local news

කිරිලි පැටවුන්ට හදිකල වෑන් අංකල්

වැඩිහිටි පුද්ගලයන් විසින් දුවා දරුවන් රැක බලා ගැනීම වෙනුවට අද සමාජයේ දැක ගන්නට හැකි වෙන්නේ මල් කැකුලු වලට නිදහසේ වික සිත වීමට නොදී ඔවුන්ව තලා පෙලා පොඩි කරන හැටිය. මේ දැන් අහන්න හදන්නෙත් එවැනි සිදුවීමක්.

එකම පවුලේ බාල වයස්කාර අක්කයි නංගියි වසර දහයක් තිස්සේ අපයෝජනයට ලක් කළ බව කියන පෞද්ගලික පාසල් වෑන් රථ රියදුරකු ගැනයි. 40 හැවිරිදි පාසල් වෑන් රථ රියදුරකු විසින් මෙවැනි අවාසනාවන්ත සිදු වීමක් සිදු වී ඇත්තේ. එකම පවුලෙ සහෝදරියන් දෙදෙනෙකුට අතවර කල මෙම රියදුරු නංගිට වයස අවුරුදු හතරෙ සිටද අක්කාට වයස අවුරුදු නමයේ සිටද වසර දහයක් තිස්සේ අපයෝජනයට ලක් කර තිබෙනවා.

මෙම වෑන් රථ රියැදුරා දැරියන් දෙන්නා නිවසින් නග්ගවා ගෙන අනතුරුව පාසලේදී බස්සවා නැවත පාසල් ඇරී නිවසට ගෙන එන අවස්ථාවේ කුඩා දැරිය කලින් පාසල් ඇරී වැඩිමලා පැමිණෙන තුරු වාහනයේ රැදී සිටින අවස්ථාවල දැරිය රවටාගෙන මුල් කාලයේ විවිධ ස්පර්ශ කිරීම් සිදු කර ඇති බව හෙලි වී ඇත. පසුව මේ කුඩා දැරිය ඊට හුරු වී ඇත. කිසිවකුට නොපවසන ලෙස පවසා ඇයට විවිධ කෑම ජාති තෑගිබෝග ලබාදුන් බව දැරිය පවසා තිබෙනවා.
පසුකාලීනව වැඩිමල් දැරිය ද මෙම කාර්යයට ඔහු නම්මවා ගෙන තිබෙන අතර ඊට ඇබ්බැහි වූ දැරියන් වෑන් අංකල් සමග විනෝද වීමට පාසල් වේලාවෙන් පසු රැඳී සිටීමේ හා නිවාඩු දිනවල ද පුරුදු වී ඇත. මෙලෙස අතවර කිරීමට යොදා ගෙන ඇත්තේ වෑන් රථයේ පසුපස අසුනයි. මෙම කටයුත්ත කාලයක් තිස්සේ සිදු වෙද්දී ඇතැම් විට දැරියන්ගේ කැමැත්ත අභිබවා යමින් ඔහු විධාන කරමින් ඔහු සමග එක් වීමට බල කර ඇත.

අදාල දරුවන් දෙදෙනාම මේ වන විට වයස අවුරුදු 14 සහ 19 වයසේ පසුවන අය වන අතර රියදුරු අංකල් වද කරනවා කියමින් කුඩා දියණියගෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment