local news

රොසැල්ල දුම්රිය ස්ථානය අසල දී අවසන් හුස්ම හෙලූ මව, පියා සහ පුතු ගේ හෙලි නොවූ රහසක්

සිය දිවි නසා ගැනීම සමාජය විසින් පිළිකුල් කරන සහ සමාජය හෙළා දකින ක්‍රියාවක්. තමන්ට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ එය පෙරකල පිනකට බව අපි කවුරුත් දන්නා දෙයක්. ඉතින් එවැනි මනුෂ්‍ය ජීවිතයක් ලද උසස් මනසක් ඇති මිනිසා තම ජීවිතයට එන අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යනවා වෙනුවට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ගන්නා තීරණ නම් ඉතා මෝඩ ක්‍රියාවන්.

සියදිවි නසා ගැනීමක්ද එසේත් නැතිනම් මෙය සිදු වූ අනතුරක් ද පිළිබඳව නොදන්න සිදුවීමක් පසුගිය දිනක අපට අසන්නට ලැබුණා. නමුත් එහි සැබෑ සිදුවීම දැනගන්නට ලැබුණේ සිද්ධිය සිදුවී පැය කිහිපයක් පමණ ගත වූ පසුවයි. ඒ ප්‍රදේශයේ මිනිසුන් විසින් සිදු කළ පැමිණිලි නිසාවෙනි.

වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර 103 වැනි සැතපුම් කණුව අසල දී ඊයෙ එකම පවුලේ මව පියා සහ පුතා දුම්රියේ ගැටී ජීවිත විනාශ වී තිබුණු අතර එය සියදිවි හානිකර ගැනීමක් බවට අනාවරණය වී තිබුණා.

පොලීසිය සඳහන් කළේ රන් ආභරණ සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මේ පවුලට එරෙහිව ඊයේ පොලිසියේ පැමිණිල්ලක් විභාග කිරීමටද නියමිතව පැවති බවයි. සිය රන් ආභරණ උකසට ලබාගෙන ඒවා යළි ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් එම පැමිණිල්ල ගොනු කර තිබුණා.

එවන් පසුබිමක මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචි ඔවුන් තුන්දෙනා ඊයේ උදෑසන රොසැල්ල දුම්රිය ස්ථානයට පැමිණ එහි සේවකයන්ගෙන් උඩරට මැණිකේ දුම්රිය පැමිණෙන වේලාව ද විමසා පසුව එම ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා. ඉන් අනතුරුවයි 103 සැතපුම් කණුව අසලදී බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රියේ මොවුන් ගැටී ඇත්තේ. එහිදී ප්‍රථමයෙන් හැත්තෑ පස් වැනි වියේ පසුවන පියාත් පසුව හැටපස් හැවිරිදි මවත් ඉන් අනතුරුව හතළිස් එක් වැනි වියේ පසුවන පුත්‍රයාත් දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇතැයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ.

ජීවිතය කියන්නේ බාධක අතරින් ගලාගෙන යන ගඟක් වගේ. ඒ බාධක මැඩගෙන ජීවත් වෙනව කියන්නෙ ජීවිතේ ජීවත් කරවනව කියන එකට. ප්‍රශ්න හමුවේ පලා නොයා ජීවිතයට එන අභියෝග වලට මුහුණ දී ජීවත් වුවහොත් එයයි ධෛර්ය සම්පන්න මිනිසෙකුගේ නිවැරදි දිවි රටාව.

Leave a Comment