local news

මගෙ ළඟ දාඩිය ගඳයි කියලා මට ලඟට එන්න දෙන්නෙත් නෑ බිරිඳටයි නැන්දම්මාටයි පහරදුන් පියල්ගේ ඇඟ කිලිපොලා යන පාපොච්චාරණය මෙන්න

පසුගිය දිනක තම භාර්යාවටත් නැන්දම්මාටත් පහරදුන් කතා පුවතක් අපට අසන්නට ලැබුණා. එම පහරදීමෙන් අනතුරුව මෙම සැකකාර පුද්ගලයා තම දරුවා සමගින් පළාගොස් තිබුණා. ඔහු පියල් වන අතර හමුදාවෙන් පලා ආ කෙනෙක්. මෙම පුද්ගලයාගේ භාර්යාව හර්ශා කලුආරච්චි ඇය ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක්. ඉතින් මෙලෙස භාර්යාවට පහරදුන් අවස්ථාවේ ඇයගේ දිවි එතැනම අහිමි වූ අතර නැන්දම්මා ද බරපතළ තුවාල සහිතව රෝහල් ගත කෙරුණා. පසුව පලා ගොස් සිටි සැකකාර පුද්ගලයා මොරවක පොලිසියට භාර වූ අතර මෙම සිද්ධියේ වගතුග පාපොච්චාරණය කලේ මේ අයුරින්.

මිතුරකුගේ නිවසේ තීන්ත ගෑමට උදව් කිරිම සඳහා පියල් සිය නිවසින් පිටවන විට වේලාව රාත්‍රී 8 පමණ වී තිබුණා. එම මිතුරාගේ නිවසේ ඉදිරි දිනයකදී කොටහළු මංගල්‍යය පැවැත්වීමට නියමිත අතර නිවස අලුත් වැඩියා කරන්නෙ ඒ වෙනුවෙනුයි. පියල් නිවසට එද්දී දොර ජනෙල් සියල්ල වසා තිබුණා. ඔහු සෙමින් මුළුතැන් ගේ පැත්තට යන්නේ බිරිඳ කුමක් කරන්නේ ද යන්න දැන ගන්නයි. ඇය දරුවාත් සමඟ නිදාගන්නෙ මුළුතැන්ගෙයි සිට දෙවනියට ඇති කාමරයෙ.

එහි ජනේලය අසලට ගිය පියල්ට ඇය දුරකථන සංවාදයක බව තේරුණා. ඒ බව ගණනකට නොගත් ඔහු මුළුතැන්ගෙයි දෙසින් නිවසට ඇතුළු වූයේ එහි දොර අගුලු ලා නොතිබුණු නිසයි. එහි විදුලි බල්බය අක්‍රීය බව ඔවුහු දැන ගෙන සිටියා. එයට අලුත් විදුලි බුබුලක් සවි කිරීමට සිතූ ඔහු සිය බිරියට අඬගසා විදුලි පන්දම රැගෙන එන ලෙස කිව්වා. ඒ කීමට සාර්ථක ප්‍රතිචාර දැක්වූ ඇය විදුලි පන්දම රැගෙන මුළුතැන්ගෙට පැමිණියා. ඉන් පසු දෙදෙනාගේ සංවාදයක් සිදුවුණා.
මේ ඔයා අර කවුරු එක්කද ෆෝන් එකෙන් කතා කර කර හිටියේ
පියල් මේ පැණය ඇසුවේ වැඩි ගණනකට නොගෙනයි. නමුත් හර්ශාගේ පිළිතුර නම් මෙතරම් සුන්දර වූයේ නැහැ.
ඔයාට මම කියලනෙ තියෙන්නෙ මම ලබන මාසේ ඔයාගෙන් දික්කසාද වෙන්න නඩු දානවා. මම කතා කර කර හිටියෙ කවුරු එක්කද කියලා කියන්න ඕනි නෑනේ.

ඇගේ වචන වලට පියල්ගේ හිත රිදුම් දෙන්නට ඇති. එහෙත් ඒ රිදුම් පරදවා ඔහුගේ සිතට දැඩි කෝපයක් පැමිණියා. ඒ සමගම ඔහුගේ දෑස් දිවෙන්නේ මෙසේ වෙතයි. එහි වූ පිහිය අතට ගන්නා පියල් හර්ශාගේ මුහුණට පහරක් එල්ල කලා. අම්මෝ මෙන්න මිනී මරනෝ ලෙසින් කෑ ගසාගෙන ඇය දොරෙන් එළියට පැන වැසිකිළියට දෙසට දිව්වා. ඇයට වැඩි දුරක් යන්නට නොහැකි වුණා. ඇය ජල කරාමය අසල ඇද වැටුණා. එතැන් සිට ඇය ආධාර ඉල්ලා කෑ ගසන්නට වුණා. මේ අතර පියල්ගේ දෑස දිවුවෙ කිතුල් පොල්ලක් දෙසටයි. එය අතට ගන්නා පියල් ඇයට පහර පිට පහර එල්ල කළා. ඉන්පසු හර්ශාගේ අම්මා එන්නේ මේ අතරෙයි.

උඹත් මේවට හවුල්. මගේ ගෑනිගේ හොර මඟුල් වලට උඹ තමයි උඩගෙඩි දෙන්නේ.
නැන්දම්මාටත් පහර පිට පහර එල්ල කළ පියල් තම දරුවාවත් රැගෙන පලා ගියා.
ඉන්පසු බරපතළ තුවාල ලැබූ නැන්දම්මා පොලිසියට ප්‍රකාශයක් කළ සිටියා .
මගේ බෑනා තමයි මේක කලේ. එයා මේ පැත්තෙ නෙවෙයි මොරවක. කපුවෙක් මාර්ගයෙන් කතා කරල තමයි මගේ දුව එක්ක එයා විවාහ වුණේ. එයා දැන් ඉන්නේ ආමි එකෙන් පැනලා කුලී වැඩ තමයි කරන්නේ කොයි වෙලෙත් දුවත් එක්ක රණ්ඩු දුවට හරියට ගහනවා.
පසුව පලාගිය පියල් කෙසේ හෝ අත්අඩංගුවට ගත් පොලිසියට ඔහු සියල්ල පාපොච්චාරණය කළා.

මම මෙයාව බැන්දෙ ප්‍රපෝසල් එකකින් . 2016 දී තමයි. එතකොට මම ආමි එකේ. මම එයාව බැඳලා එයාගේ ගෙදර ම පදිංචි වුණා. අපි දෙන්නා හොඳින් පවුල් ජීවිතේ ගෙව්වා. අපිට පුතෙක් ලැබුනා. එයාට අවුරුදු හතරයි.
මම කෑම්ප් එකේ ඉදලා නිවාඩුවට ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ තමයි. මට පඩිය ලැබෙන්නේ රුපියල් තිස් පන්දාහක්. ඒකෙන් විසිදාහක් ම මම එයාට එවනවා. මුල් කාලයේදී හොඳට හිටියට පස්සෙ සල්ලි මදි කියලා නිතරම මට කියනවා. මේක ඉවසගෙන ඉන්න බැරි වෙද්දි තමයි මම 2018 දී ආමි එකෙන් පැනලා වේ.
ඒ ඇවිත් මම කුලී වැඩ කරන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී මට මේසන් වැඩත් පුළුවන් වුණා. මෙහෙම ඉන්න අතරෙ මෙයා දම්පැල්ල පැත්තේ කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා මට ආරංචියක් ආවා. පස්සේ අපි විරසක උනා. එයා නිතරම වගේම ප්‍රතික්ෂේප කළා. මගෙ ළඟ දාඩිය ගදයි කියලා මට ලඟට එන්න දෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්නෙ දුරදිග ගියා. හැබැයි පස්සේ එයා සම්බන්ධය නතර කළා. නමුත් අපි අතරේ තිබුණු විරසක ගතිය එහෙන්මම තිබුණා. ඔය අතර තමයි මෙයා නුවර පැත්තෙ කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා මට ආරංචි වුණේ.

සැකකරු පියල් පවසන ආකාරයට මෙම නුවර කොල්ලා මිලිම්බඩට එන්නේ ටිපර් රථ රියදුරකු ලෙසිනි. ඇගේ නිවස අසළ පිහිටි ඇගේ සහෝදරියට අයත් ඉඩමේ පස් පිරවීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබුණේ මේ තරුණයා විසින්. ඇය ඔහු සමග හිතවත්කමක් ඇති කරගත්තේ දෙවැනි වරටත් සැමියාට පිටුපාමින්.

එයා ආයෙත් කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා දැන ගත්තම මට ඉහිලුම් නැතිව ගියා. මම උදේට වැඩට ගියාම එන්නේ රෑ වෙලා. එයත් වැඩට යනවා. ගිහින් මොනවා කරනවා ද දන්නෑ. මේ සම්බන්ධය පටන් ගත්තට පස්සේ එයා මාව ගණන් ගත්තෙම නෑ. ඒ ගැන ඇහුවම කිව්වා මාව දික්කසාද කරනවා කියලා. එයා දිගටම ඒකමයි කිව්වේ. මේ දෙසැම්බර් මාසයේ නඩු දානවා කියලා. ඒක නිසා එයා ගැන හොයන්න නැතුව ඉන්න කියලා . එදා නම වැනිදා ගෙදර එද්දි වෙලාව 10:30 විතර වුණා.ගෙයි දොරවල් වහලා නිසා පිටිපස්සෙන් ගිහින් බලද්දී එයා කාමරේට වෙලා අර කොල්ලත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා. ඇහුනෙ නෑ වගේ මම කුස්සියට ගිහින් එයාට ටෝච් එක අරගෙන එන්න කිව්වා. බල්බ් එක මාරු කරන්න. ඉවසගෙන ඉන්න බැරි තැන මම කෝල් එක ගැන ඇහුවා. එයා ඒ වෙලාවේ කිව්වා ඒව ගැන අහන්න එපා කියලා දික්කසාද වෙන්න ඉන්නේ නිසා. තමන්ගේ පවුල මේ වගේ කතාවක් කිව්වම ඉවසගෙන ඉන්න පුළුවන් කාටද සර්.
අම්මටයි දුවටයි දෙන්නටම ගහලා මම ගෙට ගිහින් ටික වෙලාවක් හිටියා . දරුවා හොදටම නිදි . එයා මේ කිසි දෙයක් දන්නෑ. මම පාන්දර එක හමාරට විතර දරුවත් වඩාගෙන ගෙයින් පිට වෙලා නෑ ගෙදරකට ගිහින් ඉඳලා පස්සේ ත්‍රීවිල් එකක් ගෙන්නගෙන මොරවක අපේ ගෙදරට ගිහින් හිටියා. පස්සේ තමයි මොරවක පොලිසියට ගිහින් බාර වුණේ.

මෙලෙස පොලිසියට පාපොච්චාරණය කළ පියල් පිළිබඳව අසල්වැසියන්ද ඔහුගේ ගුණ වයන්නට වුණා .
පියල් කාගෙත් හොඳ හිත දිනා ගෙන සිටිය කෙනෙක්. ඒ වගේම ඔහු දරුවාට බෙහෙවින් ආදරය කළ අතර නිවසේ සිටින බොහෝ අවස්ථාවලදී දරුවා සමඟ ආදරෙන් කල් ගෙවනවා.
නමුත් හර්ශාගේ පවුලේ අයනම් කියන්නෙ පියල් නිතරම කරදර කරන කෙනෙක් ලෙසයි. කවුරු කෙසේ කා වෙතට ඇගිල්ල දිගු කලත් අවසානයේදී හර්ශාගේ ජීවිතය විනාශ වුණා. ඒ වගේම පොඩි දරුවෙකුට අම්මා අහිමි වුණා.

Leave a Comment