local news

‘සර් හැමදාම මන්තරේ වගේ කියපු වචන quality of delivery and on time delivery’

පසු ගිය දිනක ආගමට අපහාස කල බවට චෝදනා කරමින් පාකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර දියවඩන නමැති ශ්‍රි ලාංකිකයා පහර දී අමානුෂිකව ජීවිතය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් කම්පාවට පත් වුණා.

මේ අතර මෙම සිද්ධිය සිදු වූ ඉන්ජිනේරුවකු වන ප්‍රියන්ත කුමාර ගැන මුහුණු පොතේ සංවේදී සටහනක් හුවමාරු වුණා.

“ප්‍රියන්ත දියවඩන කියන්නේ කොහොම කෙනෙක්ද….
ඉතාමත් සංවේගයෙන් ලියමි. ප්‍රියන්ත දියවඩන සර් මට මුලින්ම හම්බුනෙ මැනේජ්මන්ට් ට්‍රේනියර් කෙනෙක් විදියට මගේ පළවෙනි ජොබ් එකට ආයතනයට ගියපු දවසේ. අද මම ව්‍යවසායකයෙක් විදියට යම් කිසි දියුණුවක් ලබා තිබෙනවා නම් ඒකට මුල් වෙච්ච සාධක වලින් එකක් අයි ප්‍රියන්ත සර් කියන්නෙ ලෝකේ තියෙන සාර්ථකම සහ productivity වැඩිම production system එකක්. මට ලැබුණු ඉමහත් භාග්‍යය නම් ඒක අපේ රටේ apparel industry එකට apply කරන චැලේන්ජ් එක තමයි ප්‍රියන්ත සර් භාරගෙන තිබුණේ. මම ජොයින් වෙනකොටත් ඒකෙ මූලික අඩිතාලම ප්‍රියන්ත සර් ඉතාමත් සාර්ථකව කරගෙන ගිහින් තිබුණා. 2007 වසරේදී සමාන්‍යයෙන් නවක ඉන්ජිනේරුවකුට අහන්නවත් හම්බවෙන්නෙ නැති කන්සෙප්ට් ගොඩක් තාම සාර්ථකව අත්හදා බලන්න සහ ඉගෙන ගන්න ලැබුණේ සර් නිසා.

දවසක් අපි දෙන්න එකතුවෙලා කළමනාකාර අධ්‍යක්ෂ කෝනාර සර්ගේ public forum එකක ප්‍රසන්ටේෂන් එකක් හැදුව. Event එකේදි කෝනාර සර්ට හම්බවෙච්ච පේමන්ට් එක සර් අපි දෙන්නගෙ අතට දුන්න. මොකද ඒක හදන්න creative and technical ideas දුන්නෙ අපි දෙන්න නිසා. ප්‍රියන්ත සර් මගේ අතට පොඩි ගානක් දීල අපි මේ ඉතුරු ටික මැනේජර්ලට production system ගැන පොත් අරන් දෙමු කියල මට කිවුවා.
මට එවෙලේ තරහත් ගියා. අපි මහන්සි වෙලා වැඩ කරල කියවන්නෙවත් නැති ඉනිස්සුන්ට පොත් අරන් දෙනව කියලා. ඒත් මමත් එකක් මුහුකුරා යනකොට තමයි තේරුනේ company එක learning culture එකක් හදන්න මේවා foundation step කියලා. සර් කවදාකවත් සල්ලි බලාගෙන වැඩකරපු කෙනෙක් නෙමෙයි. ආයතනයේ දියුණුව කියන්නේ එයාගේ ජීවිතයටත් වඩා වැඩියෙන් හැමවෙලේම සලකපු කෙනෙක්.
Training center එක හදන්න මට භාර වෙලා තියෙද්දි පුටු ටික ආවේ opening day කලින් දා දවසේ රෑ එකොළහත් පහුවෙලා. වැඩ කරන මිනිස්සු ඔක්කොම ඒ වෙනකොට ගෙදර ගිහින්, මගෙත් එක්ක එකතුවෙලා පුටු ඔක්කොම හෝල් එකට රෑ වෙනකන් තනියෙන් ඇද්දා. Senior manager උනත් ඒ වගේ පොලවේ පය ගහලා ජීවත් වුණු ඉතාම උසස් චරිතයක්. ජීවිතයේ motivation වලට වඩා තියෙන්න ඕන dicipline කියලා මම ඉගෙන ගත්තේ සර්ගෙන්. Quality of delivery and on time delivery මන්තරේ වගේ සර් හැමදාම කියපු වචන.”
මෙවන් විදියට ජීවිතයේ අවසන් ගමන යන්න සිදු නොවේවා. ඒ වගේම ල.වි.ම හිටපු සභාපති විජිත හේරත් මහතාද මේ පිලිබදව සදහන් කලා.
“1995 සිට මම ඔහුව ඉතා හොද අවංක මහත්මයෙකු ලෙස හොදින් හඳුනනවා. ඔහු සෑම කෙනෙකුටම එක හා සමානව හා ගෞරවයෙන් සලකන ඉතා විනීත, අහිංසක පුද්ගලයෙක්.”

ඉතින් මෙවැනි අකල් මරණයකට මුහුණ දෙන්නට සිදු වුණ ප්‍රියන්ත කුමාර මහතාට නිවන් සුවයම අත් වේවා යළිදු මෙවැනි දෙයකට මුහුණ දෙන්නට සිදු නොවේවා.

Leave a Comment