local news

අම්මේ තවත් නම් ඉන්න බෑ මම මෙහෙන් පැනලා එනවා මට හරිම කරදරයි

මල්ලවාරච්චිගේ පැතුම් 38 හැවිරිදි තරුණයෙකි. කුඩා කල සිටම අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දුන් ඔහු වේලක් නොකා වේලක් කනවා වෙනුවට කහට කෝප්පයක් ද නැති අවස්ථාවන් තිබුණා. මව්පිය නෑ කෙනෙකුගේ කිසි රැකවරණයක් ආදරයක් නොමැති නිසා ඔහු අන්ත අසරණ තත්ත්වයට පත්වුණා.

මව්පිය නෑ කෙනෙකුගේ නිසි රැකවරණයක් ආදරයක් නොලද ඔහුට රැකවරණය සලසන්නේ ඇලයාපත්තුව ගල්කඩවල ගල්පොත්තේගම ප්‍රදේශයේ නිවසක සිටි මවක්. කුඩා කල සිටම කරදඬු උස් මහත් වන තුරුම ඒ නිවසේ හැදී වැඩී කාබී ජීවත් වූ පැතුම් මල්ලවාරච්චිට ආදරය මේ මවගෙන් ලැබුණේ නොඅඩුවෙණි. තමන්ගේ දරුවෙකුට මෙන් ආදරය රැකවරණය කල නිසා පැතුම්ට තනිකම නො දැනෙන්නට ඇති.

අගහිඟ කම්වලින් පිරී කටුක ජීවිතයකට සමුදීමට මොහු නොකළ දෙයක් නැති තරම්ය. තමන් ජීවත් වන නරා වලෙන් ගොඩ ඒමට මොහු අනේකවිධ දේවල් සිදු කළා. ඔහුට අවශ්‍ය වී තිබුනේ කුඩා කල සිටම දුක් විදි තමා කෙසේ හෝ ජීවිතය ජයගත යුතුයි කියා. අනුරාධපුර යනු ශුෂ්ක බිමක් සහිත දුෂ්කර පළාතකි. ගල්පොත්තාගම යනු ඊටත් වඩා දුෂ්කර කටුක දිවි පෙවෙතක් ගත කරන මිනිසුන් සිටින පළාතකි. ඉතින් පැතුම් ට නොයෙක් අගහිඟකම් වලට දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිදුවිය.

කාලය කෙමෙන් කෙමෙන් ගලා ගියා. පැතුම් ගල්පොත්තාගම ප්‍රදේශයේ තමාට ආදරය රැකවරණය ලබා දුන් මවටත් පවුලේ නිවැසියන්ටත් සමුදී කොළඹට එන්න තීරණය කළා. ඒ අනුරාධපුරට වී දුක් විඳිනවාට වඩා කොළඹ සිට කුමක් හෝ දෙයක් සිදු කිරීමට හැකි වේ යැයි යන අධිෂ්ඨානයෙනි. කොළඹ සිට සිදු කළ හැකි දේ බොහොමයි. ගොඩක් මිනිසුන් තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කොළඹට යන්නෙ ඒ නිසයි.

කුඩා කල සිටම ගමෙහි ජීවත් වූ පැතුම් මල්ලවාරච්චිට කොළඹ ගෙන්දගම් පොළවට පා තැබූ විට කරන්නට නොයෙකුත් දෑ තිබුණා. කොළඹට ගිය විට දින කීපයකින් පසු මොහු සිදු කළේ මුදල් හොයන ක්‍රම වේදයන්. කුඩා කල සිට ම කටුක ජීවිතයක් ගත කළ පැතුම් ට අවශ්‍ය වී තිබුණේ හොඳින් ජීවිතයක් ගත කිරීමටයි. එක් මාර්ගයක් අධ්‍යනය කළ පැතුම් අවසානයේ දී මුදල් සොයන ක්‍රම වේදයක් සොයා ගත්තා.කාලය ගත වුණා. කෙලෙස හෝ සොයා ගත් මුදල් වලින් ඔහු කොළඹ හා නාවින්න ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන සැලෝන් දෙකක් ආරම්භ කළා.

සැලෝන් යනු නිකම්ම නිකම් ව්‍යාපාරයකට එහා ගිය ඒ මුවාවෙන් සමාජයේ හෙලා දකින දේ කරන තැනක්. ඉතින් එය සමාජයෙන් මුවාවී රහසේ සිදු වන දෙයක්. උඩින් බැලූ විට රූපලාවන්‍යාගාරයක් වුවත් එහි සැබැවින්ම මුදල් ලැබෙන ක්‍රමය සමාජ විරෝධී ක්‍රියාවකි. නමුත් මේ රටේ තිබෙන සෑම රූපලාවන්‍යාගාරයක්ම ඒ ආකරයෙන් නෙමෙයි. ඉතින් කාලයාගේ ඇවෑමෙන් පැතුම් කෝටිපතියෙක් බවට පත්වෙලා. මොන ව්‍යාපාරයෙන් වුවත් ඔහු දැන් කෝටිපතියෙක්. මෙලෙස කෝටිපතියෙකු වූ පැතුම් තම බිරිඳගේ උපන් දිනය නිමිතිකොට ගෙන කිසිදාක අමතක නොවන බෙන්ස් රථයක් තෑගි දුන්නේ ඔහුගේ ධනවත් කම නිසයි.ඒ පිලිබදව සමාජ ජාලවල කතාබහ කරන්නට වූයේ රටේ සියලු පෙම්වතුන්ගේ කනට අස්වසිල්ලක් නොදෙමිනි. ඉස්සර කහට කෝප්පයක් බී ගන්නටවත් වත්කමක් නොමැති පැතුම් මල්ලවආරච්චි අද සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන තරුණයෙකි.

කුඩා කල සිටම ඔහුට අවැසි වී තිබුණේ තමා සිටින දුක්ඛිත ජීවිතයෙන් වැළකී සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටයි. ඉතින් ඔහුට දැන් එයට වරම් ලැබී ඇත. කුඩා කල සිටම කාගේත් හව්හරණක් නොමැති වී තිබුණු පැතුම් ට මවක් සේ සලකන්නට ආදරය රැකවරණය ලබා ලබාදෙන්නට සිටි අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ මව අමතක වූයේ නැත. එදා ගැටිස්සියෙක්ව සිටි ඒ නිවසේ සිටි නැගණිය දැන් තරුණියක්. ඔවුන් සොයා ඔහු ගල්පොත්ත ගමට ආවේ ඒ නිසයි.
කොළඹින් හොඳ රැකියාවක් සොයා දෙන්නම් ලෙස පවසා නංගී ගේ සිතෙහි සිහින මාලිගා හැදුවේ පවුලම මවිතයට පත් කරමිනි. කුඩා කල සිටි පුංචි කොලූ ගැටයා දැන් කෝටිපතියෙකි. ඔහුගේ කරෙහි දමා තිබෙන මාලය ඒ ගමේ මිනිස්සුන්ට හිතා ගන්නටවත් බැරි තරම් විශාල එකක් විය. මිනිස්සුන්ට මේ සිතා ගන්නටවත් නොහැකි තරම් ඔහු අද වන විට ධනවත් ව්‍යාපාරිකයෙක්.
තම දියණිය කුඩා කල සිටම රැකබලාගත් තරුණයා සහෝදරයෙකු සේ මෙලෙස රැකියාවක් සොයා දීම සම්බන්ධයෙන් මෙම මව පැතුම් කෙරෙහි දැඩි සෙනෙහසක් දැක්විය. ඇය තම දියණියව පැතුම් ට බාර දෙන්නේ සහෝදරයෙකුට බාරදෙන මෙන් විශ්වාසයෙනි. කොළඹට පැමිණි විසිඑක් හැවිරිදි මෙම තරුණියට පැතුම් අයියාගේ රැකියාවන් පිළිබඳව හොඳින් අවබෝධ විය. පැතුම් සතුව තිබූ මුදල් වලට කරන්නට නොහැකි වූයේ මළවුන් නැගිට වීමට පමණි. ඒ තරමටම ඔහු කෝටිපතියෙක් වී හමාරය.

රැකියාවක් සොයා දෙන මුවාවෙන් තම දියණියව කොළඹට අරන් ගිය පැතුම් පිළිබඳ විශ්වාසය තබා අනුරාධපුරයේ මව ඇහැ පියා ගත්තේ ඇගේ හිතේ පැතුම් පිලිබදව සැකයක් නොමැති නිසයි. හදිසියේ ම ඇයට තම දුවගෙන් දුරකතන ඇමතුමක් ලැබෙනවා.
අම්මේ මට මෙහෙ ඉන්න හරි කරදරයි මට තවත් මෙහෙ ඉන්න බෑ මම මෙහෙන් පැනලා එනවා
තම දියණිය හඩා වැටෙමින් කියූ කතාව ඇසූ මවට උන්හිටි තැන් අමතක විය. තමන්ගේ දරුවෙකුට මෙන් ආදරයෙන් සලකපු මේ පැතුම් තම දරුවට හොද රැකියාවක් ලබා දෙන පවසා ගෙන ගියේ කුමකටදැයි ඇයට සිතාගත නොහැකි විය. ඉන්පසු තරුණිය පැතුම්ට හොරා ගමට ආවෙ නැවත කොළඹ යාමටනම් නොවේ. පැතුම් ඇය නොමති බව දැනගත් විට නිතර නිතර කතා කර කොළඹ එන ලෙස පැවසුවත් ඇය යාමට අකමැති වූ හෙයින් තර්ජනය කරන්නටද විය.

විසි එක් හැවිරිදි තරුණියට පැතුම්ගෙන් ගැල්වීමක් නොවීය. අවසන් වරට තර්ජනය කරමින් දුරකතනයට ඇමතුමක් ලබා දෙන්නේ අනුරාධපුර ඇලයාපත්තුව නිවස ඉදිරිපිටදීය. පැතුම් බලහත්කාරයෙන් ඇයව රැගෙනයන්න දගලන අවස්ථාවේ ඇය මව ලගම සිට යාමට ප්‍රතික්ශේප කරන්නට විය. අනේ අම්මේ මාව බේරගන්න කියා කෑ මොර දෙන්නට විය. පැතුම්ගේ මාරයා ආවේ ඉන්පසුවයි. විසි එක් හැවිරිදි තරුණියගේ වැඩිමල් සහෝදරයා ආවේ ඉන්පසුවයි.
පැතුම් සහ සොහොයුරා අතර බහින් බස් වීමකින් පසුව තරුණියගේ සහෝදරයා අතට මන්නයක් දුන්නේ මාරයා විසිනි. මන්නයෙන් පහර කෑ පැතුම් මිදුලට දුව ගොස් විසි වුණේ වැට අද්දරටය. ඉන්පසු පැතුම් සමගින් පැමිණි මිතුරන් ඔහුව රැගෙන රෝහලට ගිය අතර කෝටිපති පැතුම් තමා හරි හම්බ කරගත් සියලු දේ දමා යන්නට ගොස් ඇත. තරුණියගේ සොහොයුරා පොලිසිය විසින් අතඩංගුවට ගත් අතර මෙම 21 හැවිරිදි තරුණිය පැතුම්ගේ කරදරවලින් සදහටම මිදී ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Comment