local news

අපි ප්‍රාර්ථනා කරපු විදියට ම දරුවො හය දෙනාම සම්බුද්ධ ශාසනයට දෙන්න අපි ලෑස්තියි

දරු පෙම මහමෙරක් තරම් ඇති දෙමවුපියෝ ඒ පිලිබදව ඉඟියක් ලැබෙන තුරු බලා ඉන්නේ නොඉවසිල්ලෙන්ය. එවැනි වාසනාවන්ත දුර්ලභ කතාවක් තමයි මේ. ලංකාවේ පළමු වරට ඉපදුණු සය නිවුන් දරු උපත ගැනයි. ඒ තිදෙනකු ගැහැනු දරුවන් වන අතර අනෙක් තිදෙනා පිරිමි දරුවන් ය. මේ වාසනාවන්ත සය නිවුන් දරුවන්ගේ මව තිස් එක් හැවිරිදි දිලිනි වාසනා දයානන්ද යි. පියා වූයේ උදයංග.

මේ දෙදෙනාගේ උපන් ගම වූයේ වව්නියාව මාමඩුව ය. කුඩා කල සිටම දැන හඳුන ගෙන සිටි ඔවුන් පෙම්වතුන් විය. එසේම ඔවුන් ළඟම ඥාතීන් ද වූවා. උදයංග සරසවි අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික ආයතනයක යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු ඇරඹීය. වාසනා පාසල් අධ්‍යාපනයෙන් පසු තොරතුරු තාක්ෂණය ඉංජිනේරුවරියක ලෙස කටයුතු කළා.

පුංචි ආදරයකුත් මොවුන් දෙදෙනා අතර තිබෙන කාලයේ දී දිනක් උදයංග ගේ මව පැමිණ මංගල යෝජනාවක් ගැන කතා කරන විට එය ඇසූ ඔහු පුදුම වුණා. තම මවගේ ද යෝජනාව වූයේ හිතේ තියෙන වාසනාමයි. උදයංග එයට ප්‍රතිචාර දක්වන්නේ ඉමහත් ප්‍රීතියෙනි. මේ දෙදෙනා ගේ සිතුම් පැතුම් බොහෝ විට සමානයි. ඒ අනුව සියල්ලන්ගේ ම ආශීර්වාදය මැද වාසනාත් උදයංගත් අතිනත ගන්නේ 2019 මැයි මස 16 වන දා.

විවාහයෙන් පසුව කැලණිය ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට ආ මොවුන් දෙදෙනා කැලණිය පුදබිමට කිට්ටු නිසා නිතර නිතර පන්සලට ගොස් බුදු ගුණ සිහි කරමින් ආදරණීය දරුවන් ප්‍රාර්ථනා කළා. ඉන් පසුව අප්‍රේල් මාසෙ අළුත් අවුරුද්දට ගමේ ගිහින් කිරිබත් කාලා සතුටු වෙලා කිරි ආහාර පන්සලට පූජා කලා. ගැබ් ගැනීමෙන් පසුව ඇතිවුන ශරීරයේ වෙනස්කම් නිසා මූලික පරීක්ෂාවක් සිදු කළා.

එහි දී ධනාත්මක පිළිතුරක් ලැබුණත් එය හරියටම දැනගන්නට අවශ්‍ය වූ නිසා බ්ලඩ් ටෙස්ට් එකක් කලා. ඉන් පසුව එයින් හරියටම තහවුරු වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ එතැන් පටන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටයි. ස්කෑන් පරීක්ෂාවකට ලක් වූ ඔවුන්ට මුලින්ම බබාලා
දෙන්නෙක් වෙන්නැති කියා ඔවුන් සිතුවා.
ස්කෑන් පරීක්ෂණයට මුහුණ දුන් ඔවුන්ට ප්‍රථමයෙන්ම වෛද්‍යතුමිය බබාල දෙදෙනෙක් ද ඉන්පසුව නැවතත් බලලා බබාලා තුන්දෙනෙක් ද තව ටිකකින් ආයෙමත් බලලා බබාලා හතර දෙනෙක්ද කියලා කිවුවා. ඊළඟ ස්කෑන් පරීක්ෂාව යෙදී තිබුනේ තව සති දෙකකින්. නො ඉවසිල්ලෙන් බලා සිටි දිනය උදා වුණා එහි දී රෝහලට ගිය ඔවුන් දෙදෙනාට අසන්නට තිබුණේ කිසිදාක අසන්නට බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ වාසනාගේ කුස තුල දරු පැටවුන් හය දෙනෙක් සිටිනා බවයි. එදා සිට වාසනා බොහෝ සෙයින් ප්‍රවේසම් වුණා.

දරුවො ලැබෙන්න සති දෙකක් විතර තියෙද්දී වාසනාගේ බර වැඩි වුණා. ඒ අනුව වෛද්‍ය ටිරාන්ගේ උපදෙස් මත දරු ප්‍රසූතියට ඇයව රාගම රෝහලට පළමුවෙන්ම ඇතුළත් කළා. දරුවන් 6 දෙනෙකු බිහි කිරීමට එහි පහසුකම් අඩු වූ හෙයින් නයින්වෙල්ස් රෝහලට ඇතුළත් වුණා. ඒ වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය පෙරහුරු කිහිපයක් ම කළේ මෙම ප්‍රතිකාරය වඩාත් පහසු කරවනු පිණිස ය. දරුවෝ පැටවුන් හය දෙනාම සිසේරියන් සැත්කමකින් බිහි කර ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වුණා.
වාසනාවටත් උදයංගටත් ඇත්තේ මහත් ප්‍රීතියකි. සාසනයට පූජා කිරීමට දරුවන් ප්‍රාර්ථනා කල ඔවුන් මෙම දරුවන් හය දෙනාම ශාසනයට යනවනම් වාසනා ඒකට හිත හදා ගෙන ඉන්නේ. එයාලාගෙන් බණ පදයක් අහලා ඒ සසර ගමන කෙටි කරගන්නට ලැබෙනවා නම් වාසනාටත් උදයංගටත් ලබන්න පුළුවන් සැබෑම සතුට ඒක ලෙසයි ඔවුන් විශ්වාස කරන්නේ. මුළු ලෝකයෙන් ම ලැබෙන සුබ පැතුම් මැද ඔවුන්ගේ අනාගතය බොහෝ වසනා වේවා යැයි අප නැවත නැවතත් හදවතින් ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Comment