local news

සතුන්ගේ හඩත් එක්ක මගේ පපුව හයියෙන්ම ගැහෙන්න පටන් ගත්තා

ගැහැනුන්ගේ හිත් හරි හයියයි. ධෛර්යමත් කාන්තාවන් සිටින සමාජයක් මේක. ඉතින් ශනුලි නිල්නයනි කියන්නේ 28 හැවිරිදි තරුණියක්. ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුල බෙහෙවින් කතා කරන්නට වෙනවා. ඒ ඇය අවාරයේ තනිව සිරිපා කරුණා කළ බව සදහන් වන පුවතක් නිසයි. ඒ පිළිබඳව ඇය තම මුහුණු පොතේ සටහනක් දැක්වූයේ මේ අයුරෙන්.

මේ ගමන ගැන ලියද්දි ම දන්නවා බොහෝ දෙනෙක් ගෙන් බැනුම් නම් අහන්න වෙනවා කියලා. එකපාරටම වගේ හිතට ආපු නිසා තනියම ඉන්න ඕන කමත් නිසාම අවාරයේ සිරිපා කරුණා කරන්න හිතුනා. වෙනදා වගේම මං ගැන මට තියන විශ්වාසයක මට ඕන වුණේ නිස්කලංකව සමනල අඩවියේ සැරිසරන්නයි. ඉතින් දවස් දෙකක් ඇතුළත කොළඹ ඉඳලා කුරුවිට එරත්න පාරෙන් උඩ මළුවට යන ගමන් විස්තර එකතු කර ගත්තා.

ඒ වෙනුවෙන් සමනල කන්ද රසික එකමුතුව සමූහය ගොඩක් ප්‍රයෝජනවත් උනා වගේම ගොඩක් අය මට ගමනේ මුල ඉඳන්ම විස්තර දුන්නා. ඒ හැමෝටම ගොඩක් පිං. සිකුරාදා ඔෆිස් එකෙන් ගෙදර ඇවිත් 12 විතර වෙන කොට මන් ගමනට ලෑස්ති වුණා. ගෙවල් කිරිබත්ගොඩ නිසා කොළඹ බස් ස්ටෑන්ඩ් එකටම ඌබර් එකක් දාගත්තා. කොළඹ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකෙන් බදුල්ල බස් එකකින් තමා මම කුරුවිටට ආවේ. රත්නපුර බස් එකෙන් එන්නත් පුළුවන්. පැය දෙකක් තුනක් ඇතුළත කුරුවිටින් බැහැ ගන්න පුළුවන් වුණත් මම වේලාසන වැඩි නිසාම සෙනසුරාදා පොළ නිසා එළවළු කඩයක කට්ටිය එක්ක විස්තර කතා කර කර තේ එකක් බොන්නත් මට පුළුවන් වුනා.

මට නැවතුමක් නැතුව උඩ මලුවට යන්න ඕන නිසා කුරුවිටින් පාන්දර හයට මම ත්‍රීවීල් එකක් ගත්තා. මගෙන් ගත්තෙනම් 500යි. ඒ වුණාට සාමාන්‍ය ගානනම් 800ක් විතර වෙනවලු. එහෙමත් නැත්නම් 6.20 ඉදලා බස් තියෙනවා කුරුවිට ස්ටෑන්ඩ් එකෙන් අඩවිකන්ද කියලා. ඒකෙන් ගිහින් එරත්නින් බහින්න පුලුවන්. එරත්න ඉදලත් පොඩි දුරක් තියෙනවා. ඒ තැනට ගූගල් එකේ sri padaya kuruvita erathna trail කියලා සර්ච් කලාම එනවා.


උදේ 6.30 වෙනකොට ස්ටාර්ටින් පොයින්ට් එකෙන් මන් ගමන පටන් ගත්තා. කෝකටත් කියලා රෑ ඉන්න වුණොත් කන්න එහෙම මං වැඩිපුර කෑම වගේම හදිස්සියකට ඕන කරන දේවල් first Aide එහෙමත් අරගෙන තමා ගියේ. පාර හොයාගන්න එතරම් අපහසු වුණේ නෑ. වැස්ස එක්ක පොඩි පොඩි දිය පාරවල් ගොඩක් ලොකුවට තිබුණා. සමහර අවස්ථාවල කැලේ කොටස වැඩි වෙනකොට සත්තුන්ගේ හඩ එක්ක පපුවත් හයියෙන් ගැහෙන්න ගත්තා. ඒ හැම වෙලාවෙම හිතින් හිතුවෙ ගෙදරින් එනකොට අතට ගත්තු මගෙ බාරෙයි අයියගේ බාරෙයි කොහොමහරි උඩ මලුවට අරගෙන යනව සමන් දෙවිදුගෙ පිහිටත් ආරක්ෂාවත් එක්ක මම සිරිපා වදිනවා කියලා.

ගමන පටන්ගද්දිම නඩයක් හම්බ වුණා. මල්ලිලා හතරක්. එයාලා හැරමිටිපාන අම්බලමේ නැවතිලා යනව කිව්වා. මම එයාලා පහු කරගෙම දිගටම අඩිය ඉක්මනින් ආවේ 3 වෙද්දි වගේ මලුවට කරුණා කරන්න. කුරුවිට එරත්න පාරෙන් කරුණා කරන කෙනෙක්ට දුර ප්‍රමාණය සහිත සටහනක් තිබුණා. මමත් මේක බල බල දුර ප්‍රමාණය අනුව වෙලාව බැලන්ස් කරගෙන තමා ගියේ. නැවතිලා කන්න වුණත් මන් ගත්තෙ විනාඩි 10කටත් අඩු කාලයක් වැදගත්ම දේ මම ගූගල් එකේ සමනල අඩවිය මුලු කොටසම offline map එක සේව් කරගෙන ගියා. ගමන පටන් ගන්න මොහොතකට කලින් අන්තිමට ඩේටා තිබ්බ වෙලාවෙත් ආයෙම සේව් කරගත්තා.

උදේ 6.30 ට ගමන පටන් ගත්තු මම සීත ගගුල ගාවට එද්දි 9.35 වගේ වුණා. එතන ඉදලා උඩ මලුවට එන්න වැස්ස එක්ක ටිකක් වෙලා ගියා. මහන්සියත් හොදට තිබුණා. එකපාරම ලොකු දුරක් නිසා වැඩිපුර මහන්සි දැනුනා. කොහොමින් හරි උඩමලුවට කරුණා කරපු මම ඉහවහා ගිය හිතේ සතුටත් අසීමිත භක්තියත් එක්ක මුනි සිරිපා වැදපුදාගෙන බාර හාරත් කළා.
උඩමලුවට ඒ වෙනකොටත් නඩ කීපයක්ම කරුණා කරලා තිබුණා. එතනිනුත් කිහිප දෙනෙක්ම මාව අදුනගෙන ඇවිත් කතා කලා. හැමෝටම ස්තූතියි. ඒ විදියට උඩමලුවෙ පැයක් හිටපු මගේ ආපහු එන මාර්ගය වුණේ නල්ලතන්නිය මාර්ගයයි. මලුවේ ඉදලාම නල්ලතන්නියට වෙනකල් නඩ දෙකක් මන් එක්කම පහළට කරුණා කළා. රතු අම්බලම කිට්ටුවට එද්දි රෑ වෙලා තිබුණ නිසා අපි හැමෝම එතන නැවතුණා. කෑම ලග තිබුණත් එක නඩයක වෙනස්ම විදියකට හදපු රසම රස කොත්තු මී මැගී දෙවන බත නූඩ්ල්ස් එකක් හිනාවෙවී රස බලන්නත් තව නඩයක රසම රස උණු කෝපි එකක් රස බලන්නත් මට පුලුවන් වුණා. තවත් පැය කිහිපයක් මහන්සිය ඒ විදියට නිවාගෙන පාන්දරම පිටත් වුණේ උදේ 7ට කොළඹට පිටත් වෙන බස් එකේ ආපහු පරිස්සමෙන් ගෙදර එන්නයි. සමහර ෆොටෝ ගත්තෙනම් වෙන කවුරුත් නෙමේ ෆෝන් එක ගල්වල හේත්තු කරලා කෝටු කෑලි ගහල ටයිමින් තියලා එහෙම. ස්ටික් එකක්වත් ගෙනියන්න තිබ්බෙ නැති නිසා.

කෙල්ලෙක් විදියට තනියම ගියපු මේ ගමන මට අලුත් අත්දැකීමක් ජීවිතයට එකතු කළා.
ඉතින් මේ ශනුලි නිල්නයනි තරුණිය මේ සිදු කල වීරක්‍රියාව සෙසු කානතාවන්ටත් මහත් ආදරශයක්. යමකිසි දෙයකට ඉල්ලක්කයක් ඇත්නම් ඒ දේ අපිට අනිවාරෙන්ම සිදු කල හැකියි. ඉල්ලක්ක සපුරාගැනීමට බෙහෙවින් අභියෝග ජීවිතයට ආවත් ඒ හමුවේ නොසැලී ඉදිරියටම යා හැකි වන්නේ ඒවාට නොබියව මුහුණ දීමෙන්. විවිධ අභියෝග හමුවේ පළා යාම වෙනුවට අභියෝගවලට මුහුණ දී ඒවා සාර්ථක කරගැනීමෙන් අපේ ජීවිතයට යහපතම උදා වෙනවා.

Leave a Comment