local news

පනස් වසරකට පසු පෙර භවය සොයා ගිය අජිත්

පෙර භවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් ලෙස මීට වසර 50කට පෙර උපත ලද දරුවෙකු හෙළි කළ සිදුවීමක් අසන්නට ලැබුණි. අමෙරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේ මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහායි.

මෙලෙස පෙර භවය හෙළි කළ දරුවා අද දෙදරු පියෙකි. ඔහුගේ මෙම අනාවරණය පිළිබඳ ව තොරතුරු සොයා බැලීමට ඔහුගේ වර්තමාන බිරිඳ සහ දරුවන් ට ද අවශ්‍ය විය. එබැවින් ඔහු පෙර භවයේ ජීවත් වූ ගමටත්, නිවෙසටත් එසේම ඥාතීන් වත් හමුවීමට ගියා. එහි දී දැන ගන්නට හැකි වූයේ මොහු ප්‍රකාශ කළේ සත්‍යයක් බවයි.

පෙර භවයේ දී වෙළෙඳ ව්‍යාපාරිකයෙක් ලෙස ජීවත් ව සිටි ඔහු මිය යන විට පදිංචිව සිටියේ ඉංගිරිය ප්‍රදේශයේයි. ගම් ප්‍රදේශයට යන මාර්ගය නිවැරදිව කියූ අජිත්ගේ පෙර භවයෙහි නාමය ජයතිස්සයි. ඔහුට දරුවන් සය දෙනෙක් සිටිය අතර මියගියේ තමන් විසින් පදවා ගෙන ගිය මෝටර් රථය අනතුරකට පත්වීම නිසා බවත් හොදින් මතකය. එම මෝටර් රථය තුළ තවත් එක් කාන්තාවක් සිටි බවත් ඔහුට මතක තිබුණා.
එසේම ඔහුගේ පෙර භවයේ නිවසේ ඉදිරිපිට බෙලි ගසක් සහ ගේට්ටුවක් ද ඔහුට සහෝදරයෙක් සිටි අතර එම සහෝදරයා සරොං අඳින පුද්ගලයෙක් බවත් අජිත් ප්‍රකාශ කළා.
අජිත්ගේ පෙර භවයෙහි නිවසට යන විට එහි ඔහුගේ බිරිඳ සහ දරුවන් සිටියේ නැත. නමුත් සොහොයුරා සිටියා. අජිත් පවසා තිබූ දේ අසා ජයතිස්සගේ සොහොයුරාට ඔහු හඳුනා ගන්නට හැකි වුණා.

අජිත්ගේ පෙර භවයේ ඥාතීන් කිහිපයක් ද සමගින් කතා කිරීමට සලස්වන්නේ ඔහු සැබැවින් ම පෙර භවය කියනවාද යන්න පරීක්ෂා කිරීමටයි. ජයතිස්ස මහතා ඇසුරු කළ පුද්ගලයින් තුළින් අජිත් පවසන්නේ සත්‍යයක් බව තහවුරු වුණා. එහි දී විශේෂත්වය යන්නේ ජයතිස්ස මහතා ඇසුරු කළ ස්වාමීන් වහන්සේ නමක් අජිත් ඉදිරියට ආ විට ඔහු හඳුන ගන්නෙ පුදුමාකාරයෙනි.

ඉන් පසු ගමට ගිය ඔහු ජයතිස්සගේ අසල්වාසීනවද නිසියාකාරව හඳුනා ගන්නේ ඔවුන්ගේ නිවසෙහි තිබෙන භූ විෂමතාවන් පිළිබඳව කියා.
අජිත් පවසන ආකාරයට මෙලෙස ජයතිස්ස ජීවිතයෙන් සමු ගත්තේ රිය අනතුරකට ලක් වී ඇයි නිවැරදි ද බැලීම සඳහා එකල පුවත්පතේ පළවුණු ලිපි ද ගෙන සංසන්දනය කර බැලූ අතර එහි දී මොහු පැවසූයේ සත්‍යයක් බවට තහවුරු වුණා.

අජිත් පෙර භවයේ තම බිරිඳ හා දරුවන් බැලීමට ද අමතක කළේ නැත. එහි දී ඔවුන් මොහු පිළිගත්තේ ඉමහත් ආදරයෙන් ය. ඉන් පස්සේ ඔවුන් රිය අනතුර සිදු වූ ස්ථානයටත් එසේම ජයතිස්සගේ සිරුර භූමදාන කළ ස්ථානයටත් ගියා. ඉන් පසුව නිවසෙහි 1930 යනුවෙන් ගසා තිබෙන බව ඔහු කිව්වද එය නිරීක්ෂණය කර බැලීමේ දී අජිත් කිව්වේ සත්‍යයක් බවට තහවුරු වුණා. පෙර භවයෙහි ජයතිස්ස අද අජිත් වී පුනර්භවය පිළිබඳ ව කියන්නේ හරි අපූරු ආකාරයෙනි.

Leave a Comment