local news

ගණිකාවකගේ පහස ලැබීමට ගිය තරුණයාට අවසානයේ ඇඳිවතෙන් පොලිසියට දුවන්නට සිදු වූ හැටි

වීදි සරන ගණිකාවියන් මහ මග අනන්තවත් දැකගන්නට හැකියි. මේ ගණිකාවෘත්තීය අද සමාජයේ පමණක් නොව අතීතයේ පවා සිටි බව අපි අසා තිබෙනවා. මෙම වෘත්තීය සමාජය විසින් පිළිකුලට ලක් කරන ක්‍රියාවලියක්. ඒ ගොඩක් වෙලාවට සමාජයේ රහසිගතවයි මෙය සිදු වන්නේ. සමාජ විරෝධී ක්‍රියාවක් කියුවොත් හරියටම හරි.

රාත්‍රීයට මහ මග දකින්න ඇති මෙම කාන්තාවන් බොහෝ විට නගරාශ්‍රිතව දැකගන්න පුලුවන්. ඒ පමණක් නොව ඕනම තැනක මේ අය දකින්න ලැබෙනවා. ඉතින් ගණිකාවන්ගේ පහස ලබන්නට තරුණයන් අමතක කරන්නේ නැහැ. මේ නිසාම පවුල් කීයක්නම් විරසක වෙනවාද. ඒ වගේම මුදල් විනාශ වන්නේ ද ගණිකාවන්ගේ පහස ලබන්නට යෑමෙන්.

රාජගිරියේ කොටා පාරේ අතුරුමාර්ගයක දී වීදි ගණිකාවකගේ පහස ලැබීමට ගිය පුද්ගලයෙකුගේ ගෙල බැදි රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් වටිනා රන් මාලයක් කොල්ලකා පලා ගිය දෙදෙනෙකු සොයා විමර්ශනයක් කල බව වැලිකඩ පොලිසිය පවසනවා.

ඉකුත් දා රාත්‍රී රාජගිරියේ කොටා පාර ප්‍රදේශයේ සේවය නිමවී නිවසබලා යමින් සිටි මෙම පුද්ගලයාට මහ මග රැදී සිටි වීදි ගණිකාවක් හමුවී ඇති අතර පසුව ඇය හා කුළුපග වී පහස ලැබීමට යාබද අතුරුමාර්ගයකට මෙසේ ගොස් ඇතැයි පැවසෙනවා. පසුව දෙදෙනා එම මාර්ගයේ රැදී සිටියදී එකවරම දෙපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම පුද්ගලයාට පහර දීමට තැත් කර ඇති අතර ඒ අතරතුරදී එහි සිටි එක් අයෙකු පැමිණිලිකරු ගේ ගෙල බැදි රන් මාලය කොල්ලකා පලා ගොස් තිබෙනවා.

පසුව මේ සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කොට ඉන් හදුනාගත් වීදී ගණිකාවක් බව පැවසෙන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අදාළ සිද්ධිය සැලසුම් සහගතව කළ එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසනවා.ඒ අනුව කොල්ල කන ලද රන්මාලය රුපියල් ලක්ෂයකට බොරැල්ල ප්‍රදේශයේ අලෙවි සැලකට උකස් කර තිබියදී සොයාගත් බවත්, එම මුදල් වැය කොට සැකකාරිය සැකකරුවන් දෙදෙනා හා එක්ව හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය පවසනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පැවසෙනවා. හෙරොයින් පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් සැකකාරිය මෙසේ වීදි ගණිකාවක් ලෙස කටයුතු කරන අතරතුර දී ඒ සඳහා පැමිණෙන පුද්ගලයන් ගේ මුදල් හා දේපළ කොල්ල කෑමට සැකකරුවන් ක්‍රියා කර ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අත පය හතර නිවැරදි විදියට පිහිටා තිබෙනවනම් කුලියක් කර හෝ නිවැරදිව ජීවත්වන මිනිසුන් අතර මෙවැනි අනුන්ගේ දේ හොරාකන මිනිසුන් අතර නොමිනිසුන් නැතුවාම නොවේ. ඉතින් එවැනි මිනිසුන්ගෙන් ආරක්ෂා වී ජීවත් විය යුතුයි.

Leave a Comment