local news

“අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුණේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ”

තිරිසන් සමාජ පද්ධති තුළ උගත් බුද්ධිමය සම්පත්වල මෙන් ම මිනිස්කමේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු වීම පිණිසයි. විදෙස්ගත වෘත්තිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව දිගුකාලීන සාකච්ඡාවට අලුතෙන්ම එක්වුණ කණගාටුදායක සිදුවීමක්.

නිෂ්පාදන ඉංජිනේරුවකු ලෙස පේරාදෙණිය සරසවියේ 1993 වසර කණ්ඩායමෙන් ඉංජිනේරු විද්‍යාවේ දී උපාධි ලද ඉහත සඳහන් සිදු වීමට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන පකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර එකොළහකට පෙරයි. 2010 වසරේ දී ඔහු පාකිස්තාන cruzz and presentcruzz and textile ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස එක් වූ අතර 2012 වසරේදී සියල්කොට් හි රාජ්කෝ කම්හලේ සාමාන්‍යාධිකාරි ලෙස සේවයට එක් වී තිබෙනවා.

ගනේමුල්ල වැලිපිල්ල ප්‍රදේශයේ පදිංචි ඔහුට වයස අවුරුදු දාහතරක් සහ නවයක් වන දරුවන් දෙදෙනකු ද සිටිනවා. ප්‍රියන්ත කුමාර දියවඩන අන්තවාදී සංවිධානයක් වූ ටෙහෙරික් ඊ ලබ්බයික් පාකිස්තාන් අනුගාමිකයින් විසින් මෙලෙස ජීවිතය විනාශ කර ඇත්තේ ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා කරමින්. එහෙත් ඔහු සිදු කර තිබුණේ තම කම්හලේ අලවා තිබූ ආගමික පෝස්ටරයක් ඉවත් කිරීම පමණක් බව සඳහන් වනවා.

පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතය විනාශ කළ සිද්ධියට අදාළව පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ලක් රජයේ සහ රජය සහ ජනතාව දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ජනාධිපතිතුමන් ප්‍රකාශ කළා. ඒ අදාල සිද්ධිය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්‍රාන් කාන් ප්‍රමුඛ රජය එම මිලේච්ඡ සිදුවීම වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව අගය කරන බවයි. එසේම පකිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කළ අතර එහි දී එතුමන් සඳහන් කළේ අන්තවාදී කලහකාරීන් ප්‍රියන්ත කුමාර දියවඩන මහතාව මෙලෙස කුරිරු ලෙස ජීවිතය විනාශ කිරීමේ සිද්ධියෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවයි. ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ බිරිඳ සහ සාමාජිකයන්ට සිය කනගාටුව පළ කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා යුක්තිය ඉටු කිරීමට සහ චූදිතයින් නීතියට ඉදිරියට පැමිණවීම සඳහා අග්‍රමාත්‍ය ඉම්රාන් කාන් දුන් ප්‍රතිඥාව පිළිබඳ විශ්වාසයෙන් පසු වන බව කියා සිටියා.

ඒ වගේම ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර හෙට දින දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බව පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ප්‍රකාශ කළා. රජයේ වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් අදාල සිරුර දිවයිනට රැගෙන එන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එසේම පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුඩ් කුරේෂිද තම ශෝකය පළ කලා. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයින් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සහතික වන බව එහිදී ප්‍රකාශ කළ බව එමගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ බිරිඳ ඇතුලු දරුවන් බෙහෙවින් ශෝකයට පත් වී සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ශෝකයට පත් පාකිස්ථාන වැසියන් සිංහල භාෂාවෙන් ද ඇතැම් පිරිස් ශ්‍රී ලාංකිකයන් ගෙන් සමාව අයැද තිබෙනු දක්නට ලැබුණා. ඒ වගේම පාකිස්තානයේ ලාහෝර් නුවර වැසියන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලමින් පුවරු ප්‍රදර්ශනය කරන ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.

ඉතින් ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ අයවලුන්ගේ අසරණකම මකන්න කවුරුත් නෑ. ඉතින් පාකිස්ථානයේදී අමානුෂික පහර කෑමට ලක් ව ජීවිතයෙන් වන්දි ගෙවූ ප්‍රියන්ත සොයුර නුඹටත් නුඹ වෙනුවෙන් ජීවත් වන අයටත් සාධාරණය ඉටු වේවා ඔබට නිවන් දක්නා තෙක්ම මෙවන් මරණයක් හිමි නොවේවා. අජරාමර නිවනින් ඔබ සැනසේවා.

Leave a Comment