local news

රත්මල්කඩුවේ අයියා දෙමාපියන් බිය වද්දා තම නංගීට සිදු කල මහා විපත

පවුල් සංස්ථාව තුළ සියලු දෙනාගේ ඇති බැදීම හරි අපූරුවට දැකගන්නට හැකියි. ඔවුන් එකිනෙකා ආදරය කරන්නේ සහ ඒ සම්බන්ධය හරියට දම්වැලක පුරුක් මෙනි. එක ස්ථානයකින් වෙන් කලොත් එය දිශාවන් දෙකකට විහිදී පවතිනවා. දෙමාපිය වගේම දූදරු සම්බන්දයත් හරි ආදරණීයයි. එකම ලෙයින් උපන් සහෝදර බැදීම ඒ වගේම සුන්දරයි. තම සහෝදර සහෝදරියන්ගේ අභිවෘද්ධිය උදෙසා ඕනම දෙයක් කිරීමට හපන්කම් දක්වන සහෝදරයන් මේ ලොවෙහි ඕනෑතරම් දැකගන්නට හැකියි.

ඒ වගේම මේ සමාජක්‍රමය තුළ විවිධ පුද්ගලයන් අපිට මුණ ගැසේ. සහෝදරකම උතුරායන මිනිසුන් මෙන්ම සහෝදරකම කියන්නේ මොකද්ද කියලවත් දන්නැති මිනිසුනුත් නැතුවාම නොවේ. ඔවුන් ඉන්නේ අතලොස්සයි. එවැනි අතලොස්සෙන් එක් සහෝදරයෙකුගේ අයුතු ක්‍රියාවක් තමයි මේ කියන්න යන්නේ.

ගම්පොළ රත්මල්කඩුව හාටිෂෙල් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන විසිදෙහැවිරිදි තරුණයෙක් තම දෙමාපියන්ට තර්ජනය කොට බියවද්දා වසර තුනක් පුරාවට තම 14 හැවිරිදි නැගණිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ මෙම සැකකාර තරුණයා ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියෝග කර තිබෙනවා.

මෙම විසි දෙහැවිරිදි තරුණයා මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී ඇති කෙනෙකි. තම සොහොයුරාගෙන් දිනපතාම එල්ලවන මෙම අතවරවලින් බේරීමට නොහැකිව සිටි මෙම 14 හැවිරිදි දැරිය සියදිවි නසා ගැනීමේ අරමුණින් පේරාදෙණිය පාලම මතින් ගගට පැනීමට උත්සාහ කල අවස්ථාවක ත්‍රීරෝද රථ රියැදුරකු ඇය බේරාගෙන පේරාදෙණිය පොලිසියට භාරදීමෙන් පසු මෙම සිද්ධිය හෙලි වී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.

මෙම විසි දෙහැවිරිදි තරුණයාගේ වැඩිමහල් සොහොයුරාද මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටියද ඔහු විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටින බව පොලිසිය පවසයි. මව පියා හා නැගණිය සමග සිටින මෙම තරුණයා මෙම සිද්ධිය පොලිසියට හෝ වෙනත් අයෙකුට පැවසුවහොත් ඔවුන්ගේ ජීවිතවලට හානි කරන බව පවසන අතර ඒ නිසා එය හෙළි නොකල බවත් මව විසින් පොලිසියට පවසා තිබුණා.
තම ලෙයින් උපන් දරුවෙක් අනෙක් දරුවාට මෙවන් දෙයක් කරන විටත් එය වැලැක්වීමට නොහැකි වූ මෙම දෙමාපියන්ට කෙතරම් වේදනාවක් ඇති වෙන්න ඇත්ද. සහෝදර බැදීම ශක්තිමත්ව තිබෙන රටක මෙවැනි සහෝදරයන් බිහි නොවේවායි යන්න අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment