local news

දෘශ්‍යාබාධිත කාන්තාවන් පමණක් සේවයේ නියුතු ඇඟලුම් කම්හලක්

දෑස් නොපෙනෙන මිනිසුන් ලෝකය දකින්නේ අහන ඇහෙන දේවල් වලින්. එබැවින් තමන්ගේ වැඩක් සිදු කර ගන්නේ ඉතා අපහසුවෙන්. එබැවින් එවැනි කාන්තාවන් දිරිය ගන්වන්නට ෂමීන් ෆලල්ඩීන් මහත්මිය සමාජ මෙහෙවරක් සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැලිසර නගරයට ආසන්න කුඩා ඇඟලුම් කම්හලක් ඇති අතර එහි විශේෂත්වය වන්නේ අන්ධ කාන්තාවන් පමණක් සේවයෙ නියැලීමයි. ඔවුන් සියලු දෙනා රටේ බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි අය වේ.

කම්හලේ සිටින එකම අන්ධ නොවන තැනැත්තිය ලෙස ආයතනයේ භාරකාරිය වන ශමීන් ෆලල්ඩීන් මහත්මිය ලෙසත් එහි සේවය කරන සියලු දෙනා දෑස් නොපෙනෙන කාන්තාවන් ලෙසත් හැදින්විය හැක.
මෙම ෆලල්ඩීන් මහත්මිය සමාජ සේවයක් කිරීමට ඇති ආශාව මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කලා. ආරම්භයේ දී දෘශ්‍යාබාධිත කාන්තාවන් හට මහන මැෂිම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම මෙම මහත්මියට මහත් අභියෝගයක් විය. නමුත් අද වන විට පෙනෙන මිනිසුන්ට පවා අභියෝගාත්මක ලෙස සංකීර්ණ නිර්මාණ මැසීමේ දක්ෂ කාන්තාවන් බිහි කිරීමට ඇය සමත් විය.

කම්හලේ අන්ධ කාන්තාවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔවුන්ගේ පවුලේ ආදායම ඉහළ නැංවීමට අමතරව කිසිවෙකුට බරක් නොවී තම කුසලතා වර්ධනය කර ගනිමින් ජීවත් වීම සමාජයට වටිනා පාඩමක් කියා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අපනයන හා දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතියෙන් ඉහළ ප්‍රතිශතයක් නියෝජනය කරයි. ෆලල්ඩීන් මහත්මිය පවසන පරිදි ආයතනය 2019 දී ආරම්භ කළ අතර ඒ වන විට අන්ධ කාන්තාවන්ට මහන මැෂිම භාවිතා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කිසිදු දැනුමක් නො තිබූ නමුත් කාලය හා පුහුණුව සමග ඔවුන් සියල්ලන් ම දක්ෂ මැහුම් ශිල්පීන් බවට පත් වූ අතර පුද්ගලයින් හට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමෙන් ඔවුන් සාර්ථක වන බව ෆලල්ඩීන් මහත්මිය අත්දුටු බව ඇය සඳහන් කළා.


මෙලෙස දෘශ්‍යාබාධිත කාන්තාවන් උදෙසා මෙවැනි මහඟු සේවයක් කිරීම පිළිබඳව මෙම මහත්මියට බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. ඇය වැනි උතුම් සමාජ සත්කාරකයන් සිදු කරන මෙවැනි කාන්තාවන් තවත් පහළ වේවා.

Leave a Comment