local news

රටේ ම අවධානය යොමු වුණු කෝටිපති ව්‍යාපාරිකයාගේ දිවි ගමනේ සමුගැන්ම ගැන තොරතුරු එකිනෙක එළියට

කොළඹ 2 නවම් මාවත ප්‍රදේශයේ salon hisa care නම් කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු වන පැතුම් මල්ලවාරච්චි තිස් පස් හැවිරිදි තරුණයෙකි. මොහු විවාහක අයෙක්. මොහු පිළිබඳව පසු ගිය දිනවල බොහෝ සෙයින් කතා කරන්නට පටන් ගත්තේ මොහු විසින් තම බිරිඳට ඇයගේ උපන්දිනයට කිසි දා අමතක නොවන අපූරු තෑග්ගක් දුන් නිසායි. ඔහු පවසන ආකාරයට ඔහු කිසිදාක තම බිරිඳට උපන් දිනය නිමිති කර ගෙන තෑග්ගක් නොදුන් බවයි.

එබැවින් මෙලෙස ඔහු තෑගි කළේ බෙන්ස් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක්. ඉතින් මෙය මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සිතේ පවතින සිහිනයක් ය. එබැවින් මොහු තම බිරිඳව පුදුම කරවීමට මෙවන් වූ විශේෂ ත්‍යාගයක් පිරිනැමුවා. එය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ ශීඝ්‍රයෙන් ප්‍රචලිත වුණා.

Salon hisa care ආයතනයේ හිමිකරු වගේම ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාර කිහිපයක හිමිකරු වන පැතුම් මල්ලවාරච්චි නමැති මෙම තරුණයා රාත්‍රියේ කොළඹ සිට අනුරාධපුර ගල්කඩවල ඇලයාපත්තුව ප්‍රදේශයට ගියේ තම රූපලාවණ්‍යාගාරයක සේවය කරමින් සිටි විසි එක් හැවිරිදි තරුණියක් කැඳවා ගෙන ඒමටයි. ඇය මීට පෙර මෙම රූපලාවන්‍යාගාරයේ සේවය කර ඇති අතර පසුව ඇය යළිත් නිවස වෙත ආවේ එහි සේවය කිරීමට අකමැති බව දන්වමින්.

විසි එක් හැවිරිදි මෙම තරුණිය මව සමඟින් නිවස තුළට වී සිටියේ මෙම ව්‍යාපාරිකයා සමඟ නැවත යාමට අකමැත්තක් දරන නිසයි. එහි දී මව තම දියණියව තදින් අල්ලා ගෙන නිවස තුළම රැඳී සිටියා. එහි දී එම තරුණිය තරුණ ව්‍යාපාරිකයා සමඟ පැමිණීමට කැමැත්තක් නො දැක්වූ නිසා ඇයව බලහත්කාරයෙන් රැගෙන යාමට මොහු උත්සාහ කලා.


එම අවස්ථාවේ තරුණිය විසින් තම සහෝදරයාට කතා කළේ ඇයව බේරා ගන්නා ලෙසයි. ඇය මෙම ව්‍යාපාරිකයා සමගින් නැවත කොළඹ පිහිටි රූපලාවන්‍යාගාරයට නැවත යෑමට දැඩි සේ විරුද්ධත්වය පල කලා. එහි දී තරුණියගේ සොහොයුරා විසින් මෙම කෝටිපති ව්‍යාපාරිකයා වන පැතුම් මල්ලවාරච්චි වෙත තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එම අවස්ථාවේ මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඇලයාපත්තුව රෝහල වෙත රැගෙන යමින් සිටිය දී දිවි අහිමි වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් විසි එක් හැවිරිදි තරුණියගේ සොහොයුරා එනම් මෙම කෝටිපති ව්‍යාපාරිකයා ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය ප්‍රකාශ කළා. මෙම තරුණිය සහ ව්‍යාපාරික අතර අනියම් සම්බන්ධතාවක් තිබුණේ දැයි යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Comment