local news

‘මම ඔයාට හෙටත් කතාකරන්නම්’ වැඩ කරන්න පුලුවන් කාලයක් වැඩ කරලා ලංකාවෙ ස්ථීර පදිංචියට එන්න හිටපු ප්‍රියන්ත කුමාර

රටක් වගේම ලෝකයක් හැඩවූ ඒ පාකිස්ථානයේ සිදු වූ අපරාදය නිසා මුලු ලංකාවක් අද අඩනවා. පවුලක සතුට අද යන්නම ගිහින්. පාකිස්ථාන අන්තවාදී පිරිසක් විසින් සිදු කල මෙම අමානුෂික ප්‍රහාරයත් එක්ක ප්‍රියන්ත කුමාර දියවඩන මහත්මාට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණා. ශ්‍රී ලංකාවට විදේශ විනිමය අරන් ආපු ලංකාවේ මැණිකක් කිවුවොත් හරියටම හරි. පකිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට එසේත් නැතිනම් ශ්‍රමිකයෙකුට මේ විදියට සිදු කිරීම පාකිස්ථානු රජය අනුමත කරනවාද. දෙනෝදාහක් දෙනා වට වී මෙලෙස අමානුෂික ලෙස පහර දෙන විට එක පාකිස්ථාන පුරවැසියෙක් තමයි ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරගන්නට වෙර දැරුවේ. ඒ වගේම ඔහුට ඒ වෙනුවෙන් ඇගයීමක් එරට රජය විසින් සිදු කලා. එය සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ පට තුලින් අපිට හොදින් දැකගන්නට පුලුවන්.

ඉතින් පකිස්ථානු රජය ඒ රටට එන විදේශිකයන්ට මේ විදියටද සලකන්නේ. මේ තුලින් දෙරට අතර තියෙන සම්බන්දතාවය නැති වෙන්නට හේතූ තමයි මේ. පකිස්ථාන රජයට සෘජුව ඇඟිල්ලක් දික් කළ යුතුයි තම රටට පැමිණෙන විදේශිකයන්ට මෙලෙස සලකන එක උචිත ද යනුවෙන්. අපි තවමත් අපේ රටේ පුරවැසියෙක් වෙනුවෙන් මේ සිද්ධිය සම්බන්දයෙන් යුක්තිය සාධාරණය බලාපොරොත්තු වෙනවා. ඒ පවුලේ බලාපොරොත්තුවද එයම බැව් අපි කවුරුත් දන්නවා. මෙය සිදු වූ ප්‍රථම අවස්ථාව නොව. මීට කලින් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වන විට පකිස්ථාන රියදුරා අප ක්‍රීඩකයන් බේරාගත්තා. ඉන්පසු එම රියදුරාට ගෞරවයක් ලෙස ඔහුව ලංකාවට කැඳවාගෙන එන්න ශ්‍රී ලාංකිකයන් කෘතවේදී වෙනවා. ප්‍රියන්ත කුමාර මහත්මා මෙවැනි සිද්ධීන් වලට එරෙහිව මුහුන දෙන උදාර ශ්‍රී ලාංකිකයෙකු විදිහටයි අපි සලකන්නේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ ලොකු පුතා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. ඔහු තම පියාගේ වියෝව ගැන සංවේදී වුණේ මෙහෙමයි.
” අම්මයි මල්ලියි මායි හිටියා. ඊටපස්සෙ සීයා ආවා. ඒත් සීයා කිවුවේ නැහැ. ඊටපස්සෙ නිවුස් වලින් දැම්මම දැක්කේ. ඒක දැක්කට පස්සෙ පුදුම වුණා. විශ්වාස කරගන්න අමාරුයි. අවසානෙට තාත්තව දැක්කෙ 2019 මාර්තු අග ඇවිත් අප්‍රේල් මුල ගියා. තාත්තා වෙනුවෙන් සාධාරණය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේක සිදු නොවිය යුතු දෙයක්. සාධාරණය තමා බලාපොරොත්තු වෙන්නේ.”

ප්‍රියන්ත මහත්මාගේ ලොකු පුතා මේ විදියට සංවේදී වෙනකොට හරියට තේරුමක් නැති වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙන ගන්න අර නොදරුවාට තාත්තව දැවෙනකොට මොනව හිතෙන්නට ඇත්ද. මේ වගේ දෙයක් ආයේ කවදාවත් කාටවත් සිද්ද වෙන්න දෙන්න එපා කියල තමයි ප්‍රියන්ත කුමාර මහතාගේ පුතා සමාජයෙන් ඉල්ලාසිටියේ.

ලෝකයක සෝ සුසුම් මැද ජීවිතයෙන් වන්දි ගෙවූ ප්‍රියන්ත කුමාර මහතා ගැන අපි කාටවත් වඩා දුක් වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ ඔහුගේ ආදරණීය බිරිද. ඒ පවුලේ සතුට ආයේ කවදා ගන්නද. ඉතින් පුතාල දෙන්නෙක් එක්ක තනිවුණ ඒ අම්මට තම සැමියා දැවෙනවා රූපවාහිනියෙන් දකින විට මොනවගේ හැගීමක් දැනෙන්න ඇතිද. අපි බලමු ප්‍රියන්ත කුමාර මහත්මාගේ බිරිද නිරෝෂි දසනායක මහත්මිය මොකද කියන්නේ කියලා.

“මම හෙට හවසටත් ඔයාට කතා කරන්නම්” කියලා අවසන් වරට ප්‍රියන්ත කුමාර මහත්මාගේ බිරිදට නැවත එවැනි ඇමතුමක් ආයේ කවදාවත් නොඑන්නේ දරුණු අන්තවාදීන් පිරිසක් නිසා. දිනපතාම දුරකතන ඇමතුම් ලබාගෙන පවුලේ දුක සැප අහන තම සැමියා දරුවන්ගේ වගකීම් පැහැර හරින කෙනෙක් නෙමෙයි. සමහරක් දිනකට කාර්යබහුල වෙලාවට කතාකරන්නට බැරි වුණත් ඔහු පවුල අංක එක කරගෙමයි තිබිල තියෙන්නෙ. නිතරම වගේ කතාකරල දුක සැප බලනවා. මෙවැනි දෙයක් පිලිබදව හෝඩුවාවක් වත් බිරිදට මීට කලින් කියල තිබුනේ නැති බවයි ඇය පවසන්නේ. 2003 2004 වගේ වසර වල එකම ආයතනයේ සේවය කරන ප්‍රියන්ත කුමාර මහතාත් නිරෝෂි දසනායක මහත්මියත් දැන හදුනගෙන විවාහයකින් කෙලවර වෙන්නේ. පියන්ත කුමාර මහත්මයාගේ බිරිද පැවැසූ අකාරයට සැමියාගේ බලාපොරොත්තුව වූයේ,
“මගේ මහත්තයාගේ බලාපොරොත්තුව වුණේ පවුලේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් කාලයක් වැඩ කරලා ඊට පස්සෙ ලංකාවට ස්ථිර පදිංචියට එන්න.”

එතුමා ප්‍රථම වතාවට විදේශගත වුණේ 2010 සැප්තැම්බර් 19 වැනිදා සැමියා විදේශගත වීමත් එක්ක බිරිදක් හැටිය එම මහත්මයට ජීවිතයේ හිස් බවක් දැනිල තියෙන්නේ. ඉතින් සැමියා ජීවිතයෙන් යනවිට මේ බිරිදට මොන වගේ හැගීමක් දැනෙන්න ඇතිද කියලා අපිට අමුතුවෙන් කියන්නට කාරනා නැහැ.
“මගේ මහත්තයාගේ මේ සිදුවීමට පරීක්ෂණයක් කරලා ස්ථීර සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. මට මගේ පුතාල දෙන්න එක්ක දිගු ගමනක් යන්න තියෙනවා. ඉතින් පාකිස්ථාන රජයෙන් වගේම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලන්නෙ උදව් කරන්න කියලා. මම අවසානෙට මාධ්‍ය වලින් ඉල්ලන්නේ මේ සම්බන්ද වීඩියෝ හැමදේම ඉවත් කරන්න කියලා.”

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වගේම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේ සිදු වීමට යුක්තිය සාධාරණය ඉටු වෙන තුරු මග බලන් ඉන්නවා.

Leave a Comment