local news

‘මේ මිනිහා හොරෙන් මගේ වීඩියෝ කරනවා මම දැක්කා’ ප්‍රී ෂූට් එක අස්සෙ ඡායාරූප ශිල්පියා කරපු කැත වැඩේ

මේ දිනවල විවාහ මංගල උත්සව ගැනීම රටාවක් බවට පත් වෙලා වගේ. ඒ තරමටම මංගල උත්සව දැකගන්න තියෙනවා. දෙදෙනෙක් ආදරය කරන්නේ අවසානයේ විවාහය බලාපොරොත්තුවෙන්. ඉතින් අතීතයේ විවාහ උත්සවය සාමාන්‍යයෙන් ගන්නා අතර වර්තමානයේ නම් ඒ සඳහා උපරිම මුදලක් වැය කරන්නේ එය තරුණියන්ගේ ජීවිතයේ එක් සිහිනයක් වන බැවිනි. සෑම තරුණියකගේ ම මතයක් තියෙනවා මෙම දිනය එක් වතාවක් තම ජීවිතයට පැමිණෙන නිසා එය උපරිම හොඳින් කරගන්නට. නමුත් එය තරුණයන්ගේ නම් එතරම් ම රුචියක් වන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් විවාහ මංගල උත්සවය ජයටම ගන්නට අපි කවුරුත් කැමතියි.

ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියන්ව කැමරා ශිල්පීන්ව කල්තියා දැනුවත් කර ඒ සඳහා සූදානම් වන්නේ ජයටම මඟුල් කන්නටයි. සෑම තරුණියකගේම අපේක්ෂාව වන්නේ එදිනට ඇය ඉතා අලංකාරව ලෑස්තිවෙන්නයි. ඒ නිසා නගරයේ සිටින හොදම රූපලාවණ්‍ය ශිල්පීන්ට මෙය බාර දෙන්නේ ඕනෑම මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තුවෙන්.

ඈත අතීතයේ මනාලියක් සහ මනාලයෙක් ඊට රිසිවන සේ ඇඳ සිටියත් ඡායාරූප ගැනීම එසේත් නැතිනම් ප්‍රී ෂූට් නම් සිදු කළේ නැහැ. නමුත් වර්තමාන සමාජය තුළ පී ෂූට් කියන දේ අනිවාර්යයෙන්ම සිදු කරනවා. ප්‍රී ෂූට් එක සිදු කරන්නේ විවාහ මංගල්‍ය උත්සවයට පෙර දිනකයි. එක එක සුන්දර ස්ථාන වලට ගොස් වීඩියෝ කරන්නේ එය හැකි උපරිමයෙන් අලංකාරව සිදු කර ගැනීමටයි. මුහුදු වෙරළ, උද්‍යාන, වගේම පන්සල් වල වැනි බෞද්ධ ස්ථානවල ද මෙය සිදු කරනවා.

ඉතින් එවැනි ප්‍රී ෂූට් එකක් සිදුකරන්නට ගොස් සිදු වූ අකරතැබ්බයක් අපට පසුගිය දිනක අසන්නට ලැබුණා. තරුණ යුවලකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ඡායාරූප ශිල්පියෙකු හොර රහසේ මනාලිය වීඩියෝ කරන්නට යාමෙන් මනාලියගෙන් ගුටිබැට ප්‍රහාරයකට ගොදුරු වූ පුවතක් බස්නාහිර පළාතේ නගරයක උද්‍යානය කින් පසුගියදා වාර්තා වුණා.

විවාහය ලියාපදිංචි කල තරුණ යුවලකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩගැස්ම අනුව ඊට පෙර යුවළගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදුණා. ඡායාරූප හා වීඩියෝ කිරීමට ශිල්පීහු විවිධ ඉරියව් වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්තා.

එක් අයෙක් මනාලයාට හා මනාලියට ඡායාරූප ගැනීම සඳහා වන ඉරියව් පෙන්වූවා. යුවළ ඒ අනුව කටයුතු කරන්නට වූයේ ඉමහත් සතුටිනි. මේ අතරේ ඡායාරූප ශිල්පියාගේ සහයකයා ද ජංගම දුරකථනයෙන් ඒ අවස්ථා ගනු ලැබුවා. මනාලයා ඉදිරියෙන් සිටියදී මනාලිය සිටියේ පසුපසිනි. එකවරම මනාලියගේ හඬ ඇසිණි. අතපය විසි කරන බවද පෙනුනා. මනාලයා පිටුපස බලන විට ඔහු විස්මයජනක දෙයක් දුටුවා.

ඒ පෙම්වතිය ඡායාරූප ශිල්පියාගේ සහායකයාට පෙරලා ගෙන පහර දෙන ආකාරයයි. ‘ මේ මිනිහා හොරෙන් මගේ වීඩියෝ කරනවා මම දැක්කා.’

මනාලිය දුක් මුසු මුහුණින් යුතුව මනාලයාට පැවසූයේ දැඩි බියකින් වගේම තැතී ගැනීමකිනි. මනාලයා සහායකයා අත වූ ජංගම දුරකතනය උදුරා ගනිද්දී එහි දර්ශන මකා දමන්නට සහායකයා උත්සාහ ගත්තා. මනාලයාද පරාජය භාර ගැනීමට සූදානම් නොවුණා. දුරකථනය උදුරාගෙන පරික්ෂා කරද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවකදී වෙනත් කතුන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කර ඇති දර්ශන දැකීමත් සමඟ මනමාලයා ගෙන්ද ගුටි පූජාවක් එල්ල වුණේ ඡායාරූප ශිල්පියා නොසිතූ අයුරිණි.

කර කියා ගන්නට දෙයක් නැති වූ ඡායාරූප ශිල්පියා යුවළ ගෙන් සමාව ඉල්ලුවා. ඒ සහායකයා සිදු කළ වරදට ඔහුට කෙසේ මනාල යුවළට මුහුණ දෙන්නට ද කියා. නීතිමය පියවරකට නොයන ලෙස මනාල යුවළ ගෙන් ඉල්ලා සිටි ඡායාරූප ශිල්පියා ඔහු මෙම සහායකයා ඉවත් කර වෙනත් පිරිසක් යොදවා මංගල උත්සවය නොමිලේ ඡායාරූප ගත කර දීමටද පොරොන්දු වූවා. ඒ මෙම සිද්ධිය පැතිර ගියහොත් තමන්ගේ වෘත්තිය ජීවිතය විනාශ වෙන බව දන්නා නිසයි.

ඒ සමගම සහායකයා ළඟට කැඳවා කම්මුල් පහර කීපයක් සංග්‍රහ කර පලවා හැරියා. මෙලෙස වැරදි ක්‍රියාවක් සිදු කළ ඡායාරූප ශිල්පියාගේ සහායකයාට ඡායාරූප ශිල්පියා අතින්ද ගුටි පූජාවක් එල්ල වුණා. ඒ සමගම සහායකයා පලවා හැරියේ යළි ඇසට පෙනෙන්නට වත් නො එන ලෙසට දන්වමින්.

වර්තමාන සමාජයේ දියුණුවත් සමගම හැමෝම කරන දේ රැල්ලට කරන තරුණ පිරිසක් අද වෙනවිට බිහිවෙලා තියෙන්නෙ. ඉතින් එවැනි දේ සිදු කලත් ඒ සඳහා හිතවත් වගේම විශ්වාසදායී පුද්ගලයන් සහභාගී කරවා ගැනීම තමාට මෙන්ම තම පවුලටම සුවදායී වනවා.

Leave a Comment