local news

14 හැවිරිදි සිසුවා පස් හැවිරිදි දැරියට කල දේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ අහිතකර පැති කඩක්

මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය සමාජය තුල දැන් නම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. පාසල් යන දුවා දරුවන් සිටින නිවසක මේ දිනවල නම් අන්තර්ජාල පහසුකම් අනිවාර්යෙන්ම දක්නට ලැබෙන දෙයකි. එහි හොඳ පැතිකඩ වගේම නරක පැතිකඩකුත් තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය තුළින් සිදු වූ අහිතකර ප්‍රතිඵලයන් මේ දිනවල නිතර නිතර දක්නට ලැබෙනවා.
දරුවන් විවිධාකාරයි. සමහරක් හොඳ දේ ගන්න නුවණැත්තන් වන අතර තවත් සමහරක් එහි නරකද ලබාගන්නවා. ඉතින් හොඳ දේත් නරක දේත් තිබෙන තැනකින් හොඳ දේ පමණක් පෙරා ගන්නට සමර්ථයන්ද මේ තාක්ෂණය දියුණු වූ කාලයක දැක ගන්නට සිටිනවා. මොන තරම් ආර්ථික අපහසුතා තිබුනත් මාර්ගගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය සඳහා උපාංග දරුවාට ලබා දුන්නද දෙමාපිය වගකීම එතැනින් අවසන් නොවේ. මොන තරම් බාධක මැද වුවත් දරුවන් නොමඟ යෑමට ඇති සෑම ඉඩක් ම අසුරා දරුවන්ගේ සියලු කටයුත්තක් පිළිබඳවම සුපරීක්ෂාකාරී වීම දෙමව්පිය වගකීමක් මෙන්ම යුතුකමක් ද වනු ඇත.

මේ කියන්න යන්නේ එවැනි තාක්ෂණය සමගින් පසුපස හඹා ගිය දරුවෙකුගේ ජීවිතයේ වෙනස් පැතිකඩක්. වයස අවුරුදු දාහතරක දරුවෙක් සිදුකළ මහා අවාසනාවන්ත ක්‍රියාවක්. මෙවන් වූ කුඩා දරුවෙක් විසින් වයස අවුරුදු 5යි මාස 10 ක දැරියක් අපයෝජනය කර තිබෙනවා. ඉකුත් අගෝස්තු මාසයේ දිනක පවුල් ආරවුලක් හේතුවෙන් සැකකාර දරුවා හා ඔහුගේ 11 වියැති බාල සොහොයුරාත් මෙහි සදහන් කරන පස් හැවිරිදි දැරිය පදිංචිව සිටින සැකකාර දරුවාගේ මිත්තණියගෙ නිවසට ගොස් සිටියදී එම නිවසේ දිවි ගෙවූ දැරියක නිරන්තරයෙන් අපයෝජනයට ලක් ව තිබූ බවට සිදු කළ විමර්ශනයේදී හෙළි වූ බවයි. මෙම දරුවාගේ ක්‍රියා කලාපය පිලිබදව එම දරුවාගේ මව කැදවා දැඩි දෝෂ දර්ශනයට ලක් කළා.

මේ වන විට අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයන් සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය. ඒ වගේම පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන වැඩිමල් සිසුන් කිහිපදෙනෙකු ගූගල් හා යූටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බව ලබා දුන් උපදෙස් අනුව මෙම 14 හැවිරිදි සිසුවා සිය ටැබ් පරිගණකය ඔස්සේ එම අසැබි දසුන් මාස තුනක පමණ කාලයක් නරඹා ඇති බවට තොරතුරු අනාවරණය විය.

ඔහු තම මවගේ සොහොයුරාගේ වයස අවුරුදු 5ක දැරිය සමග සෙල්ලම් කරමින් එම අසභ්‍ය දසුන්වල් ඇති දෑ අත් හදා බැලූබව මෙම සැකකාර දරුවා පවසා තිබුණා.
එමෙන්ම සුදුසු භාරකාරීත්වයට පැවරීම වෙනුවෙන් විමර්ශනය කරනතෙක් දරුවා පරිවාස ළමා නිවසේ රැදවීමට නියෝග කරන මෙන් ඉල්ලා සිටියා.
පාර්ශව කිහිපයේම කරුණු පිළිබඳ අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර දරුවාගේ මව කැඳවා දරුවන් අන්තර්ජාලය සමගින් කරන ගනුදෙනු පිළිබඳව දෙමාපියන් ලෙස දක්වා තිබෙන නොසැලකිල්ල හේතුවෙන් තමන්ගේ දරුවාගේ අනාගතය තමන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළා. එමෙන්ම දරුවෙකු එම වයසේදී මෙවැනි තත්ත්වයකට පත්වීම ඍජුව වගකිව යුතු බව සදහන් කර සිටියා. දරුවන් යනු දෙමාපියන් විසින් මෙහෙය විය යුතු පිරිසක් බවත් පවසමින් පොලීසිය ඉල්ලා සිටි පරිදි වීඩියෝ සාක්ෂි ලබා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරියට නියම කලා.

දරුවාට රුපියල් ලක්ෂ හතරක ශරීර ඇපයක් නියම කරමින් එම ඇපය දරුවාගේ මව විසින් තැබිය යුතු බවට කොන්දේසි නිකුත් කර තිබුණා. දරුවා මානසික සෞඛ්‍යය සායනයකට යොමු කරන ලෙසද එහිදී පරිවාසයට නියෝග කර පූර්ණ පරිවාස වාර්තාවක් ඉදිරි දිනට දීමට ඉදිරිපත් කළ යුතු බවට නියම කරමින් සැකකාර දරුවා පරිවාස භාරයේ රඳවා තැබීමට නියම කලා.

දරුවන්ගේ වැරදි වලට දෙමව්පියන් වගකිවයුත්තන් වීම නීත්‍යානුකූල සාධකයක් වුවත් තම දරුවන් පිළිබඳව කෙතරම් අවධානයෙන් සිටියත් ඔවුන් නොමඟට යන්නේ ඉතාම සුළු කාලයකිනි. ඉතින් එම නිසා දරුවන් කෙරෙහි උකුසු ඇසින් බලා ඔවුන්ව වැරදි මාර්ගයෙන් යහ මගට ගැනීම දෙමාපියන්ගේ වගකීමයි.

Leave a Comment