local news

පිය පුතු දෙදෙනා පරණගම් ඔයේ සැඩ පහරට හසු වෙයි

ස්වාභාවික විපත් කියන්නේ මිනිසුන්ගේ බලපෑමකින් තොරව සිදු වන දෙයක්. විටෙක එය මිනිසුන්ගේ අනුවණ ක්‍රියාවන් නිසා සිදු වන දෙයක් හැටියටත් කියන්න පුළුවන්. ඒ මොකද නායයාම් වැනි ස්වභාවික විපත් සිදු වෙන්නෙ ගස් කැපීම වැනි මිනිසුන් විසින් ම සිදු කරන අහේතුක දේවල් නිසායි.
නායයාම්, ගංවතුර වැනි ස්වභාවික විපත් මේ දිනවල අධික වර්ෂාව නිසා දැක ගන්න පුළුවන්. ඉතින් ඒ තුළින් බොහොමයක් මිනිසුන්ගේ ජීවිත අකාලයේ විනාශ වනවාත් සමගම මිනිසුන් පීඩාවට පත්වී තිබෙනවා. ඔවුන් එලෙස අසරණ වන්නේ මෙම ස්වභාවික විපත් නිසා. එය කිසිවකුටත් වළක්වා ගන්නට බැහැ.

ගංගාවල් ඔයවල් පිටාර ගැලීමෙන් පහත් බිමි යට වෙන්නේ මිනිස්සුන්ට උන් හිටි තැන් නැති කරලයි. මේ දිනවල ජලාශ වලට ජලාශවලට යාම් සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතුයි. අධික වර්ෂාවත් සමඟම ජලාශ ජලයෙන් පිරී ඉතිරී තිබෙනවා. ඒ හේතුවෙන් මිනිසුන් අකාලයේ විනාශ වී යනවා.
මේ කියන්න යන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමකි. කුලියාපිටිය පරණගම විලපොල ප්‍රදේශයෙත් පියකු සහ පුතෙකු දියේ ගසා ගෙන ගොස් තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් ම සමත් මෙම දරුවා උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවසට පැමිණෙන අවස්ථාවේ මෙලෙස ජල පහරට ගසා ගෙන ගොස් තිබෙනවා.

ඔහු සමගම ඔහුගේ පියාත් මෙලෙස ජල පහරට ගසා ගෙන ගොස් තිබෙනවා. මෙලෙස පියා සහ පුතා පරණගම් ඔයටයි ගසා ගෙන ගොස් ඇත්තේ. තම පුතු හා ස්වාමිපුරුෂයා නිවසට නො පැමිණි බවට බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කුලියාපිටිය පොලිසිය කළ සොයා ගැනීමකට අනුව තමයි ඊයේ අලුයම පියාගේ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇත්තේ.

නමුත් මේ දරුවාගේ සිරුර සොයා ගැනීමට නො හැකි වුණා. ඔරු පාරු භාවිතයෙන් ප්‍රදේශවාසීන් දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. නමුත් ඔවුන් විශ්වාස කරන්නේ දරුවා සැඩපහරට ගසා ගෙන යන්නට ඇතැයි කියා.

අකුරු කරන්නට ගිය පුතුටත්, තම දරුවාට ඉගෙන ගන්නට විරියක් වුණු පියාටත් සිදු වූයේ අවාසනාවන්ත ඉරණමකි. එය කවුරුන් මෙලෙසින් බලාපොරොත්තු වූවාද. තම සැමියා සහ පුතා නිවසට එන තුරු ඒ මව බලා ඉන්නට ඇති. ඇය එසේ තනිකර මේ දෙදෙනා මෙලෙස ජීවිතය හැර දා ගියේ දිය පහර රකුසු වේශයක් ගත් නිසා වෙනි.

Leave a Comment