local news

කොහේදෝ ඉඳලා ඔයාලා දෙන්නා මගේ ලගට ඇවිත් අද ඔයාලගේ අම්මවත් අරගෙන මාව තනිකරලා යන්නම යනවා

ජීවිතේ කියන්නේ හරිම පුදුම තැනක්. අපි ජීවිතය විදින්නයි විදවන්නයි දෙකටම පුරුදු වෙන්න ඕන. ජීවත් වෙනවා කියන්නෙ ඒකට. හැමෝම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ විදින්න. ඒත් ඒ ගොල්ලන්ට අමතක වුණා දෛවය අපිට හැමදේම ලබා දෙන්න ලෑස්ති නෑ කියලා. ඉතින් කටුක අත්දැකීම් බොහොමයක් විඳින්නට සිදු වෙනවා. අලුත් පුද්ගලයන් ජීවිතයට හමු වෙනවා වගේම ඔවුන්ගෙන් වෙන් වෙන්නත් සිදුවෙනවා. ඒක තමයි කියන්නේ ජීවිතේ ජීවත් කරවනවා කියන එක.

පසුගිය දිනක අපිට අහන්න ලැබුණා හරිම සංවේදී පුවතක්. ඇත්තටම මේ දෙයින් උණුවන හදවතක් තියෙන හැම කෙනෙකුගේම නෙතට කදුලක් උනන කාරණයක් වුණා. අපි කැමති නෑ මේ වගේ දෙයක් හතුරෙකුටවත් සිදු වෙනවා දකින්න. නමුත් අපේ දෛවය කොතනක හරි ලියවිලා තියෙනවා නම් අපිට ඒක වළක්වන්නට බැහැ.

මේ කතාව අහන්න ලැබුණේ පොල්පිතිගම ප්‍රදේශයේ. විවාහක කාන්තාවක් තම දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කෙරුණා. ඒ ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක සිතා මෙලෙස රෝහල් ගත කෙරුණේ. ඉන් පසු රෝගයෙන් අසාධ්‍ය වුණු ඇය පොල්පිතිගම රෝහලෙන් පසුව නිකවැරටිය රෝහලටත් නිකවැරටිය රෝහලේ සිට කොළඹ රෝහලටත් ඇයව මාරු කර යවා ඇති බව සඳහන් වෙනවා.

ඇයට ඩෙංගු රෝගය වැළඳී නොමැති බවත් ඇය ඉතා දුර්ලභ රෝගයකින් පෙනී සිටි බවත් වෛද්‍යවරු පසුව තමයි සොයාගෙන තිබුණේ. මේ වන විටත් ඇය තම දරුවන් දෙදෙනා සමගින් මෙලොව හැර ගිහින්. ඇය ගේ දිවි අහිමි වීමත් සමගම දරුවන් දෙදෙනා සැත්කමක් මගින් ලබාගෙන ඇත්තේ. ඔවුන් සැත්කමක් මගින් ලබා ගන්නා විටත් ඔවුන් දෙදෙනාගේම ජීවිතත් අහිමි වී තිබුණා.

මෙම අතිශය සංවේදී ප්‍රවෘත්තිය ගැන බොහොමයක් සටහන් අපට මුහුණු පොතේ දැකගන්නට ලැබුණා. ඒ අසල්වැසියන්ගෙන් ඥාතීන් හිතමිතුරන් ගෙන් පමණක් නොව දරුවන් දෙදෙනාගේ පියා එසේත් නැතිනම් මියගිය කාන්තාවගේ සැමියා මුහුණු පොතේ පළ කළ සටහනක්ද තිබුණා. ඒ සංවේදී සටහන් පහතින් දැක්වේ.

කොහේදෝ ඉඳලා ඔයාලා දෙන්නා මගේ ලගට ඇවිත් අද ඔයාලගේ අම්මා වත් අරගෙන මාව තනිකරලා යන්නම යනවා. ඉතින් මං කොහොම නම් ඉවසන්නද මේ වේදනාව. සසරේ කොතැන හරි අපි ලොකු පවක් කරලා ඇති. නැතිනම් ජීවිතය පටන් ගද්දිම මේ විදිහට වරදින් නෑ. මං ඔයාලා තුන් දෙනා වෙනුවෙන් පින් දෙනවා කොහේ හරි හොඳ තැනක නැවත ඉක්මනින්ම ඉපදෙන්න කියලා. නිවාඩු ආවේ බබාලා දෙන්නා ගෙදර එක්ක යන්න බලාගෙන. ඒත් අද ඔයාලා තුන්දෙනාම මන් තනි කරලා යන්නම යනවා.

ඉතින් මෙවන් වූ සංවේදී පුවතක් ඇසෙන ඕනෑ ම සංවේදී හදවතක් ඇති නෙතට කඳුළක් උනන්නේ නිරායාසයෙන්. මේ දරුවන් දෙදෙනාටත් අම්මාටත් නිවන් සුවයම අත් වෙන්න වගේම මෙවන් වූ සංවේදී පුවත් මේ මිහිපිට නැවත අසන්නට නොලෙන්න කියලා අපි සැවොම එක සිතින් ප්‍රාර්ථනා කරමු.

Leave a Comment