙමව්පියන් නො මඟ යවා විවිධ අයගේ බස්වලට රැවටී ජීවිතය වරද්දා ගන්නා තරුණයන් හා තරුණියන් ඕනෑ තරම් අද සමාජයේ මේ දිනවල දැක ගැනීමට නම් හැකිය. එබැවින් දෙමව්පියන් ද තම දරුවන් පිළිබඳ ව දැඩි අවධානයෙන් සිටීමට වග බලා ගත යුතුයි.මෙවන් වූ තරුණයෙකුට අද මේ තරුණිය හසු වූවා වගේ හෙට මෙවන් වූ කරදරයකට පත් වන්නේ ඔබේ දරුවා විය හැකිය.

Leave a Comment