local news

දෙබර ප්‍රහාරයට ලක් වී පිය පුතු දෙදෙනා අවසන් ගමන් යයි

අහිංසක දරුවන්ගේ ලෝකය හරිම සුන්දරයි. ඒ වගේම ඔවුන්ගේ ජීවිතය ක්ෂණයකින් වුනත් අහිමි වන්නට පුලුවන්. එම නිසා අපි දෑස් මෙන් රැකබලා ගත යුතුයි.
පසු ගිය දිනෙක අහන්නට සිදු වූ මහා විපත්තියක් පිලිබදවයි මේ. අවිස්සාවේල්ල පුවක්පිටිය උතුර ඇස්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු වන එස්. සංජය පුෂ්පකුමාර දොළොස් වියේ පසුවන ශිෂ්‍යයෙකි. ඇස්වත්ත පණ්ඩුකාභය මහ විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඔහු ඉගෙනුම ලබයි.

ඉකුත් 11 වැනි දින තම නිවසට ජලය සපයන ජල නල මාර්ගය පිලිසකර කිරීමට මේ සිසුවා තම පියා සමගින් උතුර ඇස්වත්තේ නැගෙනහිර කන්ද නැමැති ඝන කැලෑවක් සහිත කන්දකට ගොස් ඇති බවත් එහිදී දෙබර කූඩුවක් ඇවිස්සී පුතුට දෙබරුන් අනින්න පටන් ගත්තා. එය දුටු සංජයගේ පියා කෑ ගසා දුවගොස් පුතු බදාගෙන සිටියා.

තම පුතුව ආවරණය කර සිටි පියාට තදින් දෙබරුන් ඇන දින 18ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 28 වෙනිදා දිවි අහිමි වුණා. මෙම සිද්ධියට ලක් වූ පුතා කොළඹ ළමා රෝහලේ දින 30ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී 12 වැනිදා දිවි අහිමි වූ බව කොස්ගම පොලිසිය පවසනවා.

මෙම දෙබර ප්‍රහාරයට ලක් වූ ඇස්වත්තේ පිය පුතු දෙදෙනම ඔක්තෝම්බර් මස 11 වැනි දා පස්වරුවේ රෝහල්ගත කෙරුණා. ඒ දෙදෙනාගේම තත්වය බරපතල බැවින් වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පියා කොළඹ ජාතික රෝහලටත් දරුවා කොළඹ රිච්වේ ළමා රෝහලටත් ඔක්තෝම්බර් මස 12 වනදා යැව්වා.

ඒ කෙසේ වෙතත් අවසානයේ දෙබර ප්‍රහාරයට ලක් වූ පිය පුතු දෙදෙනම අවසන් ගමන් ගියා.

Leave a Comment