local news

පස් කන්දකට යටවී අවසන් ගමන් ගිය නාරම්මල සඳුනි

ස්වභාවික විපත් කියන්නේ කිසිවෙකුට අතින් අල්ලා නවතා දැමිය නො හැකි දෙයක්. අද සමාජයේ බොහෝ දෙනාගේ ජීවිත අකාලයේ විනාශ වෙනවා මෙම ස්වභාවික විපත් නිසා. මේ දවස් වල ඇති අධික වර්ෂාව නිසා ගංවතුර නායයෑම් වැනි ස්වභාවික විපත් බොහෝ දැකගන්නට හැකියි. මේවා තුලින් පුද්ගලයන්ට විවිධ කරදර පීඩා සිදු වෙනවා.

ඉතින් මේ කියන්න යන්නේ අද උදෑසන සිදු වූ සෝචනීය සිදුවීමක්. ඒ නාරම්මල වෙන්නේරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මියගොස් තිබෙනවා.
අධික වර්ෂාවත් සමගම අද (09) අලුයම එකට පමණ මෙම අනතුර සිදුවුණේ. මෙලෙස මෙම අනතුරින් ජීවිතය අහිමි වූයේ සඳුනි ජයසූරිය නමැති විසි තුන් හැවිරිදි තරුණියකට. එසේම ඇගේ මව සහ සහෝදරියකට කිසිදු අනතුරක් සිදු වී නෑ. අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් සදුනි කොළඹ පෞද්ගලික රෝහලක සේවය කළ තරුණියක්. අද උදෑසනත් ඇය රෝහලට යාමටයි සිටියේ.

පස් කන්ද ඇගේ නිවස මතට වැටීමෙන් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත්තා. ඇගෙන් ඇප උපස්ථාන ලැබූ රෝගීන් සඳුනි එනකම් මග බලන් ඇති. නමුත් ඇය එන්නේ නෑ. මෙලෙස අකාලයේ ජීවිතය අහිමි වූ සඳුනිට කිසිදාක මෙවන් අකල් මරණයක් නම් සිදු නො වේවායි අපේ ප්‍රාර්ථනය.

Leave a Comment