local news

සුවහසක් රසිකයින් සංවේදී කරමින් රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා දිවි මඩලින් සමුගනී

ලාංකීය කලා ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකල සරත් චන්ද්‍රසිරි මහතා පුංචි තිරය , වේදිකාව වගේම සෑම අංශයකින්ම ප්‍රේක්ෂකයන් අතරට එන ප්‍රවීණ රංගන ශිල්පියෙකි. 1979 හොදම ළමා නලුවා ලෙසින් ප්‍රථමයෙන් සම්මානයට පාත්‍ර වෙන්න මොහු සමත් වෙලා තියෙනවා. අමා ටෙලි නාට්‍යයේ සිරිමල් ලෙසත්, පබා ටෙලි නාට්‍යයේ වසන්ත ලෙසත් රංගනයෙන් දායක වුණා. ඒ වගේම රන් කොල්ල චිත්‍රපටයේත්, නිදහසේ පියා ටෙලිනාට්‍ය වලත් රාජ කපුරු වැනි ප්‍රහසනාත්මක නාට්‍ය වලත් ඔහු රංගනය සිදු කරල තිබෙනවා.

නම ඇහුවත් බයවෙන සමගිපුර වසන්ත සැබෑ ජීවිතයේ නම් බොහොම සරල මනුස්සයෙක්. ඒ වගේම කාර්යබහුල සරත් චන්ද්‍රසිරි තම දුව ඉපදෙන දවසේ ඔහු ටවර් හෝල් එකේ වේදිකා නාට්‍යක් රග දක්වමින් සිටිය බවයි ඔහු පැවසුවේ. එම නිසා රෝහලට යන විට රාත්‍රී 11 ට පමණ වුණා. ඔහුට ඕනෑ කර තිබුණේ කෙතරම් කාර්යබහුල වුවත් තම දියණියගේ මූණ බලා ගැනීමටයි. ඒ ඔහු ඒ තරමටම පවුලට හිතවත් පුද්ගලයෙක් බැවිණි.

චරිතාංග නලුවෙක් විදියට ඕනෑම චරිතයක් රඟ දැක්වීමට සිදු වන සරත් චන්ද්‍රසිරි බොහෝ ලෙස රග දැක් වූයේ දුෂ්ට චරිත. ඉතින් ඔහුගේ පවුලේ පුද්ගලයින් පවා එයට අකමැත්තක් දැක්වූවා. එම නිසා ඔවුන් විටෙක රූපවාහිනිය නැරඹුවේ ද නැහැ. ඒ වගේම නරක මෙන්ම හොඳද නිවසෙන් අසන්නට ලැබුණා. ඒ කියන්නේ හොඳ චරිතයන් තුලදීද නිවසෙන් හොඳම ප්‍රතිචාරත් ඔහුට ලැබුණා. ඕනෑම චරිතයක් නිසියාකාරව සිදු කරන්නට සමත් මොහු ඉතා දක්ෂ රංගන ශිල්පියෙකි. පානදුර උපත ලැබූ සරත් චන්ද්‍රසිරි කලා ශිල්පියා ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහු ප්‍රථමයෙන් රංගනයෙන් දායක වුණේ ‘රටේ වෙදා ‘නාට්‍යයේ. රටක් පිලිගත් මේ ප්‍රවීණ කලා ශිල්පියා තාත්වික රංගනයකින් ප්‍රේක්ෂකයා පිනවීමට හැකියාව ඇත්තේ ඔහු සැබෑම කලාකරුවෙක් නිසාය.

ඉතින් ඔහු පසු ගිය කාලයේ දී සහභාගි වුණ වැඩසටහනකදී සදහන් කලේ ඔහුගේ ජනප්‍රිය වීම පිලිබදව ඔහු සතුටින් සිටින බව. ඒ වගේම මෙම කලා ශිල්පියා අද මේ සිටින තැනට එන්න උදවු කලේ සරත් කුලාංග කලා ශිල්පියා. ඔහු සරත් චන්ද්‍රසිරි මහතාගේ පාසලේ ගුරුතුමාද වනවා. ඉතින් ඇත්තටම ඔහු සිතන ආකාරයට එය විටෙක අපහසු කාර්යක්ද වෙලා තියෙනවා. ඒ ඔවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු කරන අවස්ථාවේදී සරත් චන්ද්‍රසිරි මහතා විසින් සරත් කුලාංග මහතාට එනම් ගුරුවරයාට පහරදීමට ද අවස්ථා යෙදිලා තිබෙන නිසා. ඒ වගේම සරත් චන්ද්‍රසිරි මහතාට ප්‍රථමයෙන් ආදරය දැනිල තියෙන්නේ පාසලේ නවය වගේ ශ්‍රේණියකදී. ඒ වගේම ඔහු පවසන්නේ ඔහුගේ ප්‍රථම ආදරය එක් දවසක් තිබිල තියෙන්නේ බවත්.


ඉතින් කනගාටුදායක සිද්ධිය වන්නේ අධි රුධිර පීඩනය නිසා මොලයේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කෝමා තත්ත්වයට ද පත් වී තිබුණා. ඔහු රෝගී තත්ත්වයට පත්වන විට රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයේ බස් රියදුරෙකු වශයෙන් රංගනය සිදුකළා. ඉතින් එම නාට්‍යයේ සුදු මැණිකේ චරිතය රංගනය කරන අමන්දා ජයරත්න සිය ඉන්ස්ටග්‍රෑම් එකේ සංවේදී සටහනක් පළ කලා.
“අනේ මාමේ ඉක්මනින් එන්නකෝ, ඔයා නැතුව අපට පාලුයි”
ඒ වගේම දයාන් විතාරණ යන සරත් චන්ද්‍රසිරි මහතා ගැන ඔහුගේ මුහුණු පොතේ මෙලෙස සංවේදී සටහනක් පළ කළා.
“සරත් චන්ද්‍රසිරි සොහොයුරාණන් දැයක සෙත් පැතුම් මැද ජීවන රඟ මඩලින් සමුගනී. ප්‍රතිභාපූර්ණ චරිතාංග රංගන ශිල්පියෙක් වන සරත් චන්ද්‍රසිරි කලක් රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අද අළුයම සිය ජීවන ගීතය ගයා නිම කළේය.
වේදිකාවේත් පුංචි තිරයේත් අපූරු චරිත මැවූ ඔහු වඩාත් ජනප්‍රිය වූයේ පුංචි තිරයේ පබා ටෙලිනාට්‍යය සමගිපුර වසන්ත ගේ චරිතයෙන් යැයි මට සිතේ. ඉන්පසුව මලී සහ අත්තම්මා ටෙලි නාට්‍යවල ඔහු රංගනය කළ උක්කුවා ගුරුන්නාන්සේ ගේ චරිතය ද කතාබහක් ඇති කළේය.
එදත් අදත් එක ලෙස නිතර ටෙලි නාට්‍යය හරහා සරත්ව අපට දක්නට ලැබෙන අතර පසුගිය දිනවල විකාශය වූ අඩෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් ඔහු රංගනය කළ රාජා ගේ චරිතය ඉකුත් දා සුමති සම්මාන උළෙලේ ඇගයීමට ද ලක් වුණි.
එමෙන්ම ඉකුත් දිනවල විකාශය සල් මල් ආරාමය ටෙලි නාට්‍යය සඳහා රංගනය කරන කපු මහත්තයාගේ චරිතය මෙන්ම මේ දිනවල විකාශය වන රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යය බස් රියදුරු ගේ චරිතය ද ඔහුගේ විශිෂ්ට රංගනයන් ය.
රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයේ රංගනය කරමින් සිනමාවට අවතීර්ණ ව සිකුරු හතේ එහි පොලිස් නිලධාරියා, මගේ ඩිගෝ ඩයි හි චන්ද්‍රපාල ගින්දරී හී බේබදු මිනිසා, මායා හි කපු මහතා, ඩොක්ටනවරියන් හි සර්කිට්, මධුර චාරිකා හි බස් නැවතුමේ සිටින මිනිසා, අඳුරු සෙවණැලි වනජීවි නිලධාරියා වැනි මතකයේ රැඳෙන චරිතාවලියක් ඉදිරිපත් කළ සරත් අති දක්ෂ ප්‍රහසන ශිල්පියෙකි.
මෙහි පලවන පැරණි ඡායාරූප ජයලත් මනෝරත්නයන්ගේ කනේරු මල් වේදිකා නාට්‍යයේ ප්‍රචාරක කටයුතු සඳහා මා අදින් වසර විස්සකට පෙර ගත් ඔහුගේ ඡායාරූපයන් ය. එහි එක් ඡායාරූපයක ආචාර්ය ජයලත් මනෝරත්නයන් වික්ටර් රාමනායක සමඟ සරත් පෙනී සිටින අතර දුකට හේතුව නම් අද වන විට ඔවුන් තිදෙනාම දිවි රඟමඬලෙන් සමු ගෙන තිබීමයි.
ඉන්පසුව ඔහු මා හට ස්වාධීන රූපවාහිනියේ chat and music වැඩසටහනක දී හමු වූ අතර එදින ගත් ඔහුගේ ඡායාරූප ද මෙහි ගෙන එමි.
මා හට ආසන්නම වශයෙන් ඔහු හමු වූයේ ඉකුත් කාලයේ පැවැත්වුණු සරත් කුලාංග ගෙ නිර්මාණ එලිදැක්වීමේ උත්සවයේ දී වන අතර එදින මා විසින් ගත් ඔහුගේ නව ඡායාරූප පෙළ ඔහු දුටුවා ද කියන්න වත් මා නොදන්නෙමි.
හිසේ ඇති වූ ලේ කැටියක් නිසාවෙන් කලක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත් ඔහු අද අළුයම සමුගත් අතර මිය යන විට ඔහු 57 වැනි වියෙහි පසු වූයේය. පවුලේ හිත මිත්‍රාදීන්ට මගේ සාතිශය සංවේගය ගෙන එන අතර ආදරණීය සරත් ඔබට මේ සසර ගමන ඉක්මනින් නිම ව නිවනින්ම නිවෙන්නට සම්පත් පමුණුවමි”

ඉතින් මෙලෙස රෝහල් ගත වී සිටි ප්‍රවීණ රංගවේදියා අද අලුයම සිය ජීවන රඟමඬලෙන් සමුගත්තා. ඉතින් සරත් චන්ද්‍රසිරි මහත්මයාණනි. ඔබ තුමන්ට අමා මහ නිවන් සුව ලැබේවා.

Leave a Comment